ශ්‍රීනාත් පෙරේරා විසිනි හුදෙකලා නොවූ නිම්නය නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා සිය පාලනය ගෙනයන්නේ ප්‍රොජෙක්ට් හරහායි. ඔහු මුලින්ම පටන් ගත්තේ වැට් බද්ද අඩුකිරීමේ ප්‍රොජෙක්ට් එකයි. ඉන්පසු 20 සංශෝධනය ඔස්සේ තම බලය තහවුරු කරගැනීමේ ව්‍යාපෘතිය ගෙනආව. කාබනික පොහොර ප්‍රොජෙක්ට් එක අනතුරුව ගෙනඑන ලදී. එක රටක එකම නීතියක් ගොඩනැගීම මේ පාලකයාගේ අලුත්ම ප්‍රොජෙක්ට් එකයි. එය නිසැකවම බහුතර සිංහල බෞද්ධ ජනයාට ඉලක්ක කකරල ගෙනාආ එකක් බව පේනව. කිසි කෙනෙක් නොහිතූ ආකාරයට එක රටක් එක නීතියක් සඳහා වන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් පත්කළේ ගලබොඩඅත්තේ ඤාණසාර භික්ෂුවයි. සිංහල ජාතිකයන් බහුතරයක් සහ මුස්ලිම් කීපදෙනෙකු එහි සාමාජිකයන් ලෙස…