ATG පාලකයින් ගේ අනීතික ක්‍රියා පිලිබඳ පොදුදේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයට පැමිණිල්ලක්.

ATG වෘත්තීය සමිති මර්ධනය පිලිබඳ දිවයිනේ සියළු වෘත්තීය සමිති දැනුවත් කෙරේ….

වතුපිටිවල ATG නිටිං ආයතනයේ සේවකයින් විසින් වාණිජ හා කාර්මික සේවක සංගමයේ  ශාඛාවක් පිහිටුවීම හේතුකොටගෙන එයට මූලිකත්වය ගත් සේවකයින් 16 දෙනෙකු අසත්‍ය චෝදනා පදනම් කරගනිමින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවයෙන් නෙරපා හැරීම ට කලමණාකාරීත්වය ගත් අනීතික තීන්දුව පිලිබඳ සියළු වෘත්තීය සමිති දැනුවත් කිරීම මේ වනවිට ආරම්භ කරඇත.

මේ යටතේ දිවයිනේ  රාජ්‍ය අංශය, පුද්ගලික අංශය සහ අර්ධරාජ්‍ය අංශයේ සේවක නියෝජනයක් සහිත විශාලතම වෘත්තීය සමිති එකමුතුවක් වන පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මද්‍යස්තානය හමුවෙමින් ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාව පිලිබඳ දැනුවත් කරමින් ඇත.

වෘත්තීය සමිති කඩාබිඳ දැමීමේ පාලකයින්ගේ උත්සාහයන් පරාජය කිරීම සඳහා සියලු වෘත්තීය සමිති එක්ව පොදු වැඩපිලිවෙලක් දියත් කිරීමටද නියමිතය.

Loading