මට හිතෙන විදියට ලස්සන සාපේක්ෂයි. එකිනෙකා දකින , සිතන සහ එකිනෙකාට දැනෙන හැටියට ලස්සන නිර්වචනය වෙයි.
වරක් අප්‍රිකානු කතක් ලෝක රූ රැජින තරඟයකින් ජය ගැනීම ගැන එම තරඟයට සහභාගී වූ සෙසු තරඟකාරීනීයන්ට වඩා විස්ෂෝප වූයේ ඇතැම් ලංකාවේ ගැහැණුන් යැයි මට මතකයක් ඇත.
එසේ වුයෙ රූමත් බව පිලිබද එවුන්ගේ පැන්ටසියට ඇය නොගැලපෙන නිසා විය හැක. අදුරු සම් තියෙන බොහෝ අය තමන්ට තමන්වත් හදුනාගැනීමට නොහැකිවන සේ පොටෝ එඩිට් කරන්නේ ඒ පැන්ටසිය නිසාය. එහි වරදක් නැත . ඒවා ඉතා අවිහිංසක ආශාවන් වෙයි.
පාර්ලිමේන්තු මංත්‍රී වරියකට මංත්‍රී වරයකු කැත ගැහැණියක් යැයි කීම අරබයා අගමැතිනිය පාර්ලිමේන්තුවේ බොහෝ දේ කියනු ඇසුනි.
කිසිවෙකුට ඔහුගේ හෝ ඇයගේ බාහිර පෙනුම උපහාසයට හෝ අපහාසයට ලක්කිරීමේ අයිතියක් නැත. එවැනි දෙයකින් අනෙකාගේ අයිතීන් උල්ලංඝනය වන්නේය. එසේම කැත යන්න්නද සාපේක්ෂය.
කැත වැඩ යන්න එසේ නොවේය. හොද වැඩ සහ කැත වැඩ එකිනෙක හදුනාගත හැක.
“ගැහැණුන් එක මිටට ” සංකල්පයක් ලෙස මැතිවරණයේදී මාලීමා ආන්ඩුවක් බලයට ගෙන ඒමට ලොකු තල්ලුවක් දුන්නේය. එසේම එය ලංකාවේ කාන්තාවන්ට දේශපාලන පුනරුදයක් වූ බව , දශක කිහිපයක ලංකාවෙ කාන්තා දේශපාලනයට කාන්තා මැදිහත්වීම් ගැන බලන විට කිව හැකිය.
එසේම එය හුදෙක් මධ්‍යම පංතීක කාන්තාවක් පමනක් නොව අවවරප්රසාදිත කාන්තාවන්ද ආකර්ශනය කලේය.
එහෙත් බොහෝ දිස්ත්‍රික් වලින් වැඩිපුර පිරිමින් පාර්ලිමේන්තුවට යැවීමට කාන්තාවන්ද දායක විය.
යම් කාන්තා නියෝජනයක් ලැබුනි. එහෙත් ඇමති කම් දීමේදී කාන්තා නියෝජනයද සැලකිල්ලට ගත් බවක් දක්නට ලැබුනි.
මා මාලීමාවට සහයෝගය නොදුන් නෙකු උවද ” ගැහැණුන් එක මිටට” චංද වැඩිකර ගැනීමට සාර්ථක මෙහෙයුමක් සහ සංකල්පයක් වූ බවද කිව යුතුය. වතු කම්කරු ජනයා වෙනුවෙන්ද කාන්තාවන් පාර්ලිමේන්තු ඒමට හැකිවූයේත් එබැවිනි.
එහෙත් ගැහැණුන් එක මිටට සංකල්පට කාන්තාවන්ට මතුපිටින් ඇමතූ වැඩක් බව මාලීමා ආන්ඩුවේ කාන්තා ඇමතිනියන් දෙදනා තම භාවිතයෙන් පෙන්වීය.
ඒ ළමා අපහරණ සිද්ධියේදී වින්දිත දැරියට යුක්තිය ඉටුකිරීම පැහැර හැරීමෙනි.
එහිදී ළමා ඇමතිනිය සහ අධ්‍යාපන ඇමතිනිය කලේ කැත වැඩක් ය.
ආන්ඩුවට ජනතාවගෙන් චෝදනා ආවේ ,අපචාර සැකකාර ගුරා සහ වින්දිත දැරියව අනෙක් අය ඉදිරිපිට ලැජ්ජවට පත්කල ටියුෂන් ගුරා සමග ඇති ලැදියාව නිසා නීතීය නැවූ බවය.
* සාමාන්‍යයෙන් ඕනෑම චෝදනාවකට රිමාඩ් වන රජයේ සේවකයකුගේ වැඩ තහනම් කලයුතු වුවත් , අපචාර සිද්දියේ සැකකරු දැරිය සිත් තැවුලෙන් සියදිවි හානිකරගන්නා තුරු ඒ නීතිය ඔහුට අදාල නොවිය.
වෛද්‍ය වාර්තා තිබියදීත් , සැකකරු ඇප මත මුදාහැරියද කාන්තා සහ ළමා ආරක්ෂක කාර්යාංශය ක්‍රියාත්මක වූයේ නැත.
ජනතාව පාරට බැස මියගිය දැරියට යුක්තිය ඉල්ලූවිට වින්දිත” දෙමාපියන්ට ලියුමක් රැගෙන තමන් හමුවන ලෙස ” තමන් කී බව ළමා ඇමතිනිය කීය.
“උබට එච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්දැයි කියන්නා සේ” අධ්‍යාපන ඇමතිනිය මුලින්ම අපචාර සැකකරු පුත්තලමට මාරු කරන බවකීය. කොළඹට හොද නැති එකා අපිට හොදදැයි පුත්තලමේ දෙමාපියන් පාරට බැසීය.
අපරාධමය වරදකට සැක පිට රක්ෂිත බංධනාගාර ගතවූවකු ” අනිවායය නිවාඩු යැවිය නොහැකි බව ” ආයතන සංග්‍රහයේ පැහැදිලිව සදහන් කර ඇතත් ” පුනරුද යුගයේදී ලංකාවේ පලමු වරට ළමා අපචාර සැකකරුවෙකුට ” වැටුප් සහිත නිවඩු දුන්නේය”
ඒ ළමා අපචාර පුනරුද යුගය යටතේ “අපරාධ මය ” වරදක් නොවන නිසා වියහැක.
ඒවා කැත වැඩ පමනක් නොව පාහර වැඩය..
ළමා අපචාරයින්ට “ලංකාව පාරාදීසියක් ” කිරීමේ සැලසුමක් තිබේ දැයි අප නොදන්නා නමුත් එසේ උවහොත් ඔවුනට ” ඊශ්‍රායලය යුධ අපරාධකරුවන්ට ලංකාවේ කෙම්බිමක් කලේ ” ඇයි දැයි ජනතාව ප්‍රශ්න කරන විට මාලීමා ආන්ඩුව සහ ඔවුන්ගේ බැතිමතුන් දෙන සුපුරුදු පිලිතුර ඊට ද ලැබෙනු ඇත..
” ළමා අපචාර වලට අපි ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධයි ! ඒත් ඩොලර් අවශ්‍යයි! “
සරත් මද්දුමගේ විසින්
