ධනවාදයේ වසගය සහ මාක්ස්වාදී දෘෂ්ඨිවාදය
ධනවාදය පිළිබඳ විචාරයේදී අප ස්ථානගත වන්නේ කොතැනදැයි කියලා නිරාකරණය කරගත යුතුයි කියලා මට හිතෙනවා. මර්ධනීය සහ අසාධාරණ බවේ මෙවලමක් ලෙස ධනවාදයේ දෘශ්‍යමානය ප්‍රශ්න කිරීම ඒ කියන්නේ බාහිරත්වය අර්ථකථනය කිරීම, වෙනස් කිරීම තවදුරටත් ධනවාදයට විරෝධයක් ලෙස සැලකිය හැකිද? ධනවාදයට තිබෙන අපගේ විරෝධය යනු ධනවාදී ව්‍යුහයේ ප්‍රකාශමානයට සම්බන්ධ ආත්මීය මැදිහත් වීමක් වෙන්න බැරිද? එනම් අපගේ ආත්මය විනෝද වන්නේ ධනවාදයේ වසඟය මගින් අපට පොරොන්දු වන ආශා වස්තුව හිමිකර ගැනීමෙන් නොව එය අහිමි කරගැනීම තුළින් අඩුව නැතිනම් අහිමිවීම කරා අපව නැවත නැවතත් සම්මුඛ කිරීමෙන් බව හඳුනාගැනීමෙනි. එම අර්ථයෙන් ආත්මීයත්වයේ තර්කනය යනු මෙම අසමත් භාවයේ පුනරාවර්තනයයි.
මේ ප්‍රශ්නය දර්ශනවාදී සීමාවේ ප්‍රශ්නයක් නිසා විශාල වැදගත් කමක් දරයි. එය විග්‍රහ කර ගැනීමට සමාජ ක්‍රමයන් වල විකාශන...