මිනී මතින් බලය රැක ගැනීමට උත්සාහ කරන රාජපක්ෂ රෙජිමය


නිරෝෂන් සුදුසිංහ විසිනි


2022/01/11 දින සැලසුම් සහගත ලෙස බොරැල්ල කතෝලික දේවස්ථානයකට බෝම්බයක් තබා යම් විනාශයක් කොට රටේ ජනතාව භීතියට පත් කොට රඟ දැක්විමට සුදානම් වූ නාටකයේ සුලමුල කාදිනල් පියතුමන්ගේ ප්‍රකාශයන්ට අනුව ඉදිරියේදී රට හමුවේ දිග හැරෙනු ඇත.


මේ වන විට පොලීසිය භාර ඇමති සරත් වීරසේකර සහ පොලිස් පති රාජපක්ෂ රෙජිමයේ න්‍යාය පත්‍රයට අනුව පරික්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින අතර අත්‍යාවශ්‍ය cctv දර්ශන පිලිබද මගහරිමින් පරික්ෂණ වෙනතකට යොමු කරවීමට සැලසුම් සහගත ලෙස කටයුතු මෙහෙයවන බව අපට පැහැදිලි වන්නෙමු.

අගරදගුරු කාදිනල් පියතුමන්ගේ ප්‍රකාශයන්ට අනුව සත්‍ය තොරතුරු වසන් කිරිම සහ පරික්ෂණ සදහා පල්ලියේ  වසර දාහතරක් පුරාවට සේවය කල අහිංසක මිනිසෙකු අත්අඩංගුවට ගෙන ඔහුව පිඩාවට පත් කරමින් විවිධ බොරු  සාක්ෂි නිර්මාණය කරමින් එම පුද්ගලයාගන් අත්සන් සටහන් ලබාගෙන පරික්ෂණ වෙනතකට යොමු කරවීමට සැලසුම් සකස් කරමින් සිටින බව පෙනීයයි.

රාජපක්ෂ රෙජිමයේ ගිලිහී ගිය ජනප්‍රියත්වය රැක ගැනීමට සහ රට තුල ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය රටවැසියාගේ මනසින් වෙනතකට යොමු කරවීමටත් මෙවැනි සාහසික දෑ දිනෙන් දින වර්ධනය කරමින් සිටි.
රාජපක්ෂ රෙජිමයේ බල තණ්හාවට ආගමක, ජාතියක පමණක් නොව  මිනිස් ජීවිතයක වටිනාකම ද ශතයකට මායිම් නොකරන බව ඔවුන්ගේ ඉතිහාසය සාක්ෂි දරයි.

ආගම් වාදය, ජාති වාදය පෙරටු කරගත් රාජපක්ෂ රෙජිමය රට දිනෙන් දින අගාධයකට ඇද දමනු ඇත.
සමානාත්මතාවය නැති කොට  වෛරී ආගම් වාදය පතුරවමින් ජාතීන් අතර අසමගිය ඇති කොට බලයට කෑදර කරමින්, පොදු ජනතාව භීතියට පත් කරමින් සිටින පාදඩ රාජපක්ෂ රෙජිමය අතුගා දැමිමට අපි පෙළ ගැසෙමු. පිඩිත ජනතාව නගා සිටුවීමට ප්‍රතිපත්ති ගරුක, විනය ගරුක සහ සමානාත්මතාවය ඇති රාජ්‍ය පාලනයක් ගොඩ නගමු.

Loading