කුරුඳු මැටි කොකා / දුඹුරු මැටි කොකා / රතු-බොර මැටි කොකා / Cinnamon Bittern / Chestnut Bittern—පිරිමි පක්ශියා

ජගත් ගුණවර්ධන විසිනි

මෙම පක්ෂියාගේ පිරිමි සතා පහත දක්වන ලක්ෂණ දරයි.
+ හිස රතු-දුඹුරු (රතු-බොර​) පාටින් යුතුය​.ඇතැම් අයගේ හිස මුදුන අලු පාටකින් යුතුය​.
+ පිට​,පියාපත් සහ වලිගය රතු-දුඹුරු (රතු-බොර​) පාටින් යුතු නමුත්,පියාපත් ආවරන පිහාටුවල පාට අනිත් කොටස් වලට වඩා ලා පාටකි.
+ ශරීරයේ පහල කොටස් ලා රතු-දුඹුරු පාටින් යුතුය​.
+ නික්ට සහ උගුර සුදු හෝ ලා කහවන් හෝ ලා දුඹුරු-කහ පාටය​.
+කහ පාට හොටයේ ඉහල කොටසේ පෘශ්ථීයව තද පැහැතිය​.
+ ඇස් කහ හෝ තැඹිලි පාටින් යුතුය​.
+ පාද දුර්වර්න කල හෝ කොලවන් කහ පාටය​.

මෙරටින් හමුවන මැටි කොක් විශේශ අතරින් පිරිමි සහ ගැහැනු සතුන් අතර වඩාත් වෙනස් වර්න රටා පිහිටන්නේ මේ විශේශයේය​.මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ පරිනත පිරිමි පක්ශියෙකි.

Loading