21 වන සියවසේ ගෝලීය ධනවාදයේ චක්‍රය, අතිරික්ත වටිනාකම් සොයා ප්‍රාග්ධනයේ සංක්‍රමණය 21 වන සියවසේ ගෝලීය ආර්ථිකය මෙහෙයවනු ලබන්නේ දේශපාලන දෘෂ්ටිවාදයෙන් නොව, ප්‍රායෝගික ලාභය සහ අතිරික්ත වටිනාකම (Surplus Value) උපරිම කර ගැනීමේ නිරන්තර අවශ්‍යතාවයෙනි. ශීඝ්‍රයෙන් සංවර්ධනය වූ නමුත් තවමත් ආදායම් විෂමතා සහිත දැවැන්ත ආර්ථිකයක් වන චීනයේ පවා ශ්‍රම වටිනාකම ඉහළ යෑමත් සමඟ, ගෝලීය ප්‍රාග්ධනය (බටහිර සහ නැගෙනහිර ප්‍රාග්ධනය යන දෙකම) වියට්නාමය, අප්‍රිකාව සහ අනෙකුත් අඩු පිරිවැය සහිත කලාප වෙත ගමන් කිරීම මෙම ගතිකත්වයේ නවතම නිදසුනයි. ගෝලීය ප්‍රාග්ධනය, ශ්‍රමයේ වටිනාකම මත පදනම් වූ ලාභය නිරන්තරයෙන්ම අලුත් කර ගනිමින්, දුර්වල රාජ්‍යයන් භාවිත කර…
![]()