අරුණි සමරකෝන් මෙම ලිපියේ මුලිකම අරමුණ නම්, ශ්‍රී ලංකාව තුල නව දේශපාලනයක් ආරම්භ කල හැකිවේද යන්න ස්ත්‍රීවාදී ප්‍රවේශය යටතේ විචාරශිලිව විමර්ෂණය කිරීමය. එහිදී ප්‍රධාන දේශපාලන ධාරාව දෙස මෙන්ම විකල්ප දේශපාලනය වෙත ද අවධානය යොමු වේ. මෙම ධාරාදෙකම කේන්ද්‍රගත වන්නේ පිතෘමුලිකත්ව දේශපාලනය සමඟ වන අතර ලිබරල් ධනේශ්වර ක්‍රමය තුල වන ජාතික රාජ්‍ය පවත්වා ගනිමින් , සහ ධනේශ්වර රාජ්‍ය ක්‍රමය වෙත සංශෝධන ගෙන එම වෙනුවෙන් පමණක් මෙම ධාරා දෙකම අවධානය යොමුකර ඇතිබවට මගේ කියවීම වේ. එසේම මෙම ධාරා දෙක එකිනෙකාට සෘජුව විරුද්ධ වීම නොව , එකිනෙකා පෝෂණය කරමින්, පරායත්ත දේශපාලනයක නිරත වේ.…