ජගත් ගුණවර්ධන විසිනි
තවමත් ශ්‍රී ලංකාවේ අනාරක්ශිතව සිටින දැතිමෝරුන් සහ නීතිමය රැකවරනයට තිබෙන ඉඩකඩ
මුහුදු මසුන් අතරින් වඳවීමේ තර්ජනයට වඩාත්ම ලක්වී සිටින හෙවත් වඩාත්ම අනතුරුදායක තත්වයේ සිටින්නේ දැති මෝරුන් හෙවත් ප්‍රිස්ටිඩේ කුලයේ සාමාජිකයන් වේ.
දැතිමෝරුන් ආරක්ශාකර ගැනීමේ වැදගත්කම වටහා දීමට සහ ඔවුන් කෙරේ අවධානය යොමු කරලීමටත් අන්තර්ජාතික දැතිමෝර දිනය (International Sawfish Day) ප්‍රකාශයට පත්කරන ලද්දේ 2016 වසරේදීය.
එම වසරේ සිටි මෙතෙක් මෙම දිනය ශ්‍රී ලංකාව තුල සමරන්නට කටයුතු සිදු නොකෙරුනත්,මෙවර එම දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩ පිලිවෙලක් ශ්‍රී ලංකා තරුන සත්වවේදීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබීම ප්‍රශංශනීය වේ.මෙය වඩාත් වැදගත් වන්නේ දැතිමෝරුන්ට නීතිමය රැකවරනයක් දෙන ලෙස ශ්‍රී ලංකා තරුන සත්වවේදීන්ගේ සංගමය විසින් පසුගිය වසරේදී ඉල්ලීමක් කිරීමත් නිසාවෙනි.
ලොව පුරා සිටින දැති මෝර විශේශ පහම මේ වන විට වඳවීයාමට අත්යානසන්න තත්වයේ සහ තර්ජිත තත්වයේ පසුවන්නන් බව ලෝක සංරක්ශන සංගමයේ රතු දත්ත ලෙඛනයෙන් පෙන්නුම් කෙරේ.ඒ අනුව ලොවේ හමුවන දැති මෝර විශේශ පහෙන් තුනක් (එනම්, Smalltooth Sawfish, Green Sawfish, Largetooth Sawfish) වඳවීමේ තර්ජනයට අත්යාතසන්න තත්වයේ (Critically Endangered)(CR) සහ ඉතිරි විශේශ දෙක (Narrow Sawfish, Dwarf Sawfish) තර්ජිත තත්වයේ (Endangered)(EN) සිටී.
ලොවේ හමුවන දැතිමෝරුන් විශේශ පහෙන් හතරක්ම ඉන්දියානු සහ පැසිෆික් සාගර වල හමුවන අතර විශේශය අත්ලාන්තික් සාගරයේ පමනක් හමු වේ.
මේ නිසා මෙරට අවට මුහුදෙන් දැතිමෝරුන් විශේශ හතරක් හමුවූමේ ඉඩකඩ තිබේ.ඒ නිසා නීතිමය ආරක්ශාව ලබාදීමේදී එම විශේශ හතරම නම් කොට ආරක්ශාව ලබාදීම එක් ක්රමයකි.දෙවැන්න නම්,ලොවේ හමුවන විශේශ පහටම නීතිමය ආරක්ශාව පිරිනැමීමයි.නමුත්,අත්ලාන්තික් සගරයේ පමනක් හමුවන විශේශයක් මෙරටේ නීතිමය ආරක්ශාවට නතු කිරීමේ පරමාර්ථය කෙනෙකුට ප්රනශ්න කල හැකි මුත්,සමානයන් අතර ව්යාආකූලතාවයන් (look-alike problems) මඟහරවා ගැනීමට මෙවන් පියවරක් ගැනීමේ වරදක් නොමැත.මේ තත්වය තවත් ආකාරයකින් කල හැකි ක්රමයක් වන්නේ දැති මෝරුන් අයත් වන ප්රි්ස්ටිඩේ කුලයම (family Pristidae) නීතියෙන් ආරක්ශා කිරීමයි.එවිට එම කුලයේ සියලු සාමාජික විශේශ නිතැතින්ම නීතිමය රැකවරනයට නතුවන බැවින් පසු කලක සිදුවිය හැකි නව විශේශ සොයා ගැනීම් හෝ නාමකරන වෙනස්වීම් වලින් නීතිමය ආරක්ශාව කෙරේ කිසිඳු බලපෑමක් නොවනු ඇත.මේ තෙවැනි ක්රකමවේදය නීතිය ක්රි යාත්මක කිරීමේ දෘශ්ථියකින් බලන විට සාර්ථකම ක්ර්මවේදය වේ.
