චාල්ස් දයානන්ද විසිනි
ළමා චිත්‍රයේ මනෝවිිද්‍යාත්මක පසුබිම සොයමින් අප ගිය ගමනේදී හමුවූ සුවිශේෂී දරුවකුගේ නිර්මාණයකි …මේ දරුවා මුණගැසුනේ විවෘත විශ්ව විද්‍යාලයේ පෙර පාසල් ගුරු පාටමාලාවේදි ය.
එක් පෙර පාසලක සිටි වයස 5 ක පිරිමි දරුවෙක් ඉතා දැඩි රේඛා වලින් ඇද ඇති මේ චිත්‍රය දුටු සැනින් දරුවාගේ මානසික ස්වාභාවය පිළිබඳ පූර්ව නිගමනයක් කළ හැකි විය .ඔහුගේ මානසික කම්පනය ඒ තුළ ඇත.තදින් කේන්තියෙන් ඇදි රේඛා වලට කොලය මැද ඉරී ඇත .ඔහුගේ විරෝධය නුරුස්නා බව එයින් මනාව දැකිය හැකි විය .
මේ දරුවා ගැන තොරතුරු සෙවීමේදී අපූරු විස්තර රැසක් දැනගත හැකි විය .
ඒ වන විට ඔහු සිටියේ ළමා නිවාසයක පරිවාස භාරයේය.පියා මිනීමැරුමක් නිසා හිරගතව ඇත .මව ආගිය අතක් නැත .පියා ඉතා දරුණු මිනිසෙකි .දිනපතා බීගෙන විත් බිරිඳට පහර දෙයි.දරුවා මුලු කාලයම ගෙවා ඇත්තේ බියෙනි.ආදරය අහිමිව සාංකාවෙනි.දිනක් පියා දරුවා පොලොවේ ගසා ඇත .මව පැන බේරා ගෙන ඇත .
දැන් දරුවා තමාවිඳි සියලු ප්‍රචන්ඩ ක්‍රියා අනික් අයට මුදා හරිමින් නිතර කලහ කාරී ලෙස හැසිරෙයි.
ඒ සියලු දේ චිත්‍රය තුළ සැඟවී ඇත …මේ දරුවා සම්බන්ධව විශේෂ ප්‍රතිකාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපට සිදුවිය .එහි ප්‍රධාන තේමාව වූයේ දරුවා ට අහිමි වූ ආදරය නැවත අසීමිත ලෙස ලබාදීමයි .
එය දැඩි ඉවසීමෙන් කරුණාවෙන් කල යුතුය .එම වගකීම ගුරුවරියන් කැමැත්තෙන් බාර ගෙන ටික කලකින් දරුවාගේ මානසික තත්ත්වය යහපත් කිරීමට හැකි විය …
..ළමාචිත්‍ර වනාහි දරුවන්ගේ මනස කියවිය හැකි කැඩපතකි …
” ඔබේ දරුවා ,මගේ දරුවා යයි දෙදෙනෙක් නැත ..ඇත්තේ අපේ දරුවෝය ..”