Jaya Pathmapani May 20 නේවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි.[1] මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයට එවැනි අර්ථ දැක්වීමක් හැම දෙනෙකුට ම ආදේශ කළ හැකි දෙයක් විය යුතු බව ගුඩ්වින් පවසයි. අපේ යහපැවැත්ම සාමාන්‍යයෙන් රැඳී ඇත්තේ අප ලබන ආදායම සහ අපේ ජීවන මට්ටම ප්‍රදර්ශනය වන ද්‍රව්‍යයමය වස්තුවල…