By Raju Prabath Lankaloka
නොවැම්බර් 25 කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයයි. වාර්ෂිකව, අද සිට දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දක්වා දින 16 ක් පුරා පුද්ගලයන්ගේ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්‍රියාකාරකම් සංවිධානය කෙරේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව, බොහෝ සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරීන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය තුරන් කිරීම වෙනුවෙන් වන ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සාකච්ඡා කිරීමට මෙම දිනය අවස්ථාවක් කර ගනී. කෙසේ වෙතත්, වසරින් වසර පුද්ගලයින්ගේ සමාජභාවය මත සිදුවන ප්රචණ්ඩත්වය වැඩි වී තිබේ. මෙහි මූලාරම්භය කුමක්ද? සහ අපි එයට එරෙහිව සටන් කරන්නේ කෙසේද? කම්කරුවන් වශයෙන් සහ ඔවුන්ගේ සමාජභාවයමත වශයෙන් – වැඩ කරන ජනතාව දෙවරක් පීඩාවට පත් වූ සමාජයක ඇසිය යුතු වැදගත් ප්‍රශ්න මේවාය.
“එක්සත් වන්න! කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය නැවැත්වීමට ක්‍රියාත්මක වන්න” යන්න මෙවර දින 16 සඳහා එක්සත් ජාතීන්ගේ තේමාව වේ. ඔවුන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව, කාන්තාවන් 3 දෙනෙකුගෙන් 1 අයෙකුට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ජීවිත කාලය තුළ ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය අත්විඳිති. 2021 දී, වයස අවුරුදු 20-24 වයස්වල පසුවන කාන්තාවන් 5 දෙනෙකුගෙන් 1 අයෙකු පමණ වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර විවාහ වී ඇත. ඕනෑම ආකාරයක හිංසනයකට ගොදුරු වූ කාන්තාවන්ගෙන්, ඕනෑම ආකාරයක වන උපකාරයක් ලබා ගන්නේ 40% කට වඩා අඩු ප්රමාණයකි.
මෙයින් පැහැදිලිව පෙනී යන්නේ බොහෝ විට කියනු ලබන “ලිංගිකත්වය සළකනු ලැබුවේ අතීතයේය” යන්න මිථ්‍යාවක් බවයි. ධනවාදයේ පවතින අර්බුදය විසින් සමාජයට, එහි සාරධර්මවලට, සදාචාරයට සහ එහි නොඉවසිය හැකි අසාධාරණකම්වලට සහ පීඩනයට එරෙහිව බොහෝ ගැඹුරින් ගමන් කරන විරෝධතාවයන් හෙලිදරව් කර ඇත. ශතවර්ෂ ගණනාවක් පුරා පවතින පන්ති සමාජයේ ස්ථාවරත්වය විසින් පවුල, එනම් කාන්තාවන් පිරිමින්ගේ වහලුන් බවට පත් කිරීම වෙනුවෙන් බලගතු සහායක් ගොඩනඟා ඇත. මෙම වහල් ක්‍රමය ධනවාදයට වඩා බෙහෙවින් පැරණිය. එංගල්ස් පැහැදිලි කළ පරිදි, පීතෘමූලික පවුල බිහිවීම නියෝජනය කරන්නේ “ස්ත්‍රීත්වය ලෝක පරිමාණව ලැබූ ඓතිහාසික පරාජයයි. පුරුෂයා නිවස තුළද තම අණසක ඇති කළේය. ස්ත්‍රිය යටත් භාවයටත් වහල් භාවයටත් පත් කරන ලද අතර, ඇය ඔහුගේ තෘෂ්ණාවේ වහලියක් බවට පත්ව දරුවන් බිහි කිරීමේ මෙවලමක් බවට පත්විය.”
ධනවාදයට යායුතු මාවතක් සොයාගත නොහැකිව ඇත. ලෝක පරිමාණ ධනවාදයේ අර්බුදය විසින් සියලු කම්කරුවන්ගේ තත්ත්වයන් බරපතල ලෙස පිරිහීමට ලක් කර ඇත. මෙය විශේෂයෙන් කාන්තාවන්ගේ සහ තරුණයින්ගේ තත්ත්වයන් වඩාත් අයහපත් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයම පවසන අන්දමට: “කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය ලොව පුරා වඩාත්ම ව්‍යාප්ත වී ඇති මානව හිමිකම් උල්ලංඝනය ලෙස පවතී. COVID-19 වසංගතය නිසා ඉහළ ගොස් තිබූ මෙහි ව්‍යාප්තිය උග්‍ර වෙමින් පවතින දේශගුණික විපර්යාස, ආර්ථික අර්බුද, ගෝලීය ගැටුම් හේතුවෙන් මේ වනවිට තවත් ඉහළ යමින් පවතී.”
