ධනවාදය පිළිබඳ විචාරයේදී අප ස්ථානගත වන්නේ කොතැනදැයි කියලා නිරාකරණය කරගත යුතුයි කියලා මට හිතෙනවා. මර්ධනීය සහ අසාධාරණ බවේ මෙවලමක් ලෙස ධනවාදයේ දෘශ්‍යමානය ප්‍රශ්න කිරීම ඒ කියන්නේ බාහිරත්වය අර්ථකථනය කිරීම, වෙනස් කිරීම තවදුරටත් ධනවාදයට විරෝධයක් ලෙස සැලකිය හැකිද? ධනවාදයට තිබෙන අපගේ විරෝධය යනු ධනවාදී ව්‍යුහයේ ප්‍රකාශමානයට සම්බන්ධ ආත්මීය මැදිහත් වීමක් වෙන්න බැරිද? එනම් අපගේ ආත්මය විනෝද වන්නේ ධනවාදයේ වසඟය මගින් අපට පොරොන්දු වන ආශා වස්තුව හිමිකර ගැනීමෙන් නොව එය අහිමි කරගැනීම තුළින් අඩුව නැතිනම් අහිමිවීම කරා අපව නැවත නැවතත් සම්මුඛ කිරීමෙන් බව හඳුනාගැනීමෙනි. එම අර්ථයෙන් ආත්මීයත්වයේ තර්කනය යනු මෙම අසමත් භාවයේ පුනරාවර්තනයයි.
මේ ප්‍රශ්නය දර්ශනවාදී සීමාවේ ප්‍රශ්නයක් නිසා විශාල වැදගත් කමක් දරයි. එය විග්‍රහ කර ගැනීමට සමාජ ක්‍රමයන් වල විකාශනයේ සිට වත්මන දක්වා සිදු වූ ක්‍රියාවලිය ඔස්සේ අපි පටන් ගනිමු.
ධනපති ක්‍රමයට වයස අවුරුදු 255 යි
මානව සමාජය ආරම්භයේ සිට විකාශනය වූයේ එක් එක් සමාජ ක්‍රමයක් අභාවයට ගොස් නව සමාජ ක්‍රමයක් වර්ධනීය ලෙස ස්ථාපිත වීම මගිනි. මානව සමාජ පරිණාමය සමාජ ව්‍යුහයක් ලෙස ස්ථාපිත වූයේ ආදිකල්පික ප්‍රජා සමූහ ක්‍රමය ස්ථාපිත වීමත් සමගය. ඒ මීට අවුරුදු 30,000කට පමණ පෙරදීය. එම ආරම්භ වූ ආදිකල්පික ප්‍රජා සමූහ සමාජ ක්‍රමය නිෂේධනය වී වහල් සමාජ ක්‍රමය ස්ථාපිත විය. ආදිකල්පික ප්‍රජා සමූහ ක්‍රමය අවුරුදු 20,000ක් පමණ පැවතුනි. ඉන්පසුව වහල් සමාජ ක්‍රමය නිෂේධනය වී වැඩවසම් ක්‍රමය ස්ථාපිත විය. වහල් සමාජ ක්‍රමය අවුරුදු 4000ක පමණ කාලයක් පැවතුනි. ඉන්පසුව වැඩවසම් සමාජ ක්‍රමය නිෂේධනය වී ධනපති සමාජ ක්‍රමය ස්ථාපිත විය. වැඩවසම් සමාජ ක්‍රමය අවුරුදු 2,000ක් පමණ පැවතුනි. මේ මානව සමාජය ගෙවා දැමූ සමාජ සංස්ථාවන්ය. එහිදී ධනපති ක්‍රමය ආරම්භය ලෙස ගැනෙන්නේ කාර්මික විප්ලවයත් සමග ධනේශ්වර විප්ලව ඇතිවීමේ කාලපරිච්ඡේදයේ සිටය. ඒ 1770 සිට 1820 දක්වා ධනේශ්වර විප්ලව සිදු වූ කාලපරිච්ඡේදයේ සිට 2025 දක්වා සාමාන්‍ය වශයෙන් අවුරුදු 255ක් පමණ ධනේශ්වර සමාජ ක්‍රමය මේ වන විට ගෙවා ඇත.
ධනපති සමාජයේ ආරම්භය – කාර්මික විප්ලවයෙන් පටන්ගෙන, වර්ධනය – ලිබරල්වාදී ප්‍රාග්ධනය සමුච්චය කිරීම මගින් නව වර්ධනයකට ගියේ නව ලිබරල්වාදය ලෙස නව ධනේශ්වර පියවරක් ඉදිරියට තබමිනි. ධනේශ්වර සමාජයේ කාර්මික විප්ලවයෙන් පසුව එහි තවත් පියවරක් ඉදිරියට ගියේ 1995 පසුව ඇති වූ තාක්ෂණික විප්ලවයත් සමගය. තාක්ෂණික විප්ලවය අප ජීවත්වන ගෝලීය ධනවාදී සමාජය ව්‍යුහයට මුදාහැරියේ දනේශ්වර භාණ්ඩ විලාසිතාව පෞද්ගලික භාවිතාවට හුරුකිරීම මගිනි.
