ධම්මික කුමාර විසිනි
2020.03.30
වත්මන් ආණ්ඩුව 2020 වසරේ බලයට පත් විය. එදා සිට ලංකාවෙන් බැහැර ලෝකයට ප්‍රබල චිත්‍රයක් මැවිනි. ඒ තමා රාජපක්ෂ මහත්වරුන්ගේ තනි පවුලක ආධිපත්‍යය යටතේ රටේ පාලනය පවතින බවත් ලෝක නීතියට බැහැරව පවුලේ සිතැඟි පරිදි ක්‍රියාත්මක කරන බවත් ය. මේ ප්රවනතා සාක් කළාපය ප්‍රධාන කොටගත් ලෝකයේ බලවත් රටවල නෙත ගැටුන කරුනකි. විදේශ මාධ්‍ය පුවත් තුළ විවේචනයට ලක් වූ ශීර්ෂ පාඨ පුවතකි.
මේ තත්ත්වය දෙස් විදෙස් බොහෝ දේශපාලන විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබුණි.ප්රජාතන්ත්රවාදි රාමුවෙන් පිට රාජ්‍ය පාලනය ක්‍රියාත්මකවීම,දූෂණ වංචා ප්‍රබල වීම.බිහිසුණු චෝදනා ඇති වැරදිකරුවන් නිදොස් කොට නිදහස් කිරීම,නීත්‍යාණුකූලව අත් අඩංගුවට පත් වන්නන් නීත්‍යාණුකූල නොවන අයුරින් ඝාතනයට පත් කිරීම. තම පාලන කාලසීමාවන් තුළ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම්, මාධ්‍යකරුවන් ඝාතන ,පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධි රාජ්‍ය බලයෙන් යටපත් කිරීම. වැනි කාරනා ලංකාවට සහය ලබාදෙන ආධාරක ප්‍රජාවගේ කනස්සල්ලට හේතු වූ කරුණුය.
ජාත්‍යන්තරයේ අවදානය එසේ තිබියදී මේ ආර්ථික අර්බූදය ඉතා හොඳින් දැක දැක 2020 වනවිට රාජ්‍ය බලය අල්ලා ගැනීමට ඔවුන් දැරූ ප්රයත්න සාර්ථක විය. ඒ තුළ ඔවුන්ගේ මූලික අභිලාෂයයන් වූයේ ජාත්‍යන්තරවත් දේශීයවත් ගොඩ ගැසෙමින් තිබු නඩුහබ වලින් ගැලවීම මිස මේ රට ආර්ථික අර්බුදයකට විසඳුම් සෙවීම නොවේ. ඒ සඳහා වූ විසඳුම් කිසිවක් ඔවුන් සතුව නොමැති බව ගතකොට ඇති දෙවසර හොඳටම සාක්ෂි ය.
ණය අර්බූදයකට රට පත්ව සිටියත් එයින් බිහිසුණු පීඩාවට පත්වන්නෝ ජනතාවය. ඉතා සාර්ථකව සිදු කෙරෙන මුදල් අච්චු ගැසීම නිසා උද්දමනය සීඝ්රයෙන් ඉහල ගොස් ඇත. රට තුළ විදේශ සංචිත හීනවීම නිසා අත්‍යාවශ භාණ්ඩවල මිළ ගනන් සීමා රහිතව වැඩි වෙමින් පවති. භූමිතෙල්,පැට්ර්රල් ඩීසල් මිනිසුන්ගේ දෛනික අවශ්‍යතා සපුරාගත නොහැකිව වරු ගනන් දවස් ගනන් තෙල් ශෙඩ් ලඟ මිනිස්සු රැය පහන් කරති. විදුලිය කැපීම හේතුවෙන් රට වැසියා අන්ත අසරන තැනකට පත් ව සිටී.ගෑස් නොමැති කමින් නාගරික ප්‍රජාව අන්ත අසරණ වී සිටී.
දැන් රාජපක්ෂ මහත්වරුන්ගේ රාජ්‍ය සමාගම මුළුමනින්ම අසාර්ථක බව හොඳින් වටහා ගෙන ඇත.නමුත් මහින්ද නැමති දේශපාලන සළකුණ බිඳගෙන ආණ්ඩුබලය අල්ලා ගැනීමට සමත් විපාක්ෂික දේශපාලන කඳවුරක් මතුව නොමැත. ජනතාව මුළාවට ගොදුරුව එක පෙළට පාරට බැස ඇතත් ආණ්ඩුවට යම් බලපෑමක් කළහැකි බලවේග කට්ටල වෙන් වෙන් වශයෙන් ජනබලය පෙන්වීමට උත්සුක වෙති.
