මහ පිලිහුඩුවා / Stork-billed Kingfisher

ශ්‍රී ලංකාවේ හමුවන පිලිහුඩු විශේශ හතෙන් විශාලතම විශේශය වන මහ පිලිහුඩුවේ ප්‍රමානයෙන් ගෙල​-අලු කපුටෙකුටද වඩා මඳක් විශාල වේ.

මේ පක්ශියාගේ විශාල ශරීර ප්‍රමානය සහ ඉතා විශාල අඳුරු රතු පැහැති හොටය හොඳම හඳුනාගැනීමේ ලක්ශන වේ.

මහ පිලිහුඩුවාගේ හිසේ ඉහල කොටස තද දුඹුරු පාටකි.කෙටි ගෙල​,ලය සහ උදරය බොර කහ හෙවත් සමර කහ පාටින් යුතුය​.තටු සහ වලිගය ඉහල පෘශ්ථය අඳුරු තද නිල් පාටකින් සහ පිට කොටස දීප්තිමත් නිල් පාටින් යුතුය​.පාද දීප්තිමත් තද රතු පාටකි.

පහතරට තෙත් කලාපයේ සහ වියලි කලාපයේ පුලුල් ව්‍යාප්තියක් පෙන්වන මහපිලිහුඩුවා බොහෝවිට හමු වන්නේ යුගල ලෙස හෝ තනිවමය​.සෑම පක්ශියෙකු හෝ යුගල තමන් විසින් වෙන් කරගත් නතු ප්‍රදෙශයක කල් ගත කරති.මේ ප්‍රදේශය තුල පක්ශියා වසා සිටින්නට ප්‍රිය කරන උස් ස්ථාන කිහ්හිපයක් තිබේ.මෙම උස් ස්ථානයක වසා සිට අවට සුපරීක්ශාකාරීව බලන මහ පිලිහුඩුවා උස් ස්ථානයක සිට ගොදුරු කරා එක්වර කඩාපනින්නෙකි.හොටයෙන් ගොදුරු ඩැහැගෙන යලිත් වසා සිතිස්ථානය කරා හෝ ඒ අසල තිබෙන වෙනත් වසන ස්ථානයකට පියඹා ගොස් ගොදුරු ගිල දමයි.ප්‍රදාන වශයෙන් මසුන් ආහාරයට ගන්නා නමුත් වෙනත් ජලජ සතුන්වද ගොදුරුකර ගන්නා අවස්ථා තිබේ.

බොහෝ පිලිහුඩුව කැදලි තැනීම පිනිස ගන් ඉවුරු හෝ කන්ඩි හාරා ගුල් තනන නමුත් මහ පිලිහුඩුවා බොහෝ විට ගුල් තනන්නේ විශාල ගස්වල කඳන්වල හෝ අතුවල හාරා ගන්නා බෙන තුලය​.මේ ක්‍රියාවේදී මෙන්ම බිත්තර සහ පැටවුන් රැක බලා ගැනීම සඳහාද පක්ශීන් යුවලම දායක වේ.

By Jagath Gunawardane

Loading