ධනේශ්වර සමාජය ආරම්භ වූ ලිබරල්වාදය, නව ලිබරල්වාදය සහ ගෝලීය ධනවාදය යන නාමකරණයන් යටතේ ධනේශ්වර ක්‍රමයේ ආරම්භයත් වර්ධනයත් වගේම එහි නිෂේධනයත් ආරම්භ වී තිබෙන්නේ භෞතිකයේ, ආර්ථිකයේ, දේශපාලනයේ සහ සමාජයේ ඇති වී තිබෙන ව්‍යවසනකාරී තත්වයට මුහුණ දීමට ලෝකවාසී ජනයාට නොහැකි වීම හේතු කොට ගෙනය. ධනේශ්වර සමාජ පැවත ආ සමාජ ව්‍යුහයද ඒ සමගම නිෂේධනීය වීමේ විශාල අංග ලක්ෂණ ගණනාවක් අප (ජනතාව) ඉදිරියේ දෘශ්‍යමාන වීමට පටන්ගෙන තිබේ. එය දෘශ්‍යමාන වන්නේ භෞතික ව්‍යවසනයන් හරහා වගේම, දිගහැරෙන සිදුවීම් හරහා වගේම, ප්‍රාග්ධනය සමුච්ච කිරීම හරහා සිදුවන පීඩනයට විසදුම් සොයන ජනයාගේ අරගලයන් ලෝකය පුරාම විශාල ලෙස මතු වීම හේතු කොට ගෙනය. එම අරගල ක්‍රියාකාරීත්වය මෑත කාලයේ ධනේශ්වර ක්‍රම විරෝධී අරගලයක් දක්වා වර්ධනය වෙමින් පවතී.
ගෝලීය අර්බුදය
එම සිදුවීම පැති කීහිපයකින් විග්‍රහ කළ හැකිය. ගෝලීය ධනවාදී ක්‍රමය විසින් ගෝලීය භෞතික අර්බුදය හා ගෝලීය ආර්ථික අර්බුද වඩා තීව්‍ර කර තිබේ. වත්මන් ගෝලීය අර්බුදය ප්‍රධාන විෂය හැටියට විග්‍රහ කරනවාට වඩා එහි පැති හතරක් ගැන සදහන් කර හැකිය. ඒ ගෝලීය ආර්ථික අර්බුදය, ගෝලීය සෞඛ්‍ය අර්බුදය, ගෝලීය සොබාදහමේ අර්බුදය, ගෝලීය මානව ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදය වැනි කරුණු සාකච්චා කළ හැකිය. මේ කරුණු වලට අදාලව ගෝලීය සොබාදහමේ අර්බුදයෙන් ඔබ නගන ප්‍රශ්නයට අදහස් දැක්වීමට මම තේරීමක් කරන්නේ අනෙක් කරුණුවලින් ලිපිය දීර්ඝ වන බැවිනි. ඒවාද පසුව සාකච්ඡා කළ හැකිය.
ගෝලීය සොබාදහමේ අර්බුදය තුළින් අපට දෘශ්‍යමාන වන සන්දර්භ දෙකක් ඇත. ඒ ගෝලීය උණුසුම හෝ ගෝලීය දේශගුණ විපර්යාසය. මෙහිදී අප වසන පෘථිවියේ වයස භූ විද්‍යාඥයින් ගණනය කර තිබෙන්නේ වර්ෂ බිලියන 4.5ක් ලෙසය. ඒ වගේම පෘථිවියේ අයිස් යුගය ඇති වූයේ වර්ෂ බිලියන 3කට පෙර කාලවකවානුවකදී බව භූ විද්‍යාඥයින් තහවුරු කරති. අයිස් යුගය මේ වර්ෂ බිලියන 3 තුළදී වර්ධනයන් හයක් අත්පත් කරගෙන තිබුණි. එය ධනපති සමාජය දක්වා පැවත ආවේ ස්වාභාවික භෞතික සංසිද්ධියක් ලෙසය. ධනපති ක්‍රමය ගලා ආ වසර 255 තුළදී වර්ෂ බිලියන 3කදී ස්වාභාවික වර්ධන හයක් අත් කර ගත් අයිස් යුගය දියවී යාමක් සිදුවන බව විද්‍යඥයන් 1978-79 කාලයේ සොයාගත්තේය. ඒ ගෝලීය උණුසුම නැමති සංසිද්ධිය සොයාගැනීමත් සමගය. 1979 සිට 2025 වන විට උත්තර අර්ධ ගෝලයේ අයිස් ගැලැසියර් දියවී ඇති ප්‍රමාණය 60%කි. දක්ෂිණ අර්ධ ගෝලයේ 18%ක් දිය වී ගොස් ඇත. එවිට මතුවන ප්‍රශ්නය වන්නේ මේ සිදුවීම සිදුවන්නේ පැවතුණ ධනේශ්වර ආර්ථික ක්‍රියාවලිය හරහාද නැත්නම් ආත්මීය සම්බන්ධයක් හරහාද යන්නය.
වායුගෝලයේ කාබන් වැඩිවිම සහ ගෝලීය උෂ්ණත්වය
ඇතිවෙමින් තිබෙන ක්‍රියාව භෞතිකව තේරුම් ගතහොත් කාබන් පරමාණු අති දැවැන්ත ලෙස වැඩි වී ඇත්තේ ධනේශ්වර ආර්ථිකය විසින් ගෙන ගිය ක්‍රියාවලිය හරහාය. ධනේශ්වර ක්‍රමය විසින් නිර්මාණය කළ පෞද්ගලිකත්වය මත පදනම් වුන ප්‍රවාහන ක්‍රියාවලිය ලෝකයේ 2025 වන විට වාහන බිලියන 1.7ක ප්‍රමාණයක් ධාවනයේ යොදෙති. එය පෞද්ගලිකත්වය උද්දීපනය කරන මානසික ආශාවක් විය හැකිය. 2035 වන විට වාහන තවත් බිලියනයකින් වැඩි කිරීමට ගෝලීය ධනේශ්වර සමාගම් සැලසුම් කර ඇත. එවිට සිදුවන්නේ බිලියන 1.7ක් වාහන පොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයේ ස්ථාපිත වන කාබන් පරමාණු ප්‍රමාණය අති විශාල ලෙස ඉහළ යාම පමණි. වාහන ධාවනය මගින් වායුගෝලයට නිකුත්වන එක් කාබන් පරමාණුවක් වායුගෝලය තුළ වර්ෂ මිලියන ගණක් පැවැත්මක් ඇති බව භෞතික විද්‍යාඥයන් සහතික කරති. ඒ වගේම කාබන් පරමාණු අනුවකට සූර්ය තාප ශක්තිය අවශෝෂණය කර ගැනීමේ හැකියාව පැවතීම තවත් සුවිශේෂී තත්වයකි. එවිට වායුගෝලය තුළට කාබන් පරමාණු වැඩි වූ පසු කාබන් පසුමාණු සූර්ය ශක්තිය ගබඩා කර ගැනීම නිසා වායුගෝලය තුළ උෂ්ණත්වය ඉහළ යයි. ධනපති සමාජය ආරම්භක කාලය වන 1800දී වායුගෝලයේ පැවති විවිධ පරමාණු අංශු මිලියනයක් තුළ කාබන් අංශු පැවතියේ 280 සංඛ්‍යාවකි. 2025 වන විට විවිධ පරමාණු අංශු මිලියනයක් තුළ කාබන් අංශු 480 දක්වා වැඩි වී තිබේ. කාබන් විමෝචනය හරහා වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වන විට අයිස් ග්ලැසියර් දියවීම වගේම දේශගුණ විපර්යාස බහුල වී තිබෙන්නේය. අප අද මුහුණ දෙන වැසි කුණාටු වැඩි වීම, භූ කම්පන වැඩිවීම, නියගය ඇතිවීම, ගිනි කදු පුපුරායාම වැඩි වීම වැනි ස්වාභාවික විපත් වැඩි වීමට හේතු වී තිබේ.