සිංහල ජාතිකවාදි බලකඳවුර අද ජවිපෙ සතුව නැත. සමගි ජන බලවේගය තුළ ද අද දක්වා නැත. ඒ පමනක් නොව දෙමළ මුස්ලිම් ජාතිකවාදි බලකඳවුර ද මුළුමනින්ම දුර්වලව තිබීම මේ පීඩක ආණ්ඩුවට විශාල වාසියකි.එවැනි බලවේග විතැන් වී තනි තනිව සිටින්නේද ආණ්ඩුව සමගය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ ආර්ථික අර්බුදය ඉදිරියේ කළයුත්තේ කුමක්ද යන්න කිසිම විකල්පයක් නොමැතිව සිටී. දැන් ඔවුන්ට ඇති හොඳම විකල්පය අර්බුදයට ක්ෂණික පියවර ගතහැකි චරිත තෝරා ගැනීමය. රාජපක්ෂ මහත්වරුන්ට පිළිගත හැකි විශ්වාසනීය චරිතයක් වත්මන් දේශපාලනයේ නැත.නමුත් වත්මන් විපක්ෂයටත් ආණ්ඩුපක්ෂයටත් නැති පරිනත රාජ්යතාන්තිකයකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමනි.ඔහුගේ වැඩි වාසියට ඇත්තේ විපක්ෂයට නොව ආණ්ඩු පක්ෂයට ය කීම අසාධාරණ නැත.
බොහෝ කසු කුසු පසුගිය දින කිහිපය තුළ ඇසෙන්නට ගත්තේද එජාප නායක රනිල් වික්‍රමසිංහයන් ගැනය. සෞභාග්‍ය ආණ්ඩුවට තවත් වසර 3 කට ආසන්න කාලයක් ඇති නමුත් මේ අර්බුදයෙන්ගොඩ ඒමට ඒකායන විසඳුම IMF යෑම වුවහොත් එය උපායමාර්ගික බල තුලනයකින් කෙසේ හෝ සිදුකිරීමට රාජපක්ෂ ආණ්ඩුව උපරිම වෑයම දරනු ඇත. ඒ උදෙසා ජාතික ආණ්ඩු කතා බහක් කරළියට පැමින ඇත.
මේ අතර ඉන්දියාවේ සොඳරු දේශපාලන බල ග්රහනයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගොදුරුව ඇති සේයක් පෙනේ.එවැනිම ආකාරයට චීනයද ලංකාවේ ක්‍රියාකලාපය තම වාසියට හරවා ගනීමට වෑයම් කරමින් සිටී. ඇමරිකානු ප්‍රබල නිළදාරිනියක් ද ඇවිත් ගියාය. කැබිනට් මණ්ඩලය නිහඩ කොට ඇමති බැසිල් තම අභිමතයට තීන්දු ගනිමින් ඉන්නා බව පවසන්නේ කැබිනෙට්ටුවෙන් ඉවත් කල විමල් වීරවංශ මහතාය.අර්බුදයේ භයානක හැඩරුව ටිකෙන් ටික මතුවුණා පමනි. මැදින් පෝය අවසන් වෙමින් බක් පෝය එළැඹෙමින් ඇත.
කිසිවෙක් නොදන්නා පාරක දැන් අර්බූදය අතට ගෙන කරකවමින් ඉන්නේ ඇමති බැසිල්ය.ඔහු සීරුවෙන් ය. ජනපති ඉන්නේ පහසුවෙන් ය. අගමැති මහින්ද අසීරුවෙන් ය. තව වසර තුනක් ගියද මේ අර්බුදයම අතට ගෙන කරකැවීමට ජාතික මෙන්ම සමගි ජනබලවේගද බලා සිටී. එතෙක් රටේ මිනිස්සු තව කොපමන කාලයක් වැඩිවන බඩුමිළ සමග මහපාරේ පෝලිම්වල මැරි මැරී ඉපදිය යුතුදැයි දන්නේ කව්ද?