ජගත් ගුණවර්ධන විසිනි
පියාඹන බත්කූරන් එක තැනක වසා සිටිමින් පහරදී අල්ලා ගැනීම පලා කොකා (Striated Heron / Little Green Heron) සතු සුවිශේශී හැකියාවකි.මෙය වැඩිහිටි මෙන්ම නොමේරූ (අපරිනත)(immature) සහ ලාබාල අවධීන් (juvenile) වල සිටින පලා කොකුන් පවා හොඳින් සිදු කිරීමට සමත් වේ.
මෙම ඡායාරූපයේ නිමිත්ත වූයේ තමන් අසලින් පියඹා යන බත්කූරන් කෙරේ විමසිලිමත්ව පසු වූ අපරිනත පලා කොකෙකි.
මේ පලා කොකා වෙත පියඹා එන Oriental Scarlet විශේශයේ පිරිමි බත්කූරෙකු දුටු සැනින් කිසියම් සිදුවීමක් අපේක්ශිතව මවිසින් කැමරාව ක්‍රියාත්මක කල අතර එක්වරම තමා වෙත කඩා පැන්න පලා කොකාගේ ප්‍රහාරයෙන් එක් වරම ඉවතට හැරී බේරීමට බත්කූරා සමත්විය.
ඡායාරූපොඅයෙන් පෙන්නුම් කරන්නේ බේරී පියඹා යන බත්කූරා සහ ගොදුර අහිමි වූ පලා කොකාය.
කිසියම් නිරීක්ශනයක යෙදී සිටින විට සිත මේ මොහොතේ සහ එතැන රඳවා තබා ගැනීම මවිසින් කලක් පුරා ප්‍රගුන කරගෙන එන්නකි.මෙහිදී සමස්ථය කෙරේ මෙන්ම විශය වස්තුව කෙරේත් නිරන්තර අවධඅනය යොමුවී තිබීම අත්‍යඅවශ්‍ය වන්නකි.මෙය ජපානයේ තිබෙන බුදු දහමේ සෙන් සම්ප්රදායයේ තිබෙන ශාස්ත්‍රීය පුහුනුවීම් ඇසුරින් මවිසින් ග්රහනය කරගත්තක් වේ.විශේශයෙන්ම මහාචාර්ය යූජීන් හෙරිගල් (Eugene Herrigel) විසින් රචිත “දුනු ශිල්පීය ශාස්ත්රයේ සෙන් දර්ශනය (Zen in the Art of Archery)” නම් ග්‍රන්ථය මට පාදක විය.එම ග්‍රන්ථයේ මෙම තීරනාත්මක මොහොත විස්තර කරන්නේ, “දුනු ශිල්පියා,දුන්න,ඊතලය සහ ඉලක්කය යන සියල්ල ඒකාග්ර වන නිමේශය” ලෙසය.
ඡායාරූප ගැනීමේදීද මෙවන් තීරනාත්මක මොහොතවල් තිබෙන බව සහ එවිට එක්වර ක්‍රියාත්මක වීම පිලිඹඳ මුලින්ම අදහස් දක්වා තිබෙන්නේ හෙන්රි කාටියර්-බ්රැසන් (Henri Cartier-Brasson) නම් ප්‍රංශ ජාතික චායාරූප ශිල්පියා විසින් 1952 වසරේදී කල ලිපියකිනි.ජපන් බුදු දහම අධ්‍යයනය කර තිබෙන කාටියර්-බ්රැසන් විසින් දක්වා තිබෙන මෙම සංකල්පය කෙසේ ඇතිකර ගත යුතුද යන්න ඔහු විසින් එහි සඳහන් කර නැත.
එසේම ඔහු විග්රහ කර තිබෙන සංකල්පය හෙරිගල්ගේ ග්‍රන්ථය ඇසුරින් මවිසින් ග්රහනය කරගත් අදහසට සමාන බව මුල සිටම පෙනීගිය කරුනක් විය. කාටියර්-බ්රැසන් විසින් මෙම ග්‍රන්ථයේ ආභාශය තම “තීරනාත්මක නිමේශය” නම් අදහස ගොඩනගා ගැනීමට ඉවහල් කර ගත්තේද යන්න ඔහුගේ ලිපිය කියැවූ මුල් අවස්ථාවේදීම මසිත ඇතිවුනු කුතුහලයක් විය.
