Kusumsiri Wijayawardena උඩරට මංගල ඇඳුමෙන් සැරසෙන මනාලියන් පළඳින ආභරණ අතර “අගස්ති පබළු මාලය” ප්‍රධාන තැනක් ගන්නවා. මේ “අගස්ති පබළු මාලය” රතු පැහැයට හුරු තද තැඹිලි පැහැයක් ගන්නවා. මේ නිසා එය ආභරණ අතර කැපී පෙනෙනවා. අගස්ති කියන්නේ අර්ධ මැණික් විශේෂයක්. අගස්ති පබළු මහනුවර රජ කරපු නායක්කර් රජ කාලේ අපේ රටේ ප්‍රචලිත වුණු බව තමයි සාමාන්‍ය පිළිගැනීම. අදින් අවුරුදු 2700 – 2900 කට පෙර මහා ශිලා සංස්කෘතිය පැවති කාලෙත් අපේ කාන්තාවන් අගස්ති මාල පැළඳි බව පුරාවිද්‍යා කැණීම්වලින් හෙළි වූ කරුණක්. උඩරට මුල් ඇඳුමේ අගස්ති උඩරට මඟුල් ඇඳුමේ ඇති අලංකාර පෙනුම නිසා ම…