මේ ඇතිවන ව්‍යවසනය ගැන විවිධ දාර්ශනික දෘෂ්ටිකෝණයන්ගෙන් අදහස් ඉදිරිපත් කරන පිරිස් වර්තමානයේද සිටිති. ඒවා අතර ඔබ පවසන ආත්මීය සාධකය මූලික කර ගත් හේතුවක් ලෙස අර්ථ දක්වන ඓතිහාසික දාර්ශනිකයන්ගේ අදහස්වල අඛණ්ඩතාවයක් සහිත අදහස්ද වත්මනයේ දැකගත හැකිය. ආත්මීය සාධකය මුල් කරගත් දාර්ශනික කතිකාව ගැන ආරම්භ කල දාර්ශනිකයන්ගෙන්ම මේ කරුණ ගැන සාකච්ඡාව අපි පටන් ගනිමු.
දෙවියන් හා පෘතුවිය
එහිදි විශ්වය හෝ පෘථිවිය දෙවියන් විසින් බිහිකළ බව ආගමික විඥානවාදය විසින් දාර්ශනික අදහස් වහල් යුගයේ පැවති ආගමික සම්පුදායක් විය. විඥානවාදයේ ගමන් මග ඓතිහාසික විඥානවාදී ස්පරූපයක් අත්කර ගත්තේ විවිධ විඥානවාදී දාර්ශනික ධාරා පහළ වීමත් සමගය. ඉන්පසුව වහල් යුගයේදී ග්‍රීසියේ පුරාණ වාස්තවික විඥානවාදය දේශනා කළ දාර්ශනිකයන් වූයේ සොක්‍රටීස් (ක්‍රි:පූ: 470-399) සහ ප්ලේටෝ (ක්‍රි:පූ: 428-348) යන දාර්ශනිකයන්ය. එම දාර්ශනිකයන්ගෙන් පසු මනෝමූලික විඥානවාදය දේශනා කළ දාර්ශනිකයන් වූයේ ජෝජ් බාක්ලී (1685-1753) , ඩේවිඩ් හියුම් (1711-1776) ය. ඉන්පසුව ජර්මන් විඥානවාදය දේශනා කළ දාර්ශනිකයන් වූයේ ඉමැනුවෙල් කාන්ට් (1724-1804) ජෝජ් හේගල් (1770-1831) යන දාර්ශනිකයන්ය. මොවුන් විශ්වය දෙවියන්වහන්සේගෙන් හෝ ආත්මීයත්වයකින් මෙහෙයවන බව පැවසුවේ තම මනසේ ඇති කර ගත් විශ්වාසයක් මත පදනම්වයි. දෙවියන් විසින් විශ්වය මෙහෙයවන බව හෝ ආත්මයකින් විශ්වය මෙහෙයවන බව 2025 දක්වා ඔවුන් විද්‍යාත්මකව තහවුරු කිරීමක් කර නොමැත. හේගල්ගේ දර්ශනවාදී විග්‍රහයෙන් අපි ආත්මීයත්වය යන කරුණ විමසා බලමු. හේගල්ගේ විශ්වය ගැන මූලික දැක්ම වූයේ ජගත් ආත්මයකින් විශ්වය මෙහෙයවන බවය. එවිට ජගත් ආත්මය යනු දෙවියන්වහන්සේ විසින් විශ්වය මෙහෙයවන බව ඔහු තවත් අයුරකින් පැවසීම පමණක් කර තිබුණි. මෙම කරුණ ගැන මුලින්ම විරෝධය ප්‍රකාශ කළේ ඔහුගේම ගෝලයෙක් ලෙස සිටි ලුඩ්විග් ෆොයාර්බාක් (1804-1872) විසිනි. ජගත් ආත්මය නැමති දාර්ශනික දෘෂ්ටිවාදය 19වැනි සියවසේ සිට නාමකරණය වූයේ විඥානවාදය යන නමිනි. විඥානවාදය විශාල පරාසයක විහිදුනේ ආදිකල්පික ප්‍රජා සමූහ සමාජ ක්‍රමයේ පැවති ඇදිහිලි වල සිට විකාශනය හරහාය. මනසින් ඇති කර ගන්නා අදහසක් මත කරන දේවත්වය හෝ ආත්මීය සාධකය හෝ පැවත ආවේ ආගමික විඥානවාදය සමග මෙම ඇදිහිලි පසු කාලයේ මුසු විය. පසුව ජෝජ් බාක්ලී ගෙන් ආත්මීයත්වය යන කරුණ වගේම ජෝජ් හේගල්ගේ ජගත් ආත්මය යන කරුණ දක්වා පැමිණියේ දේවත්වය හෝ ආත්මය යන කරුණ මුල් කරගෙනය.