මෙයට පිලිතුර ලැබුනේ පසුගිය වසරේදී මවෙත ලැබුන හෙන්රි කාටියර්-බ්රැසන් චරිතාපදානයයි.එහි දැක්වෙන්නේ කාටියර්-බ්රැසන් තම ම්තුරෙකු වූ මෙන්ම සෙන් දර්ශනය අධ්‍යයනය කල ප්‍රවීන සිත්තරෙකු වූ ජෝර්ජ් බ්රාක් හමුව සිටි අවස්ථාවකදී ප්‍රංශය මුදා ගැනීම සඳහා මිත්‍ර පාක්ශික හමුදා ප්‍රංශයට ගොඩබැස තිබෙන බව සැලවූ අතර එම අතිශයින් වටිනා අවස්ථාව සිහිවීම පිනිස බ්රාක් තම පොත් එකතුවේ තිබූ දුනු ශිල්පීය ශාස්ත්රයේ සෙන් දර්ශනය ග්‍රන්ථයේ පිටපත කාටියර්-බ්රැසන් වෙත තෑගිකල බවයි.
තීරනාත්මක නිමේශය ග්රහනය කර ගැනීම පිනිස හෙරිගල්ගේ ග්‍රන්ථය ඇසුරින් සහ මවිසින් කල අධ්‍යයනයන් ඔස්සේ ක්‍රමවේදයක් ගොඩ නගා ගැනීමට හැකිවූ අතර එය කලක පටන් අන්‍යයන් සමඟ බෙදා ගැනීමට කටයුතු කර තිබේ.
එය පහතින් දක්වා තිබේ.
+නිරීක්ශනය කෙරේ පූර්න අවධානය යොමු කිරීම
+ කිසියම් වස්තුවක් කෙරේ බලා සිටින්නේ නම් අවධානය අවට කෙරේ සහ වස්තුව කෙරේ ඒකාකාරීව යොමු කර ලීම
+ සිත වෙනත්දේ කෙරේ යොමුවීමෙන් හෝ වෙනත් දේ සිතන්නට යොමු වීමෙන් වලක්වා ගැනීම පුහුනු වීම
+ කඩිනම් ප්‍රතිචාරයන්ට පෙර පුරුද්දක් ඇතිකරගෙන සිටීම
+ සිතට එක්වර දැනෙන තත්වයට,එසැනින් ප්‍රතිචාර දැක්වීම
+ සිදුවීමක් අපේක්ශාවෙන්,නමුත් එය කුමක්වේද යන්න සිතීමට කාලය වැය නොකර ප්‍රතිචාර දැක්වීම
+ ප්‍රතිඵලය ගැන අපේක්ශාවකින් තොරව ප්‍රතිචාර දැක්වීම
** ඉහත ඡායාරූපය ගැනීම සිදු වූයේද මෙපරිද්දෙනි.එහිදී කැමරාව ක්‍රියාත්මක කලේ බත්කූරා දර්ශන පථයට පැමිනීමත් සමඟය.එහිදී පක්ශ්යා බත්කූරා අල්ලා ගැනීමට තැත් කරයිද නැද්ද යන්න හෝ බත්කූරාව කොකා විසින් අල්වා ගනීද නැද්ද යන්න හෝ මෙන්ම ඡායාරූපයේ කුමක් සටහන් වේවිද යන්නත් සිතන්නට නොපෙලෙඹිනි.එසේම එහි ප්‍රතිඵලය වූ මෙම ඡායාරූපයත් එයාකාරයෙන්ම භාර ගත්තා මිස කොකා විසින් බත්කූරා අල්වා ගැනීම සිදු නොවීම අදාල නොවීය.