හඳ ඇල්ලීමට සිතන මිනිසා තම පාමුල පිපෙන මල් දෙස බැලීමට අමතක කරයි.”-Albert Schweitzer

ඔහුගේ නම Schweizer වූවාට ඔහු ස්විස් ජාතිකයකු නොව German ජාතිකයෙක්.ඔහු උපන්නේ 14. January 1875 in Kaysersberg (Elsass). Elsass කලින් Germany අයත්වුවත් පලමු ලෝක යුද්ධයෙන් පසු එම ප්‍රදේශය ප්‍රංශයට අයත් වුනා. : ඔහුට 1952 නොබෙල් සාම ත්‍යාගය හිමිවුයේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට එරෙහීව ඔහු ලබාදුන් දායකත්වය හේතුවෙන්.

– Albert Schweitzer ගැන මේ කතාබහ සිදුවූයේ පසුගිය සිකුරාදා 29 .08 .2025 Frauenfeld නගරයේ Fiirabe-Träff හී දී Feierabend  යනුවෙන් හදුන්වන්නේ දවසේ මෙහෙය නිමාව . ඉතින් Fiirabe-Träff කියන්නේ ස්විස් German වලින් දවසේ මෙහෙය නිමාවී පැවැත්වෙන හමුව. එය පැවැත්වෙන්නේ පැරණි මෙතෝදිස්ත දේවාස්ථාන ගොඩනැගිල්ලේ . බැතිමතුන්ගේ පැමිණිමේ හිඟය තමා එම දේවස්ථානය වැසී යෑමට හේතුවූයේ. එය දැන් හැදින්වන්නේ PROJEKT

WERKSTAT යනුවෙන් . 

නගරයේ සංක්‍රමණික ජනයා සදහා නොමිලේ පවත්වාගෙන යන විශේෂ German භාෂා පාසල දැන් පවත්වාගෙන යන්නේත් එහි. විශ්‍රාමික ගුරුවරියක් වූ මොනිකා එහි සභාපතිනිය.

PROJEKT WERKSTAT භාරව කටයුතු කරන්නේ Gabriella Clerc ඇයව මා හදුනාගත්තේ මීට මීට කලකට ඉහතදීයි.

එසේම අපගේ Solinetz Frauenfeld හී සමාජ සත්කාරයන් ද පවත්වාගෙන යන්නේ එම ගොඩනැගිල්ලේ බිම් මහලේ.

ඉතින් Fiirabe-Träff එක සැමට විවෘතයි. එය හූදු ආගමීක වැඩක් නොවෙයි. සමාජීය වැදගත් කමකින් යුත් දෑ එහිදී කතාබහට ලක්වෙයි. එසේම සුප් එකක් බී , චිස් පාන් ආදිය කැමට මෙන්ම කෝපී කෝප්පයක් බීමටද එහි යන්නන්ට හැකියි. මුදල් අතේ නොතිබීම ගැටලුවක් නොවෙයි.

එදා ගබ්‍රියෙලා අප්‍රිකානු සුප් එකක් හදලා තිබුනා. මොකද අපේ කතා නායකයා අප්‍රිකාව සමාජ මෙහෙවරක් ඉටුකල අයෙක් නිසා. ඔහු විවාහකයෙක් . ඔහුගේ යුදෙව් බිරිද නාසී German යුදෙව් සංහාරයෙන් දිවිගලවාගෙන අප්‍රිකාවට යෑමට හැකි වෙනවා.

එසේම පලමු ලෝක යුද්ධයේදී ප්‍රංශ කොළණියක සමාජ මෙහෙවරක් කිරීමට ගිය ඔහු ” German වෙක් වීම නිසා ” මුලින්ම නිවාස අඩස්සියේත් දෙවනුව සිරභාරයේත් සිටීමට සිදුවෙනවා.

නාසීන් ඔහුගේ සමාජ තත්වය පාවිච්චි කිරීමට ඔහුව Germany ට කැදවීමට උත්සාහ දැරුවද ඔහු නාසීන්ගේ පැත්ත ගන්නේ නැතුව අප්‍රිකාවේ රැදී සිටිනවා.

ඔහු රෙපරමාදු පූජක පවුලක උපත ලැබු අයෙක්. ඒ පසුබිම නිසා ඔහුට දේවධර්මය සහ දර් ශනය හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. තම ආචාර්ය උපාධිය සදහා ඔහු ලියූ  ජේසුස් වහන්සේගේ ජීවිතය පිළිබඳ පර් යේෂණ ඉතිහාසය අදටත් ප්‍රසිද්ධයි. ඔහුගේ විශේෂයත්වය තමා හුදූ ආගමකට කොටු නොවී සිටීම . ඔහු විශ්වීය මිනිසකු බව ඔහුගේ ජීවිතය ගැන අදාරන්නෙකුට තේරුම් ගන්න පුලුවන්.