දැති මෝරන් හට ශ්රී ලංකාව තුල නීතිමය ආරක්ශාව ලබාදීම පිනිස ප්රවේශයන් දෙකක් තිබේ.
** වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශාකිරීමේ ආඥා පනතේ(Fauna and Flora Protection Ordinance) 31අ වගන්තියට අනුව පනතේ vi වන උප-ලේඛනයට මත්ස්යයෙකු ඇතුලත් කල විට එම මත්ස්යයා පනතේ 31අ වගන්තිය යටතේ පිරිනැමෙන ආරක්ශාවට නතුවේ.
ඒ අනුව,එවන් මත්ස්යයකු,
+ මරනයට පත්කිරීම
+තුවාල කිරීම
+ හානි කිරීම
+ මත්ස්යයකු හෝ ශරීර කොටස් තම සන්තකයේ හෝ භාරයේ තබා ගැනීම
+ මත්ස්යයකු හෝ ශරීර කොටස් විකිනීම හෝ විකිනීම සඳහා ප්රීමදර්ශනය කිරීම
+ ඉහත වරදවල් එකක් හෝ වැඩි ගනනක් සඳහා යම්කිසි,උපකරනයක්,මෙවලමක් හෝ ද්රව්යියක් භාවිතා කිරීම,
වරදවල් වේ.
මේ සඳහා උප-ලේඛනයක් තුලට නව විශේශයක් ඇතුලත් කල යුත්තේ පනතේ සංශෝධනයක් මඟින් පමනක් බවට යන මතයක් පවතී.නමුත්,අමාත්ය්වරයාට පනතේ 34 වන වගන්තිය යටතේ පැවරී තිබෙන බලතල අනුව මෙය අමාත්යවවරයා විසින් නියෝගයක් මඟින් කල හැක්කකි.
** ධීවර සහ ජලජ සම්පත් පනතේ(Fisheries and Aquatic Resources Act) 29 වන වගන්තිය අනුව අමාත්යනවරයා විසින් සාදනු ලබන නියෝගයක් මගින් ඕනෑම මත්ස්යsයකුට ආරක්ශාව ලබා දිය හැක.
ඒ අනුව, එසේ ආරක්ශාවට නතුකරගත් මත්ස්යසයකු,
+ ඇල්ලීම,
+ ගොඩ බෑම,
+ ප්ර වාහනය කිරීම,
+ විකිනීම,
+ මිලදී ගැනීම,
+ ලබා ගැනීම,
+ තම භාරයේ තබා ගෙන සිටීම,
වරදවල් වේ.
++ මේ වනවිට දැතිමෝරුන් හට ශ්රී ලංකාව තුල ව්යංග ආරක්ශාවක් පමනක් හිමිවී තිබේ.ඒ වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 40 වන වගන්තියෙනි.ඒ අනුව,දැති මෝරෙකු හෝ කොටසක් හෝ අපනයනය කල හැක්කේ වනජිවී සංරක්ශන දෙපර්තමේන්තුවෙන් නිකුත් කල බලපත්රවයක් යටතේ පමනකි.මෙවැනි බලපත්රංයක් කිසිඳු වානිජමය කටයුත්තක් සඳහා නිකුත්කල නොහැක.