දැන් ප්‍රශ්නය මතුවන්නේ දෙවියන් වහන්සේ අප වසන මංදාකිනිය තුළ ඔහු විසින් මවපු පෘථිවිය පමණක් මෙවන් ගෝලීය උණුසුම වැනි විපතකට ඇද දැමුවේ ඇයිද යන ප්‍රශ්නය අපට මතුවේ. එයට පිළිතුර ජගත් ආත්මීය මෙහෙයවීමක් නම් විශ්වය මෙහෙයවන්නා විසින් විනාසයක් තමන් විසින්ම, තම සිතැගි පරිදි නිර්මාණය කර මුදා හැර ඇති බවයි. මෙහෙයවන්නාගේ සිතැගි පරිදි ව්‍යවසනය මෙහෙයවන බව එවිට සක් සුදක් සේ පැහැදිලියි නේද? එවිට පෘථිවිය මත ජීවත්වන ජීවීන්ගේ සහ මානව පැවැත්ම විශ්වය මෙහෙයවන්නාගේ සිතැගි පරිදි ධනේශ්වර සමාජයෙන් අවසන් කිරීමටද සුදානමක් පවත්වාගෙන ආවේ ඇයිද යනුවෙන් තවත් ප්‍රශ්නයක් මතු විය හැකිය. ආත්මීයත්වය විශ්වාස කරන හෝ දෙවියන් වහන්සේ විශ්වාස කර දාර්ශනික පිරිස වත්මනේ ඇතිවීමට යන ව්‍යවසනයට ආත්මීය විසදුමක් තිබේ නම් එය ඉදිරිපත් කළ යුතුය. නමුත් ආත්මීයවාදීන් හෝ විඥානවාදීන් මෙවැනි ව්‍යවසනක් නැත යන්න පවසමින් සිටිනවා වගේම, ව්‍යවසනයක් නැති තැන විසදුමකුත් නැත යන්න පවසමින් සිටිති.
ගෝලිය ව්‍යසනය ගැන නිනව්ව
ආත්මීයත්වය සහ විඥානවාදය විශ්වාස කරන ධාරාවන් කීපයක් මෑත කාලයේදීද ලකාවේ ක්‍රියාත්මක වෙති. ඒ අතර නලීන් ද සිල්වා ප්‍රමුඛ ජාතික චින්තන කණ්ඩායම වගේම පශ්චාත් නූතනවාදීන් හා එයින් කැඩුණ වංගීස සුමණසේකර පුමුඛ බටහිර ඉවුරේ දර්ශන කණ්ඩායම වගේම ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂය වගේම සමන් පුෂ්පකුමාර ප්‍රමුඛ කණ්ඩායම මේ දෘෂ්ටිවාදය නියෝජනය කරන කණ්ඩායම් වෙති. නමුත් මේ ඇතිවන ගෝලීය ව්‍යසනය මොවුන් කිසිම කෙනෙක් සාකච්ඡාවට නොගන්නවා සේම විසදුමක් සාකච්ඡා කිරීම පවා පසෙකට දමා ඇත. ඔවුන් මෑත කාලයේ ප්‍රකාශයට පත් කළ කෘති සියල්ලම පාහේ මම අධ්‍යනය කළ නමුත් ආත්මියත්වය විග්‍රහයෙන් හෝ පැරණි විඥානවාදීන්ගේ විහ්‍රහයෙන් බිඳක් හෝ ඉදිරියට ගොස් නොතිබුණි. එවිට මට වැටහුනේ ආත්මීයත්වය යනු හුදු වාචික අභිනයකින් ප්‍රශ්න වසා තැබීමට යොදා ගන්නා මෙවලමක් පමණක් බවය.
විශ්වය ගැන භෞතිකවාදී දර්ශනය තුළ මතවාදය ගමන් කරන්නේ ක්‍රිස්තු පූර්ව 500 පමණ කාලයක සිටිය. එම දාර්ශනිකයන් විශ්වය ස්වාභාවික භෞතික ව්‍යුහයක්ය යන්න පවසා තිබුණි. විශ්වයේ ආරම්භය පියවි ඇසට නොපෙනෙන අංශු (පරමාණු) වල සිට අති විශාල ග්‍රහලෝක දක්වා පරිණාමය ඥානනය කිරීමට දාර්ශනික පිවිසුම භෞතිකවාදී දර්ශනයයි. එම ද්‍රව්‍ය බිහිවීම, පැවැත්ම, නිශේධනය යන විවිධත්වයේ ලක්ෂණ වටහා ගැනීමේ චින්තනය පුබුදුවන ලද්දේ භෞතිකවාදී පැවැත්ම විශ්වාස කල දාර්ශනිකයන් විසිනි. මෙම භෞතිකවාදී දාර්ශනිකයන් විශ්වයේ මූලික පදනම පරමාණුව බව සොයාගත්තේය. මේ සාකච්ඡාව වර්ධනය වූයේ ඓතිහාසික භෞතිකවාදය නැමති දාර්ශනික සාකච්ඡාව තුළය. එම මතවාදය ඇතිකළ දාර්ශනිකයන් වූයේ පුරාණ භෞතිකවාදීන් (ලෙයුසිපස් ක්‍රි:පූ: 500-430, ඩිමොක්‍රිටස් ක්‍රි:පූ: 460-370, එපිකියුරස් ක්‍රි:පූ: 341-270), පුනරුදයේ භෞතිකවාදීන් හෝ යාන්ත්‍රික භෞතිකවාදීන් (නිකොලස් කොපර්නික්ස් 1473-1543, ගැලීලියෝ ගැලීලි 1564-1642, අයිසෙක් නිව්ටන් 1642-1727), ඉංග්‍රීසි භෞතිකවාදීන් (ප්‍රැන්සිස් බේකන් 1561-1625, තෝමස් හොබ්ස් 1558-1679, ජෝන් ලොක් 1632-1704), ප්‍රංශ භෞතිකවාදීන් (ජුලියන් ඩී ලෙමේට්ට්‍රි 1709-1751, ඩෙනිස් දිද්රෝගේ 1713-1784, පෝලි හෙන්රි හෝල්බාහ් 1729-1789), පරිණාමවාදීන් (ජින් ලමාර්ක් 1744-1829, චාල්ස් ඩාවින් 1809-1882), මානවංශික භෞතිකවාදීන් (ලුඩ්වික් ෆොයර්බාක් 1804-1872, නිකොලායි වෙර්නිෂෙව්ස්කි 1828-1870) සහ මාක්ස්වාදීන් (කාල් මාක්ස් 1818-1883, ප්‍රෙඩ්රික් එංගල්ස් 1820-1895, වී. අයි. ලෙනින් 1870-1924) යන දාර්ශනිකයන් විසිනි.
