ගම්වාසීන් ලෙස ව්‍යාජ පොස්ටර් ව්‍යාපාරයක් දියත් කල ATG ආයතනය ට සැබෑ ගම්වැසියන්ගෙන් අමතක නොවන පාඩමක්…..
ATG ආයතනයේ කුලී මැරයන් ගම්වාසීන් විසින් එලවා දමයි.
ව්‍යාජ පෝස්ටර් 2000 ගම්වැසියන් භාරයට ගෙන විනාශ කරයි….
ATG ආයතනය තම බංකොලොත්භාවය වසාගැනීමට කල තවත් නින්දිත උත්සාහයක් ගම්වැසියන්ගේ මැදිහත්වීමෙන් ව්‍යර්ත කල ඇති බව අපවෙත වාර්තා වේ.
2021.12.01 දින අළුයම් කාලයේ ATG ආයතනයේ කුලී කරුවන් පිරිසක් ගම්වැසියන් ලෙස ලියූ පෝස්ටර් ප්‍රදේශය පුරා ඇලවීම සිදු කරමින් සිටියදී ගම් වැසියන් විසින් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ATG ආයතනයේ මුදල් ලබාගෙන ව්‍යාජව ගම්වැසියන් ලෙස පෙනීසිට ඇති බවයි .තව දුරටත් ප්‍රශ්න කිරීමේදී මොවුන් ATG ආයතනයේ සේවකයින්ද නොවන බව ඔවුන් විසින්ම ප්‍රකාශ කර ඇත.
අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති මෙම කුලී කරුවන් පාපෝච්චාරණය කර ඇත්තේ ආයතනයෙන් තමාට ලබාදුන් මුදල් ගෙන මෙලෙස ව්‍යාජ ගම්වැසියන් ලෙස සහ ATG ආයතනයේ සේවකයින් ලෙස පෙනී සිටිමින් පෝස්ටර් ඇලවූ බවයි.
මේ පිලිබඳ වහා ක්‍රියාත්මක වූ ගම්වැසියන් කුලී කරුවන් ගස්බැඳීමට සූදානම් වූ විට ඔවුන් හඬා වලපෙමින් තමා වරදක් කල බවත් , තමා ඇලවූ සියලු පෝස්ටර් ඉරා දැමීමට කටයුතු කරන බවත් පවසා ඇත.
ව්‍යාජ ලෙස ගම්වැසියන් ලෙස පෙනී සිටි පිරිස ඇලවූ පෝස්ටර් සියල්ල ඉරාදැමීමෙන් පසු ඔවුන් සතුව තිබූ තවත් පෝස්ටර් 2000 පමන ගම්වැසියන් ඉදිරියේම ගිනිතබා විනාශ කල පසු ATG ආයතනයේ කුලීකරුවන් එලවා දැමීමට ගම්වැසියන් කටයුතු කර ඇත.