වඳවීයන සතුන් සහ ශාකවල අන්තර්ජාතික වෙලඳාම පිලිඹඳ ප්රඥප්තිය (CITES) අනුව දැති මෝරුන් විශේශ සියල්ලම 2012 සිට එහි පලමු උපලේඛනයට (Appendix i) ඇතුලත් කර තිබේ.ඒ අනුව,දැති මෝරුන් කිසිඳු වෙලඳ කටයුත්තක් සඳහා අපනයනය හෝ ආනයනය කිරීමට නොහැක.නමුත් රටක් තුල කරන ඇල්ලීම්,මරා දැමීම් හෝ වෙලඳාම් කෙරේ කිසිඳු ආකාරයකින් බලපෑමක් මෙමගින් සිදු නොවේ.
ශ්රී ලංකාව තුල දැති මෝරන් හට නීතිමය ආරක්ශාව ලබා දිය යුත්තේ වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශාකිරීමේ ආඥා පනතේ 31අ වගන්තියට අනුවද,නොඑසේ නම් ධීවර සහ ජලජ සම්පත් පනතේ 29 වන වගන්තිය අනුවද යන පැනය සඳහා මා දකිනා පිලිතුර මෙයයි.
එනම්,පනත් දෙකෙන්ම ආරක්ශාව සලස්වාදීම ඉතාමත්ම ප්රශස්ථ තත්වයයි.එකම සතෙකුට හෝ ශාකයකට පනත් දෙකකින් ආරක්ශාව ලබාදීමට නීතියෙන් කිසිඳු බාධකයක් නැත.එමෙන්ම,එය එකිනෙකට පටහැනි තත්වයක්ද නොවේ.එමඞින් සත්යත වශයෙන්ම සිදුවන්නේ එකිනෙකට අනුපූරක වන වඩාත් සාර්ථක රැකවරනයක් ලැබීම පමනකි.
එසේ නොමැති නම්,වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශාකිරීමේ ආඥා පනතේ ප්රතිපාදන වඩා ශක්තිමත් නිසා එම පනත යටතේ හෝ ආරක්ශාව ලබාදීම සුදුසු වේ.
++ දැතිමෝරුන් මෙරට වැඩි වශයෙන් අතීතයේදී හමුවුනු සමුද්‍රීය ප්‍රදේශ හඳුනාගෙන ඒවා ආරක්ශිත ප්‍රදේශ බවට පත්කිරීම මඟින් මොවුන් හමුවිය හැකි ස්ථාන වලටත් නීතිමය ආරක්ශාවක් ලබාදිය හැකි වේ.
මේ සඳහා:
+ වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශාකිරීමේ ආඥා පනතේ2 වන වගන්තියේ 2(1) උප-වගන්තිය යටතේ සුදුසු පරිදි ජාතික රක්ශිතයන් (සමුද්‍රීය ජතික උද්‍යාන හෝ ස්වභාවික රක්ශිතයන් වැනි) හෝ පනතේ 2(2) උප-වගන්තිය යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමක් තුලින් හෝ,
+ ධීවර සහ ජලජ සම්පත් පනතේ 29 වන වගන්තිය යටතේ ධීවර රක්ශිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම මගින්,
සිදු කල හැකිය.
++ මීට අමතරව දැතිමෝරුන් මෙම කලාපය තුල ආරක්ශා කිරීම සඳහා කලාපීය රටවල් අතර සහයෝගීතාවයක් හෙවත් කලාපීය එකඟතාවයක් ඇතිකර ගැනීමත් වැදගත් වේ.
*** මෙම පියවරයන් අතුරින් වඩාත් කඩිනමින් කල යුතු වන්නේ මෙරට තුලදී දැතිමෝරුන් සඳහා ඍජු නීතිමය රැකවරනයක් පිරිනැමීම වේ.මේ අවස්ථාවේදී අපගේ ප්‍රයත්නයන් කේඳ්‍රගත කල යුත්තේ මේ පරමාර්ථය සාක්ශාත් කර ගැනීම වෙනුවෙන් බව පෙනී යන්නකි.
(ඡායාරූප සහ සිතුවම් සියල්ල අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී)