
1525 ගොවි යුද්ධයෙන් බිහිවූ යුරෝපයේ මානව හිමිකම් පිළිබඳ පළමු ප්‍රකාශය .
- නිදහසට ධෛර්යය අවශ්‍යයි
- ධෛර්යය නුඔ තුලින් පැන නැගිය යුතුය.
පසුගිය අගෝස්තු 16 දා (2025.08.16 ) Germany Altusried හි Allgäu එළිමහන් වේදිකාවේ නාට්‍යක් නැරබීමේ අවස්ථාව මට ලැබුනි. එම අවස්ථාව සංවිධානය කලේ ස්වීට්සර්ලන්තයේ මාක්ස් ලෙනින්වාදී කණ්ඩායමයි. මමත් තිලකරාජන් සහෝදරයාත් එහි ගියේ ඒ නිසායි.
එම නාට්‍යයට රංගනයෙන් නළු නිළියන් පන්සිය දෙකක් සහභාගීවන බව නාට්‍ය සංවිධායකයින් දන්වා සිටි අතර අශ්වයින් , ගවයින් , එළුවන් ද දක්නට ලැබුනි.
නිදහස් වේදීකාව විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබුනි.
නාට්‍ය වසර1525 දී ගොවි නැගිටීම පිළිබදවයි. ඔවුන් එය හැදින්වූයේ ගොවි යුද්ධය ලෙසයි( Bauernkrieg )
1524/25 Germany යේ ගොවි යුද්ධයට ප්‍රධාන හේතු වූයේ ගොවීන්ගේ ආර් ථික දුෂ්කරතා සහ සමාජ දුක්ඛිතභාවය, වංශවත් අය සහ පූජකයන් විසින් ගොවි ජනයා පීඩනයට ලක් කිරීමයි.
දහසයවන සියවසේදී Germany යේ ගොවියන් වංශවතුන්ගෙන් සහ පූජකයින්ගෙන් පීඩාවින්දා. විශේෂයෙන්ම නිදහස් නොවූ ගොවීන්ට ( die unfreien Bauern )ණය ගෙවාගැනීමට නොහැකිවූ විට ගොවියන්ට ඉඩම්හිමියන්ගේ වතුවල නොමිලේ වැඩකිරීමට සිදුවුනා. එයින් ඔවුන්ගේ නිදහස තවත් උදුරාගනු ලැබුවා. එය බලහත්කාරසේවයයි (Frondienst ) . එකල දිළිදු ගොවියන්ට ලිවීමට සහ කියවීමට නොහැකි වීමේ වාසිය ප්‍රයෝජනට ගත් පූජකයින් වංශවතුන්ගෙන් වෙනුවෙන් දිළිදු ගොවියන්ට තවදුරත් දුක්ඛිත ජීවිත ගෙවීමට , පීඩනය ඉවසා සිටිම අවශ්‍ය ලෙස ආගමික විස්වාසයන් අවභාවිතකලා.
මාටින් ලූතර් ගේ ආගමීක ප්‍රතිසංස්කරණ එන්නේත් එම කාලයේ. ගම්වලින් රැකියා සොයා නගරයට සංක්රමණියවූ ශීල්පීන් හරහා ඔහු තමන්ගේ ශුභාරංචිය (Die Gute Nachricht ) සංනිවේදනය කිරීමට යොදාගත්තා. අකුරු කියවීමේ හැකියාව නිසා බයිබල් කියවීමට ගත් ජනයා තම පල්ලියේ පූජකයින් කරන දේශනවලට වඩා වැඩි යමක් එහි අන්තර් ගත බව තේරුම් ගත්තා. මාටින් ලූතර් අපේක්ෂා නොකලද ගොවි ජනයා නිදහසේ අපේක්ෂාවන් දේශපාලනිකව තේරුම් ගත්තා. ගොවියන් 1524 දී වංශවතුන්ට , පූජකයින්ට සහ ඉඩම්හිමියන්ට එරෙහිව ගැසූ කැරළි 1525 වනවිට යුද්ධයක් දක්වා වැඩි වෙන්නේ ඒ අනුවයි.

ගොවි යුද්ධයේදී ලූතර් ගොවීන්ට එරෙහිවූ අතර ඔවුන් තම පාලකයන්ට පක්ෂපාතී වීමේ දිවුරුම කඩ කර ඇතැයිද ,සොරකම් ,කොල්ලකෑම් සහ ඝාතනයන් සිදුකර ඇතැයිද චෝදනා කලහ .