ස්ටීවන් හොකින් හා භෞතිකවාදී විශ්ව න්‍යාය
මාක්ස්වාදී දාර්ශනික පදනම භෞතිකවාදය බවට පත් වන්නේ මාක්ස්, එංගල්ස් සහ ලෙනින් ඉදිපත් කළ භෞතිකවාදී දාර්ශනික රචනා තුළිනි. එහිදී මොවුන් තිදෙනා සාකච්ඡාවට බදුන් කරන විශ්වයේ ස්වරූපය පරමාණුක විශ්වයක් යන්න භෞතිකවාදී විග්‍රහයකි. එම පරමාණු විශ්වය වත්මනේ ස්ටීවන් හෝකින් (1942-2018) විසින් 1998දී ඉදිරිපත් කළ විදාරණය වන විශ්වය (big bang theory) යන විශ්ව න්‍යාය තුළින්ද, මාක්ස්වාදය විසින් ඉදිරිපත් කළ භෞතිකවාදී විශ්ව න්‍යාය සමග බද්ධ වීම සිදු වී තිබේ. විශ්වයේ ස්වාභාවික භෞතිකය ගොඩනැගෙන්නේ පරමාණු තුළිනි. පරමාණු යනු විවිධත්වයක් සහිත පදාර්ථ සමූහයකි. පරමාණු සමූහය විශ්වය තුළ වලාවන් ලෙස එකතු වී මන්දාකිනි ලෙසත් මන්දාකිනි තුළ සෞරග්‍රහමණ්ඩල නිර්මාණය වී ඉන් අනතුරුව ග්‍රහලෝකවල ජීවය හටගන්නා බව භෞතිකවාදී ස්ටීවන් හෝකින් පැහැදිලි කරයි. අප වසන පෘථිවියද එවැනි ස්වාභාවික භෞතික ක්‍රියාවලියක බිහිවීමකි. ස්වාභාවිකව ගොඩනැගුණු පෘථිවියේ වායුගෝලයේ පරමාණු ව්‍යුහය කෘතිමව වෙනස් වූ පසු ඇතිවන්නේ විනාශයකි. ඒ විනාශයට පෘථිවිය තුළ ජීවත් වන සියලුම ජීවීන් වත්මනේ මුහුණ දෙමින් සිටිති.
පහත රූපය ඒටීවන් හෝකින් විසින් ඉදිපත් කළ විදාරණය වන විශ්වය (big bang theory) නැමති රූප සටහනයි. එහිදී විශ්වය ආරම්භ වන්නේ එකවර මතුවන ආලෝක ප්‍රභවයකිනි. අලෝක ප්‍රභවයෙන් නිකුත්වන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කාලය අවකාශය තුළ ගමන් කර එක් අවස්ථාකදී එකතුවී පරමාණුවක් සෑදෙයි. එලෙස සෑදෙන පරමාණුව පදාර්ථ වලාවක් ලෙස එකතු වී මන්දාකිනි සෑදෙයි. මන්දාකිනි තුළ පරමාණුක නිහාරිකා බවට පත්වී සූර්යන් ප්‍රමුඛ සෞරග්‍රහමණ්ඩල බිහිවෙයි. සෞරග්‍රහමණ්ඩලය යනු ග්‍රහවස්තු පිහිටීමයි. එම සෞරග්‍රහමන්ඩල වල ජීවය බිහිවීමට අවශ්‍ය සොබාදහම බිහිවන ග්‍රහලෝක වර්ධනය වීමට පටන් ගිනියි. ඉන්පසුව සොබාදහම තුළ ඒක සෛලික ජීවියාගේ සිට වර්ධනය වී ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් වර්ධනය වන බව හෝකින් පවසයි. මෙය භෞතිකවාදී විග්‍රහයකි.
පුරාණ භෞතිකවාදය
අප ඉන්නා විශ්වයේ වයස වත්මන වන විට ගණනව කර ඇත්තේ වර්ෂ බිලියන 13.8ක් ලෙසය. එවිට අපගේ සූර්යයාගේ වයස වර්ෂ බිලියන 6ක් ලෙස ගණන් කර ඇත. විශ්වයේ රූප සටහන පහතින් ඇත.