ලිංගිකත්වය අනුව ගැනෙන සියලුම සමාජ ස්ථරවලට සම්පූර්ණ විමුක්තිය සාක්ෂාත් කරගත හැක්කේ පන්ති විරහිත සමාජයක් තුළ පමණක් වන අතර එවැනි සමාජයක් සාක්ෂාත් කරගත හැක්කේ ධනපති ක්‍රමය විප්ලවීය ආකාරයට පෙරලා දැමීම මඟින් පමණි. ලිංගිකත්වය, සමරිසි භීතිකාව සහ අනෙකුත් සියලුම පීඩනයන් පන්ති පීඩනයෙන් ව්‍යුත්පන්න වේ; එබැවින්, මෙම ඕනෑම පීඩනයකට මුහුණ දීම සඳහා අප ධනවාදයටද එරෙහිව සටන් කළ යුතුය. ධනවාදය යනු සුළුතරයකගේ බලය පවත්වා ගැනීම වෙනුවෙන් බහුතරයක් පීඩනයට ලක් කිරීම මත රඳා පවතින ක්‍රමයක් වන අතර, ධනේශ්වර ක්‍රමය විසින් ඇති කරන ආර්ථික හා සමාජ අසමානතා තුළ මෙම පීඩනය තව තවත් වර්ධනය වේ. ට්‍රොට්ස්කි විසින් ස්ත්‍රිය සහ පවුල තුළ ප්‍රකාශ කළ පරිදි “ස්ත්රීන්ගේ තත්ත්වය එහි මූලයන්ගෙන්ම ගෙන වෙනස් කළ හැක්කේ සමාජය, පවුල සහ ගෘහස්ථ පැවැත්මේ සියලු කොන්දේසි වෙනස් කළහොත් පමණි”.
එබැවින්, අපට සමාජවාදය සහ කම්කරුවන්ගේ කොන්දේසි වැඩිදියුණු කිරීමට හැකි සෑම ප්රතිසංස්කරණයක් වෙනුවෙන්ම සටන් කිරීම අවශ්‍ය වේ. ස්ත්රීන්ට සහ අනෙකුත් සමාජභාවීය පුද්ගලයන්ට එරෙහි ප්රචණ්ඩත්වය, හානිකර සමාජ ආකල්ප, අධ්‍යාපනයට ඇති ඉඩ අවුරාලීම සහ තවත් බොහෝ ආකාරයේ ලිංගිකත්වය මත පදනම්වන ම්ලේච්ඡ ක්‍රියාවන්ට එරෙහිව හැකිතාක් වේගයෙන් හා දැඩි ලෙස සටන් කළ යුතුය. කෙසේ වෙතත්, සමාජ ප්‍රතිසංස්කරණ වලින් ලබාගත හැක්කේ සීමිත දෙයක් පමණි.
සමාජභාවය මත පදනම් වූ පීඩනය අවසන් කිරීමේ අරගලයට අප සම්බන්ධ වන නමුදු, හුදෙක් සමාජයේ ඉහළින්ම සිටින කිසිප දෙනෙකුගේ ලිංගිකත්වයේ සමානාතාවය වෙනුවෙන් පෙනී සිටින ධනේශ්වර ස්ත්‍රීවාදය එයට ඇති විසඳුම නොවේ. එවැනි මතවාදයකින් කාන්තාවන්ගෙන් බහුතරයකට උපකාරයක් වන්නේ නැත. මූලික වශයෙන් එය අනෙකුත් සියලු ආකාරයේ පීඩාවන් නොසළකා හැරීම හරහා, ධනපතියන් හෝ ධනේශ්වර දේශපාලඥයන් යනාදී වශයෙන් තෝරාගත් කාන්තාවන් කිහිප දෙනෙකුට පමණක් සමාජයේ ඉහළ තලයට ළඟා වීමට ඉඩ සලසයි. අනෙක් අතට, බොහෝ විට ඔවුන් නොදැනුවත්වම හෝ ඔවුන් තුළ ඇති ලිංගික යටත්වීම, ඔවුන් යටතේ ඇති ස්ත්‍රී සහ පුරුෂ යන කම්කරුවන් දෙකොටසම මත පටවයි. ධනවාදයට සමානාත්මතාවය සම්බන්ධයෙන් ලබාදිය හැක්කේ හැක්කේ මෙයයි: කලාතුරකින් පීඩිතයාට පීඩකයා වීමට ලබාදෙන අවස්ථාවයි.
පූර්ණ සමානාත්මතාවය ලබාගත හැක්කේ පීඩනයේ මූලාශ්‍රය වන ධනවාදය නැති කිරීමත් සමඟ පමණි. ඔවුන්ගේ සමාජභාවය, ජාතිය, ජාතිකත්වය හෝ ලිංගිකත්වය කුමක් වුවත් සැමට සමාන ලෙසින් සලකන ලෙසට සමාජවාදය ඉල්ලා සිටී. ධනවාදය දැඩි ස්ත්‍රී පුරුෂ සමාජභාවී භූමිකාවන් මත යැපෙන අතර, සමාජවාදය විසින් පුද්ගලයන් කොටුකොට තැබූ මෙම මර්දනකාරී රාමු ඉවත්කර දමනු ඇත. අපගේ රැකියා ස්ථානයේ, සෞඛ්‍ය සේවා සහ නීති පද්ධතිය තුළ සියලු දෙනාටම වෙනස් කොට සැලකීම් සහ යටත් කිරීම්වලින් තොර සමාජයක් සහතික කිරීම සඳහා සමාජ ප්‍රතිසංස්කරණ පවත්වා ගත යුත්තේ සැලසුම් කළ ආර්ථිකයක් සමඟ එක්ව ගනිමින්ය.