වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉදිරි දැක්ම  පිළිබඳ අදහසක්…

සරණපාල පලිහේන විසිනි

ලංකාවේ වැඩ කරන ජනතාව බරපතල ආර්ථික, සමාජ, දේශපාලන අභියෝගයන් රැසකට මුහුණ දී සිටින යුගයකට අවතීර්ණ වී සිටී. විශේෂයෙන්ම වර්තමාන රජය මුහුණ දී තිබෙන බරපතල  ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය තුළ ඉන් ගොඩ ඒම සඳහා ඔවුන් අනුගමනය කරන උපාය  මාර්ගය නිසාම පොදු ජනතාව කබලෙන් ලිපට වැටෙමින් සිටිති. විශේෂයෙන්ම අධික වන විදේශ  ණය සම්භාරය සහ ඩොලරයේ සීඝ්‍ර සිදී යාම, රට තුළ විදේශ සම්පත් සිදි යාම, එසේම කොරෝනා  වසංගතය පාලනය කිරීමේදී ආණ්ඩුව දැක්වු අසමත් බව ආදිය නිසා විශේෂයෙන්ම ඉදිරි කාලය තුළ  ජනතාවට පහර පිට පහර එල්ල කරන පියවරක් ආණ්ඩුවට අනුගමනය කිරීමට සිදු වී තිබේ. 

Loading