යුද්ධය අතරතුර 12 වන වගන්තියේ ප්රකාශනය ගොවියන් වෙතින් ඉදිරිපත් කරන්නේය .එය ඔවුන් ඉදිරිපත් කරන්නේ මෙමින්ගන් හී ස්වාබියන් සංගමයට එරෙහිවයි . ස්වාබියන් සංගමය වංශවතුන් , ඉඩම්හිමියන්ගේ එකතුවක්. www.google.com/url?q=https://historisches-lexikon.li/Schw%25C3%25A4bischer_Bund%23:~:text%3DEiner%2520der%2520bedeutendsten%2520B%25C3%25BCnde%2520war,Wittelsbacher%2520nach%2520Schwaben%2520eind%25C3%25A4mmen%2520wollte.&sa=U&sqi=2&ved=2ahUKEwjvj5GWu5aPAxWQ8gIHHftGMK8QFnoFCIIBEAU&usg=AOvVaw1cGO6S0sqEIx_NoPxjzeYp
එය 1215 දී Magna Carta ගිවිසුමෙන් පසු යුරෝපයේ එලිදක්වූ මානව හිමිකම් පිලිබද ලිඛිත ප්රකාශනය ලෙස සැලකෙනවා.
1215 දී Magna Carta ගිවිසුම යනු වංශවත් අයගේ කැරැල්ලට ප්‍රතිචාර වශයෙන් එංගලන්තයේ ජෝන් ලැක්ලන්ඩ් රජු විසින් අත්සන් කරන ලද වැදගත් ඓතිහාසික ලේඛනයකි.
1525 ගොවීන්ගේ ඉල්ලීම්:
අංක 12 වගන්තිය (ව්‍යවස්ථාව )යනු ශුභාරංචිය මත පදනම් වූ, වංශවත් අයගේ සහ පූජකයන්ගේ පීඩනයට එරෙහිව ගොවීන්ගේ ප්රකාශනයකි.
ඔවුන් ඉල්ලා සිටියේ වෙනත් ඉල්ලීම් වනුයේ:
තමන්ගේම දේවගැතිවරයා තෝරා පත් කර ගැනීමට සහ සේවයෙන් පහ කිරීමට සභාවට ඇති අයිතිය.
සේවයේ වහල්භාවය අහෝසි කිරීම සහ කිසිදු ගෙවීමක් නොකර සේවය ලබාගැනීම අඩු කිරීම.
සාමූහික ඉඩම් නැවත ලබා දීම.
සාධාරණ බදු ක්‍රමයක්.
*නාට්‍යයේ එක් ජවනිකාව වංශවතුන් සහ ගොවියන් අතර සටන්විරාමයක් ගැන සදහන් වුවද 1525 යුද්ධය ජයග්‍රහණය කළේ නැත . මෙම ගොවි යුද්ධය අවසන් වූයේ කැරලිකරුවන් රාජකීය හමුදාවන් අතින් සම්පූර්ණ පරාජයට පත්වීමෙනි. ඔවුන්ගේ පරාජයෙන් පසු, බොහෝ ගොවීන් සහ ඔවුන්ගේ නායකයින් වධහිංසා පමුණුවා, මරා දමන දැමීම හෝ දඬුවම් කිරීම කරන ලදී. කෙසේ වෙතත්, මිලිටරි පරාජය නොතකා, නැගිටීම දිගුකාලීනව වහල්භාවය දුර්වල කිරීමට හේතු වූ අතර නිදහස සහ මානව හිමිකම් සඳහා සැලකිය යුතු අරගලයක් ලෙස සාමූහික මතකයට බලපෑම් කළේය.
ම්ලේච්ඡ මර්දනය:
1525 මැයි 15 වන දින ෆ්රැන්කන්හවුසන් සටන වැනි ලේ වැකි සටන් වලින් පසුව, බොහෝ ගොවීන් සහ නායකයින්ට දඬුවම් කරන ලදී.
යුද්ධයේදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තු 30,000 සිට 100,000 කට වඩා වැඩිය.
