ජගත් ගුණවර්ධන විසිනි
විසිවන සියවසේ සිටි වඩාත් නව්ය් නිර්මාන රැසකට හිමිකම් කියූ චිත්‍ර ශිල්පියෙකු වූ පැබ්ලෝ පිකාසෝ පිලිඹඳ සොයා බැලීමට මා පෙලඹුනේ පසු කාලීනව මුත්,ඔහුගේ ජීවිතයෙන් සහ විශේශයෙන් චිත්‍ර කලාවේ නියලීමේ ක්‍රමවේද අධ්‍යයනයට ලක් කිරීම තුලින් බොහෝදේ ඉගෙනිමට හැකි විය.
දශක නවයකටත් වැඩි කලක්, එනම් 91 වසරක් ජිවත්වුනු පිකාසෝගේ චිත්‍ර ශිල්පීය ජීවිතය දශක අටකටත් වඩා වීම නිසාම සහ ඔහු පිලිඹඳව බොහෝදේ ප්රකාශිතව තිබීමත් නිසා මෙම කරුනු සොයාබැලීමට සුදුසු මූලාශ්‍ර ගනනාවක් සොයාගත හැකිවිය.
මෙම ඇතැම් කරුනු චිත්‍ර ශිල්පීය ජීවිතයකට නොව පොදුවේ අප ඕනෑම කෙනෙකුට තම්න ජීවිතයටත් යොදාගත හැකි කරුනු වේ.
පහතින් දැක්වෙන කරුනු ඕනෑම කෙනෙකුට තම වෘත්තීය ජීවිතය වඩාත් සාර්ථක කර ගැනීමට වැදගත් විය හැකිය.
1.තම නිපුනතාවයට අවශ්‍ය මූලික කරුනු හැකි ඉක්මනින් සහ ක්‍රමානුකූලව ඉගෙනගෙන ප්‍රගුන කරන්න.පිකාසෝ චිත්‍ර ශිල්පීය ක්‍රම ඉගෙන ගත්තේ කුඩා අවධියේ පටන් වේ.ඊට පදනම ලැබුනේ චිත්‍ර ගුරුවරයෙකු වන තම පියාගෙනි.
2.තමන් සතු දැනුම නිරතුරු භාවිතයෙන් ප්‍රගුන කර ගන්න.කුඩාකල සිටම ඔහු තම නිදහස් වේලාව චිත්‍ර ඇඳීම පිනිස යොදාගෙන තිබේ.
3.තමන් කරන කටයුතු වල සැම විටකදීම උනන්දුවෙන්,උද්යෝගයෙන් සහ කැපවීමෙන් යුතුව යෙදෙන්න.
4.සෑම කටයුත්තක්ම ක්‍රමානුකූලව සිදු කරන්න.පිකාසෝ තම චිත්‍ර මෙන්ම දල සටහන් වලටත් අත්සන සහ දිනය යෙදීම අනිවාර්යයෙන් සිදු කලේය.එසේම එක් දිනකදී චිත්‍ර සහ දල සටහන් ගනනාවක් කරන්නට යෙදුනු විට මීට අමතරව ඒවාට අංක යේදීමත් සිදු කලේය.
5.නිර්මාන මෙන්ම සැම උත්සාහයක් සහ දල සටහන් පවා සුරැකිව තබා ගන්න.
6.ඔබේ වෘත්තීය අටයුතු වල නිරත වීම පිනිස දිනපතේ නිස්චිත කාලයන් වෙන්කර ගෙන එය ඉතා හොඳින් භාවිතා කරන්න.පිකාසෝගේ දින චර්යාවේ චිත සහ ආශ්රිත කටයුතු වෙනුවෙන් මුලු සවස් වරුවම ය්දා ගත්තේය.ඉන් පසු මිතුරන් හමුවූම සහ රාත්‍රී ආහාර සඳහා සවස 6.00 සිට 9.00 තෙක් ඉඩ දී තිබුනි.ඉන් පසු ර්ර්ත්රී 9.00 සිට පසුදා පාන්දර 2.00 හෝ 3.00 තෙක් නොකඩවා නිරාම කරනයේ නියුතු විය.මින් පසුව නිඳට යන ඔහු අවදි වන්නේ දහවල් වීය.එනම් උදයේ 10.00 පමන වීය.ඔහුගේ ජීවිතයේ අවසන් දිනයේදීත් නිඳට ගොස් තිබෙන්නේ පාන්දර 3.00ට පමන වීය.
7. සෑම විටම නව්ය්තාවයන් කෙරේ යොමු වන්න.
8.එක් විශේශිත විශය වස්තුවකට,ශිල්පීය ක්‍රමයකට,මාධ්‍යයකට හෝ වර්න රටාවකට කොටු නොවීමට සැලකිලිමත් වන්න.
9.යම් ක්‍රමයක් ප්‍රගුන කල නිසා එය මට තම ශිල්පීය ජීවිටය රඳ පවත්වා ගැනීම පහසු විය හැකිමුත්,එසේ නොකිරීමට සැමවිට වග බලා ගන්න.
10.නිරතුරුව අලුත් දේ අත් හදා බලන්න.
11.සියලු දේ එකසේ සාර්ථක නොවෙන නිසා සාර්ථක-අසාර්ථක දේ මොනවාද යන්න හොඳින් වටහා ගන්න.
12.ජනප්‍රිය ප්රවනතාවයට (රැල්ලකට) නතු නොවී ඔබගේ ක්‍රමවේදයන් ඔස්සේ කටයුතු කරන්න.
13.විවීචන වෙනුවෙන් කරදර නොවීමට සහ ඒ වෙනුවෙන් කාලය මිඩංගු නොකිරීමට වග බල ගන්න.
14.ඔබේ කටයුතු වනින් යම් විශ්මයක් හෝ කුතුහලයක් හෝ පවත්නා තත්වයට වෙනසක් හෝ ඇති කරන්නට උත්සාහ කරන්න.
15.තමන් කරන නිර්මාන පිලිඹඳ විග්රහ,විචාර හෝ සාධාරනීකරනය වෙනුවෙන් කාලය වැය කිරීමෙන් වලකින්න.
16.වෙනස් වෘත්තිකයන් ඇසුරු කිරීම මෙන්ම වෙනස් අත් දැකීම වලට නිරාවරනය වීමත් සාර්ථක නිර්මාන වලට මහත් දායකත්වයක් ලබා දෙනු ඇත.