අද අප දකින යුද්ධ, මානව ඛේදවාචක, පාරීසරික ගැටළු ගැන ඔහු එකල ඉදිරිපත් කර ඇති කරුනු අදටත් වලංගුයි.

සංගීතඥයෙක් , ඕගන් වාදකයෙක් . ප්‍රසංග සංවිධානය කිරීමෙන් ඔහු තම සමාජ සත්කාරයන්ට මුදල් සොයාගත් අයෙක්.

ඔහු වෛද්‍ය විද්‍යාව හැදැරීමට පෙලබෙන්නේ ඔහුට වයස අවුරුදු තිහේදී. තමන්ට අවශ්‍ය දේටත් වඩා බොහෝ දේ තිබීම ඔහුගේ සතුටට හේතු නොවීම තමා ඔහු වෛද්‍යවරයකු වීමට තීරණය කරන්නේ. 1913 දී ලැම්බරේනේ (ගැබොන්) හි රෝහල ආරම්භ කිරීම සිදුවන්නේ ඒ අනුව. ගැබෝන් ප්‍රංශ කොළනියක් , ඔහු German වෙක් වීම නිසයි ඔහුට පලමු ලෝක යුද්ධයේදී ඔහු නිවාස අඩස්සියේ සහ සිරගතව සිටීමට සිදුවන්නේ. ඒ හිංදාම රෝහලේ කටයුතු ආරම්භ වන්නේ ඊට පසුව. 

ඔහු කිසි පිලිවෙලකට නැති , අධිකාරීවාදී අයකු බවද ඇතැම්හූ කියා ඇතත් ඔහු තම කටයුතුවලට ඒවා බාදාවක් කරගෙන නැතිබව කිව හැකියි.

1965 සැප්තැම්බර් 4 ලැම්බරේනේ හීදි මියගිය පසු ඔහුගේ දේහය ඔහුගේ බිරිදගේ සොහොන අසල මිහිදන් කලබව පැවසෙයි.

ඔහු ගැන බොහෝ දේ පෑහැදිලි කල හැකියි පහත සදහන් වන්නේ ඔහු කියූ දෑ කිහිපයක්.

  • සෑම පුද්ගලයෙකුටම ජීවිතයට ගරු කිරීමට සහ ආරක්ෂා කිරීමට යුතුකමක් ඇත  . මිනිස් ජීවිතයට පමණක් නොව, සියලු ජීවීන්ට .
  • සදාචාරය ආරම්භ වන්නේ අප අනෙකුත් ජීවීන්ගේ දුක් වේදනා වටහාගෙන ඒ අනුව ක්‍රියා කරන විටය.
  • ඒක පාර් ශවික තාර් කීත්වය සහ ප්‍රගතිය පිළිබඳ විශ්වාසය විවේචනය කිරීම.
  • තාක්ෂණය සහ ආර් ථිකය ඕනෑවට වඩා නිරපේක්ෂ කිරීමට එරෙහිව ඔහු  අනතුරු ඇඟවීය.

ජීවිතය කෙරෙහි වගකීමේ ප්‍රමිතියෙන් ප්‍රගතිය මැනිය යුතුය.

ක්‍රිස්තියානි ආභාෂය ලැබූ නමුත් විශ්වීය ආචාර ධර් ම

  • ඔහුව කිතුනු දහමෙන් හැඩගස්වා ඇති නමුත් සියලු ආගම්වල ජනතාවට ඔහු විවෘතය.
  • ආචාර ධර් ම දේශසීමා ඉක්මවා ගොස් සියලු මනුෂ්‍ය වර්ගයාට අදාළ විය යුතුය.
  • සාමය සහ වගකීම ගැන අවධාරණය කල ඔහු න්‍යෂ්ටික අවි වලට එරෙහීව ඔහු ක්‍රියා කිරීම නිසා නොබෙල් සාම ත්‍යාගය හිමිවිය 
  • ඔහු සාමය, යුක්තිය සහ සියලු ජීවිත කෙරෙහි ගෞරවනීය ආකල්පයක් අතර සම්බන්ධය හඳුනාගත් අයෙකු වීය 
  • යටත් විජිත සමයේ ඔහුට තම යුගයේ අධිකාරීවාදී දෘෂ්ටිකෝණයන්ගෙන් මුළු මනින්ම නිදහස් වීමර නොහැකි වුවද ,අප්‍රිකානු ජනතාවගේ සංස්කෘතීන්ගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටියේය.

සරත් මද්දුමගේ විසිනි

Loading

Related posts