කුමාරවරුන්ට සහ වංශවතුන්ට හොඳින් පුහුණුව ලත් භට පිරිසක් සිටි අතර, ගොවීන්ට ඔවුන්ගේ ඇති සරල උපකරණ සමඟ ඔවුන්ට එරෙහිව නැගී සිටීමට අවස්ථාවක් නොතිබුණි. ගොවියන් සමූලඝාතනය කර ගොවි යුද්ධය පරාජය කලේය . වංශවතුන් තම කුලී හේවායන්( Landknachten ඔවුන් ගොවියන් අතරින්ම ගොවියන්ට එරෙහිව සටන් කිරීමට පාවිච්චි කල අය ) අමතරව විශේෂ පුහුනුව ලත් කුලීහේවායින් ද ගෙන්වා ගත්තේය.
මෙම නාට්‍ය යේ එක් අවස්ථාවක්
1525 මැයි 15 වන දින ෆ්රැන්කන්හවුසන් සටන වැනි ලේ වැකි සටන් වලින් පසුව, බොහෝ ගොවීන් සහ නායකයින්ට දඬුවම් කරන ලදී.
ගොවීන්ගේ යුද්ධය පසුකාලීන විප්ලව සඳහා ආශ්වාදයක් බවට පත් වූ අතර නිදහස සහ මානව හිමිකම් සඳහා වැදගත් මුල් අරගලයක් ලෙස සැලකේ.

1524/25 Germany යේ ගොවි යුද්ධයට ප්‍රධාන හේතු වූයේ ගොවීන්ගේ ආර් ථික දුෂ්කරතා සහ සමාජ දුක්ඛිතභාවය, වංශවත් අය සහ පූජකයන් විසින් පීඩනයට ලක් කිරීම, ස්වාමිවරුන් විසින් “පැරණි නීතිය” උල්ලංඝනය කිරීම සහ පුද්ගලික නිදහස සහ ස්වයං නිර් ණය සඳහා ඇති ආශාවයි. ප්‍රතිසංස්කරණය පිළිබඳ අදහස් සහ පත්‍රිකා බෙදා හැරීමේ හැකියාව නැගිටීම පැතිරීමට දායක වූ අතර, මාටින් ලූතර් අදහස් කළේ මෙය නොවුනත්, කිතුනුවකුගේ නිදහස මත පදනම්ව ඔවුන්ගේ ඉල්ලීම් සකස් කිරීමට ගොවීන් පෙළඹවූහ.
- ගොවි යුද්ධයේ ඉල්ලා සිටි ඉල්ලීම්හී මූලික හරය ස්වයං තීරණය පිලිබද අයිතියයි.
කාල් මාක්ස් Germany යේ ගොවි යුද්ධය විග්රහ කළේ ගොවීන් සමාජීය හා ආර් ථීක යුක්තිය ගැන සැලකිලිමත් වූ නමුත් අවසානයේ ඔවුන්ගේ සංවිධානාත්මක ශක්තිය නොමැතිකම නිසා අසාර් ථක වූ ගැඹුරු පන්ති ගැටුමක ප්රකාශනයක් ලෙසය. ඔහු යුද්ධය Germany යේ ඉතිහාසයේ වඩාත්ම රැඩිකල් කරුණක් ලෙස දුටුවේය, ගොවීන් එය සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වුවද, දේශපාලන හා සමාජ ක්රමයේ විප්ලවීය පරිවර්තනයක අවශ්‍යතාවය පැහැදිලි කළ එකක් ලෙසය.
ගොවි යුද්ධය පිළිබඳ මාක්ස්ගේ දෘෂ්ටිකෝණය
පන්ති ගැටුම:
මාක්ස් ගොවි යුද්ධය සැලකුවේ පාලක පන්තීන්ට එරෙහිව නැගී සිටීමට සූරාකෑමට ලක් වූවන් ගත් මුල් උත්සාහයක් ලෙස ය.
සමාජ හා ආර්ථික අරමුණු:
ගොවීන් වැඩි නිදහසක් හා බර සාධාරණ ලෙස බෙදා හැරීමක් සහ වහල්භාවය අහෝසි කිරීම සඳහා සටන් කළහ.
අසාර්ථක සහ ඓතිහාසික වැදගත්කම:
මාක්ස් ගොවීන්ගේ නිදහස සහ යුක්තිය සඳහා වූ ඉල්ලීම්වලට ගරු කළද, ඔහු ඔවුන්ගේ අසාර්ථකත්වය සැලකුවේ ඔවුන්ගේ සංවිධානය හා විප්ලවවාදී නායකත්වය නොමැතිකමේ ප්‍රතිඵලයක් ලෙස ය.