පුරාණ භෞතිකවාදීන් ගේ දාර්ශනික දැක්මෙන් පසුව විඥානවාදයත් එකාබද්ධ කළ දාර්ශනික මතය පාරභෞතිකවාදය ලෙස හදුනාගනී. එහි මූලාරම්භක දාර්ශනිකයා වූයේ ඇරිස්ටෝටල්ය (ක්‍රි:පූ: 384-322). ඔහු මූලික ලෙස පුරාණ භෞතිකවාදීන්ගේ පරමාණුවාදය පිළිගත්තේය. එහිදී සියලු දේවල් ද්‍රව්‍යමය උපතකින් පැන නැගුණ බවත් එය හැඩයක් නැති හා අස්ථීර වූවක් බවත් ඒවා ක්‍රියාත්මක වීමේදී පැවැත්ම හැර වෙන යමක් නොමැති බවත් ඇරිස්ටෝටල් ප්‍රකාශ කළේය. එය නියම සංවේදී දෙයක් බවට පත් වූයේ ද්‍රව්‍යය එකී ස්වරූපයෙන් හදුනාගැනීමයි යන්න ඔහු පැවසීය. එම මතය භෞතිකවාදී දාර්ශනික මතවාදය නියෝජනය කළේය. නමුත් ඔහුගේ මතවාදයේ ඊළග කොටසින් ගැටළු මතු කළේය. ඇරිස්ටෝටල් පරමාණුක ද්‍රව්‍යයේ ක්‍රියාකාරීත්වය චලිතයෙන් වෙන් කළේය. යම් පරමාණුක ද්‍රව්‍යකට චලිතය පිටතින් ඇතුලු කරන බව ඔහු පෙන්වා දුන්නේය. ද්‍රව්‍යය අස්ථිර තත්වයක සිට ස්ථීර තත්වයකට මාරුවීමේදී සහ එක් තත්වයක සිට තවත් තත්වයකට වෙනස් වීමේ ප්‍රභවය වූ චලිතය මෙහෙයවන්නේ දෙවින්වහන්සේ බව ප්‍රකාශ කළේය. ඇරිස්ටොටල්ගේ විශ්වය පිළිබද න්‍යාය භෞතික ප්‍රවනතා සමග විඥානවාදී ප්‍රවනතා ගැබ්වීම නිසා පාරභෞතිකවාදය ලෙස නාමකරණය වූයේ එලෙසිනි. මේ නිසාය ඔහුගෙන් පසුව විවිධ කාලවකවානුවල සාකච්චාවට ලක්වූ විවිධ පාරභෞතිකවාදී ප්‍රවනතා තිබුණි. ඒ අරාබි පාරභෞතිකවාදය (අල් බෘරූනි 973-1050, අව් සෙනා 980-1073, ඉබන් රුෂ්ද් 1126-1198) ඉන්පසුව විඥානවාදී පණ්ඩිතවාදය (තෝමස් ඇක්වයිනාස් 1225-1272) ඉන් පසුව නව පාරභෞතිකවාදය ලෙස (රෙනේ ඩෙකාට් 1596-1650, බෙනඩික් ස්පිනෝසා 1632-1677, ගොට්ප්‍රිඩ් ලිබ්නිස් 1646-1716) යන දාර්ශනිකයන්ව හදුන්වා දිය හැකිය.
එවිට මතුවන ප්‍රශ්නය වන්නේ විශ්වය දෙවියන්වහන්සේගේ පාලන ක්‍රියාවලියක්ද? නැත්නම් ආත්මීය පාලන ක්‍රියාවලියක්ද? නැත්නම් ස්වාභාවික භෞතික ක්‍රියාවලික්ද? යන්නය. එවිට දෙවියන්ගේ පාලන ක්‍රියාවලියක් හෝ ආත්මීය ක්‍රියාවලියක් නම් එය නොදන්නා සහ සොයාගත නොහැකි ක්‍රියාවලියකි. මේ විශ්වය ස්වාභාවික භෞතික ක්‍රියාවලියක් නම් එය ගැන පරීක්ෂණ මගින්, නිරීක්ෂණ මගින් විද්‍යානුකූලව තහවුරු කර ගත හැකිය. එවිට මානවයාට භෞතිකවාදී දැක්මක් තුළින් එයට විසදුම් සෙවිය හැකිය. භෞතිකවාදී සොයාගැනීම ගැන මෙසේ විස්තර කළ හැකිය.
භූ විද්‍යාඥයන්ගේ මතය
පෘථිවියට වයස වර්ෂ බිලියන 4.5කි. එහිදී වර්ෂ බිලියන 4කට ආසන්න කාලයක් පෘථිවි පෘෂ්ඨය ස්වාභාවිකව සකස් වූ කාල පරිච්ඡේදය ලෙස හදුනාගනියි. ඉන් පසු වසර මිලියන 538ක සිට වර්තමානය දක්වා ජීවීන් ඇති වූ යුගය ලෙස හදුනාගන්නේ පැනරොසොයික් යුගය (Phanerozoic period) නමිනි. එහිදී පැනරොසොයික් යුගය කාලපරිච්ඡේදය ජීවයේ ආරම්භයෙන් පසුව කාලවකවානු තුනක ව්‍යාප්තියක් අත් කර ගත් බව භූ විද්‍යාඥයන් සනාථ කරයි. එනම් පළමු යුගය වන පැලියෝසොයික් යුගය (Paleozoic period), දෙවැනි යුගය වන මෙසෝසොයික් යුගය (Mesozoic period) සහ වත්මන් යුගය ලෙස හදුන්වන පැලියෝජීන් යුගය (Paleogene Period) යනුවෙන් මේ යුග තුන භූ විද්‍යාඥයන් නාමකරණය කරති.
