ATG වෘත්තීය සමිති මර්ධනය පිලිබඳ  දේශපාලන අධිකාරිය දැනුවත් කෙරේ…

විජේපාල වීරකෝන් විසිනි

වතුපිටිවල ATG නිටිං ආයතනයේ සේවකයින් විසින් වාණිජ හා කාර්මික සේවක සංගමයේ  ශාඛාවක් පිහිටුවීම හේතුකොටගෙන එයට මූලිකත්වය ගත් සේවකයින් 16 දෙනෙකු අසත්‍ය චෝදනා පදනම් කරගනිමින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවයෙන් නෙරපා හැරීම ට කලමණාකාරීත්වය ගත් අනීතික තීන්දුව පිලිබඳ දේශපාලන නායකයින් දැනුවත් කිරීම මේ වනවිට ආරම්භ කරඇත.

කිසිදු දේශපාලන පක්ශයකට සම්බන්ධ නොමැති ස්වාධින වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමය කිසිදු පක්ශ බේධයක් නොමැතිව සියලු පක්ශ නියෝජනය කරන නායකයින් හමුවෙමින් ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාව පිලිබඳ දැනුවත් කරමින් ඇත.

දේශපාලන නායකයින් ලෙස මේවනවිට,

1)  හිටපු ජනාධිපතිතුමිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය.

2) නාගරික සංවර්ධන, වෙරළ සංරක්ශණ, සහ අපද්‍ර්ව්‍ය කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා

3) ගම්පහ දිස්ත්‍රික්පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර මහතා

4) එක්සත් ජාතික පක්ශ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා

5) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය

6) පලාත් පාලන නියෝජිතයින් රැසක්

හමුවීමට වාණිජ හා කාර්මික සේවක සංගමය කටයුතු කර ඇත.

සියලුම දේශපාලන නායකයින් ATG පාලකයින් ගේ මෙම අත්තනෝමතික ක්‍රියාව අනුමත නොකරන අතරම ඒ සඳහා මැදිහත්වී කටයුතු කිරීමටද පොරොන්දු වීඇත.

මේ පිලිබඳ කම්කරු ඇමතිවරයාගේ විශේෂ අවධානය යොමු කිරීමටද ඔවුහු කටයුතු කරන බව පවසා ඇත .

Loading