මෙම ගොවි යුද්ධය Germany ඉතිහාසයේ වඩාත්ම රැඩිකල් හා වැදගත් සිදුවීම්වලින් එකක් බවට පත් කළේය.
ප්‍රතිසංස්කරණ හා සමාජ නොසන්සුන්තාව:
ගොවීන්ගේ යුද්ධය ප්‍රතිසංස්කරණ සමයේදී සිදු වූ අතර එය ආගමික වෙනස්කම් සමඟ ඇති වූ සමාජ ආතතීන්ගේ ප්රකාශනයකි.
මහජන නැගිටීම් හී කම්කරු – පීඩිත පාංතික දේශපාලන නායකත්වයක් නොමැතිකමෙන් එකී අරගලයන්ගේ අපේක්ෂා අත්පත්කර ගැනීමට නොහැකිවීමේ ගැටලුවට ගොවි යුද්ධයෙන් වසර පන්සියයක් ගිය තැනදීත් අපි අත්විඳිමින් සිටී.
ආසන්න උදාහරණය ලෙස 2022 ශ්‍රි ලංකාවේ ඇතිවූ මහජන නැගිටීම ගෙනහැර දැක්විය හැක. ජනතාව පෙලූ පීඩනයට එරෙහීව දේශපාලන නායකත්වයක් නොමැතිව ඇරඹු එම නැගිටිමේ සාධනීය දෑ ඉතිහාසයට එක්වුවද , අරගලය අතර තුර ප්‍රකාශිත අපේක්ෂාවන් දිනාගත නොහැකිවිය.
ආරම්භයේදීම එම මහජන නැගිටීම ප්‍රතික්ෂේප කල ජ.වි.පේ වැඩේ සාර්ථකව ඉදිරියට යන විට ඊට සම්බන්ධ වීය.
ජාතික ජන බලවේගය අරගලයේ අපේක්ෂාවන්ද පිට්පොකට් ගසා ගනිමින් මැතිවරණ ජයග්‍රහණයක් අත්පත්කර ගත්තේය.
මැතිවරණ ජයග්රහණයෙන් පසු ඔවුන් මීට අවුරුදු පන්සියයකට ඉහතදී පීඩිත ගොවීන්ට එරෙහිව ගොවීන් අතරින් වංශවතුන් නිර් මානය කල කුලී හේවායන්ගේ (Landknachten )කාර්යයය තමන්වෙත පවරාගෙන ඇත.
කිසිදු හිරිකිතයකින් / බියකින් තොරව ඔවුන් නව ලිබරල් ධනවාදී උවමනාවන් ක්‍රියාවට නන්වනු දක්නට ඇත.
IMF නියෝග ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් ඉන්නේ ජේ.ආර් ගේ සිට රනිල් රාජපක්ෂ දක්වා සියලු ජනතා ද්‍රෝහීන් පරාජය කරමින් ය. එය අධිරාජ්‍යවාදීන්ගේ නොමද ප්‍රීතියට හේතුවක් ය. බලයෙන් උමතුවී කිසිදු ජාත්‍යන්තර ගිවිසුමක් , සැලසුමක් ගැන තොරතුරු ඔවුන් ජනතාවට නොදෙන්නේය.
වඩාත්ම බියකරු දේ , අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඔවුන් අව වරප්රසාදිත ජනයාගේ දරුවන් සාක්ෂරතාව හීනයන් කිරීමට දරන වෑයම වෙයි. දිළිදු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උදුරාගන්නා ඔවුන් ” පුනරුද යුගයට ගැලපෙන වැඩවසම් ක්‍රමයක්” ප්‍රති නිර් මාණය කරමින් සිටින්නේය.

1525 ගොවි යුද්ධය නාට්‍ය නැරබීම සංවිධානය කලේ ස්වීට්සර්ලන්තයේ මාක්ස් ලෙනින්වාදී කංඩායමේ සහහෝදරියන් සහ සහෝදරයින් පිරිසක්.
මෙම නාට්‍ය යේ අවසන් අවස්ථාව
සරත් මද්දුමගේ විසිනි