ඒ ජීවීන්ගේ ආරම්භක යුගය වන පැලියෝසොයික් යුගය යනු භූ විද්‍යාත්මක, දේශගුණික සහ පරිණාමීය වෙනස්කම් වලින් ජීවයක් ඇතිවීම සදහා අකාබනික තත්වයේ සිට කාබනික තත්වය දක්වා වගේම ඒක සෛලී ජීවියාගේ සිට බහුත්ව සෛල ජීවීන් දක්වා වර්ධනය හටගත් කාල පරිච්ඡේදයයි. පෘථිවි ඉතිහාසයේ ජීවයේ වේගවත්ම සහ පුළුල් විවිධාංගීකරණය වූ ජීවී විශේෂ බිහිවීම ලෙස හැඳින්වෙන ආත්‍රපෝඩාවන්, මොලුස්කාවන්, මාළු, උභයජීවීන් සහ උරගයින් යන සියල්ලම පැලියෝසොයික් යුගයේදී පරිණාමය විය. පැලියෝසොයික් යුගය අවසන් වූයේ විශාලතම වඳවීමේ සිදුවීම වන පර්මියන්-ට්‍රයැසික් (permian Triassic) නැමති වඳවීමේ ක්‍රියාවලිය සිදුවීමෙනි. මෙම ව්‍යවසනයේ බලපෑම කෙතරම් විනාශකාරී වූයේද යත්, ගොඩබිම තුළ නැවත ජීවයක් ඇති වීමට වසර මිලියන 30ක අන්තර් කාලයක් ගත විය.
ඉන් පසුව වසර මිලියන 251ට පෙර ආරම්භ වූ විශාල ශරීරයන් සහිත ඩයනොසිරයන් ජීවත් වූ යුගය නාමකරණය වන්නේ මෙසෝසොයික් යුගය යනුවෙනි. මෙසෝසොයික් යුගයේ සැලකිය යුතු භූගෝලීය, දේශගුණික සහ පරිණාමීය ක්‍රියාකාරකම්වල කාලයක් විය. මේ යුගය වර්ෂ මිලියන 251 සිට වර්ෂ මිලියන 66 දක්වා පැවතුනි. මේ යුගයද පරිණාමීය වර්ධනයන් අවස්ථා තුනකදී පරිවර්තනයට ලක් වූ බව භූ විද්‍යඥයන්ගේ මතයයි. මෙම ජීවීන් වද වීමට හේතු වූයේ පෘථිවිය සමග ඇති වූ ග්‍රාහක ඝට්ටනයක් මුල් කරගෙනය. එම ග්‍රාහකය දකුණු ඇමරිකාවෙි පෙනිසිවුලාවේ තවමත් ශේෂ වී ඇත. එම ග්‍රාහක ඝට්ටනය පෘථිවි ඉතිහාසයේ විශාලතම ජීවී වඳවීම ලෙස සැලකෙන බැවින් එය “මහා මියයාම” ලෙසද හැඳින්වේ.
මියගිය ජීවින්ගේ පොසිල කොටස්
ඉන් පසුව වර්තමානයේ සිට මිලියන 23කට පෙර නැවත ජීවීන්ගේ ආරම්භය සනිටුහන් වන අතර එය පැලියෝජීන් යුගය යනුවෙන් අප වසන යුගය නාමකකරණය කරයි. වසර මිලියන 66කට පෙර අවසන් වූ මෙසෙසොයික් යුගයේ සිට පැලියෝජීන් යුගය ආරම්භ වීමට වසර මිලියන 43ක අන්තර් කාල පරිච්ඡේදයක් ගෙවී ගොස් ඇත. පැලියෝජීන් යුගයේදී බහුල සත්ව හා ශාක ජීවීන් පෘථිවි පෘෂ්ඨයේ විවිධ ස්ථාන වල ව්‍යාප්ත වී, විවිධාංගීකරණය වී සහ මානවයා දක්වා පරිණාමය වී සමාජ ව්‍යුහයන් බිහි වී ජනපදකරණය ඇති වී 1975න් පසුව නව ලිබරල්වාදය විසින් ගොඩ නැගූ නගර ව්‍යුහය දක්වා වර්ධන වූවා සේම, බලවත් ධනේශ්වර ආධිපත්‍යක් මානව සමාජය තුළ ඇති කර ගන්නට සමත් වූයේය. වත්මනේ නාගරීකරණය වූ මානව ජන ව්‍යුහය සකස්වී ඇත්තේ 70%ක් නරගරවල වෙසෙන අතර 30%ක් ග්‍රාමීයව ජවත් වෙති. එය සංඛ්‍යාත්මකව බැලුවහොත් වත්මනේ බිලියන 8ක ජනතාව ගෙන් බිලියන 6ක ජනතාවක් නගරවල සහ බිලියන 2ක ජනතාවක් ග්‍රාමීයව ජීවත් වෙති. මේ ක්‍රියාවලිය නිසා නගරවල වායුගෝලය දූෂණයට ලක්වීම වේගවත් වී තිබේ. මේ මොහොත වන විටත් චීනයේ බීජින් නගරය දූෂිතම නගර අතර අංක එකට වැටී ඇත. ඒ වගේම ඉන්දියාවේ දිල්ලි සහ මුම්බායි නගර දෙකද එලෙස දූෂිත නගර ලෙස නාමකරණය වූ නගරයි. වත්මනේ ආර්ථික ස්ථායීතාවයක් නොමැතිකම නිසා නාගරික නිවාසවල ජීවත්වන ජනතාව තම නිවාසවලින් එළියට වැටෙන සංඛාත්මක අගය ලෝකය පුරා විශාල වී තිබේ.
ප්‍රශ්නය මතු වී තිබෙන්නේ වර්ෂ මිලියන 538ක් පුරා ජීවී පරිවර්තන කාලපරිච්ඡේදයේ මිය ගිය ජීවීන්ගේ පොසිල කොටස් සැගවුනේ මුහුදු පතුලේය. ශාක භශ්ම ද පොළවේ තැන්පත් වූවාය. මේවා කාර්මික විප්ලවයෙන් ගොඩ ගෙන පොසිල ඉන්ධන කොටස් බොර තෙල් ලෙසද සහ ශාක භශ්ම කොටස් ගල් අගුරු ලෙසද දහනය කිරීමට යොමුවීමත් සමග ඉන් හටගන්නා කාබන් පරමාණු වායුගෝලයේ තැන්පත් විය. මේ මොහහොත වන විට වායුගෝලයේ කාබන් පරමාණු ප්‍රමාණය ධනේශ්වර සමාජය ආරම්භ කරන විට වායුගෝලයේ පැවති ප්‍රමාණයට වඩා 26% වැඩිවීමක් දක්වා වර්ධනය වී ඇත. කාබන් පරමාණු වැඩිවීම ගෝලීය උෂ්ණත්වය ධනේශ්වර සමාජය ආරම්භ වන (1770) විට පැවති මට්ටමට වඩා දැවැන්ත ප්‍රමාණයකින් වර්ධන වී ඇති බව පරීක්ෂණ වලින් තහවුරු කර තිබේ.
