අරුණී සමරකෝන් විසිනි
මගේ නම ප්‍රේමවතී
පිරිමි මට දුන්
රුප රාජිනි
කිරුළ
ඔවුන් ම උදුරා
දැමුවා
මරා මාවද
සොයා ගිය නිසා
විමුක්තියේ හඬ
ප්‍රේමවතී මගේ නම
ඉසිප්‍රියා
නුඹට වෙඩි තැබූ
පිරිමින් ම
මාගේ විරෝධය මැද
දුෂණ කළා
විමුක්තියේ හඬ
කියවූ නිසා
ඔබ දෙපළ දන්නේ ද
මම තමා රාජිනි
මර්ධනයට විරුද්ධව
කතා කී මා
ලෙයින් තෙත් කර
නිහඬ කළා
කලක් මා සමඟ
සිටි ඒ පිරිමි සගයන්ම
ගියේ සටන ට
ඇවිලුණු මගේ මිනිසුන් ගේ
ගිනි නිවන්න
මගේ දෑත් ද පිලිසුනා
එත් අවසානයේ ඇසුවේ
ඒ පිරිමි
ඇයි ජිවත් වෙන්නේ කියා
ඒ මම තමිලිනි
නිසා
සමරාවි
විරුවන්
කුරහන් පාට ලත්
හැම පිරිමින් ම එක්වී
අද
අපි ගැහැණු තවමත්
දෙවන පෙළ
සිටි වැලපෙන චරිතය ට
පමණක් පණ දෙමින් තවමත්
පිතෘමුලික බලය විසින් කළ සියලු යුද්ධයන් හි සටන් වැදී ස්ත්‍රීන් අදටත් දෙවන පෙළ ජනතාවක් පමණි.