මෙහිදී බැලිය යුතු තවත් පැත්තක් ඇත. ඒ සියලුම ජීවීන් ආශ්වාස ප්‍රාශ්වාස කරති. එහිදී ඔක්සිජන් පරමාණුව ආශ්වාසයේදී ගෙන ප්‍රාශ්වාසයේදී කාබන් පිටකරති. සෑම ජීවියකුම පරමාණු නිෂේධනයකට සම්බන්ධ වෙති. අනෙක් පැත්ත ශාක කාබන් අවශෝෂණය කරගෙන ඔක්සිජන් පිටකරති. එවිට ශාක සහ ජීවීන් අතර පැවතුනේ ස්වාභාවික අන්තර් සම්බන්ධයකි. ඒ ස්වාභාවික අන්තර් සම්බන්ධය බිඳ වැටුනේ ධනේශ්වර සමාජ භාවිතයේදී නව ලිබරල්වාදී ක්‍රියාවලිය තුළදීය. ඒ හරහා බීජින් නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය අවම මට්ටමක් දක්වා ගමන් කර ඇත. ඒ නිසා බීජින් නගරයේ වැසියන්ට කැනඩාවෙන් ආනයනය කළ ඔක්සිජන් පැකට් විකිනිමට ඇත. ඒ අනුව බැලුව විට ගෝලීය භෞතිකයේ විනාශය විවිධ පැති දෘශ්‍යමාන වීමට පටන්ගෙන තිබේ. ඒවා භෞතිකවාදීව විමසා බැලුව හොත් ධනේශ්වර සමාජය විසින් ගෙන ගිය ප්‍රතිපත්ති වලින් මේ ව්‍යවසනය ඇති වූ බව විද්‍යානුකූලව තහවුරු වෙයි. එමනිසා මේ ඇතිවන ව්‍යවසනයට මුහුණ දෙන සමාජ කණ්ඩායම් ලෝකය පුරාම විවිධත්වයක් සහිතව අරගලයට පැමිණීම දැක ගත හැකිය. එය ධනේශ්වර ක්‍රමය පෙරලා නව සමාජ ක්‍රමයක් ඇති කර ගැනීමට ජන අරගලය ප්‍රමුඛ කරගෙන දැවැන්ත උද්ඝෝෂණ පැන නැගීම ලෝකය පුරා සුලභ සිදුවීමක් වී තිබේ.
ව්‍යයසනයට විසදුම මාක්ස්වාදී දෘෂ්ටිවාදයයි
මෙය ආත්මීය සාධකයක් හෝ දෙවියන්ගේ සිතැඟි පරිදි මෙහෙවයන ක්‍රියාවක් නම් මානවයාට කිසි දෙයක් කළ නොහැක. එය අප ජීවත්වන පැලියෝජීන් යුගය ආත්මීය සාධකයක් මත මෙහෙයවන්නාට වන්දනාමාන කිරීම හෝ යාඥා කිරීම හෝ භක්තිවන්ත වීම වැනි නිෂ්ක්‍රීය ක්‍රියාමාර්ග තේරා ගත හැකිය. එම ක්‍රියාවන් මගින් මානවයාට විසදුමක් ලැබෙන්නේ නැත. මේ කරුණ භෞතිකවාදීව විග්‍රහ කර ගතහොත් එහි ඇති සංඝගටක සමග වෙනස්කම් රාශීයක් කළ හැකිය. ඒ සදහා එක් කරුණක් පැවසුවහොත්, පුද්ගලික ප්‍රවාහන සේවයෙන් ලෝකයේ ධාවන වන වාහන බිලියන 1.7 වෙනුවට පොදු ප්‍රවාහන සේවය ස්ථාපිත කළ හොත්, පොදු වාහන මිලියන 8ක පමණ ඉතා අඩු ප්‍රමාණයකින් ලෝකයටම පොදු ප්‍රවාහන සේවයක් සැපයිය හැකියි. එවිට ලෝකය පුරා ගෝලීය ධනවාදය විසින් මුදාහරින කාබන් ප්‍රතිශතය 99%ක ප්‍රමාණයකින් පහත හෙලිය හැකිය. එය කළ හැක්කේ භෞතිකවාදය පිළිගත් මාක්ස්වාදීන්ට පමණි. මන්ද එය සමාජවාදී දැක්මක් නිසාය. ඒ වගේම ආත්මීයවාදීන් හෝ විඥානවාදීන් හෝ පාරභෞතිකවාදීන් විසදුමකට එයට එකඟ නැත. භෞතිකයේ ඇතිවන ව්‍යවසනයට මාක්ස්වාදී දෘෂ්ටිවාදය තුළ සමාජීය විසදුම් ඇත. ඒවා සාකච්චා කර වැඩපිළිවෙලක් සකසා සංවිධාන ශක්තිය වර්ධනය කරගෙන විප්ලවකාරී වෙනසක් සඳහා සමාජයට නායකත්වයක් සැපයිය යුතුය. එවිට එය ගොඩනැගිය හැක්කේ සොබාදහම සමග මුසුවූ සමාජ ආර්ථික වැඩපිළිවෙලක් තුළින් පමණි. එය අපි හරිත සමාජවාදය යනුවෙන් නාමකරණය කරමු.

චමිල් ජයනෙත්ති