වෛද්‍ය භාග්‍යා වීරවර්ධන
තලෙයිමන්නාරමට පත්වීම් ලැබූ සිංහල වෛද්‍යවරිය මුහුණ දුන් අමුතු සිද්ධිය… වෙසක් පෝයට හම්බවුන කෑමත් දුප්පත් අයට බෙදලා..!
උතුරු කරෙන් මම යන්නෙමි..
ඊ ළගට කොහෙ ද ? මන්නාරම… ඒකත් තලෛයිමන්නාරම.. 378Km. තාත්තා ඇහුවේ පොඩි දුව යනවද ? මොකද කරන්නෙ ඔයා තීරණය කරන්න. අම්මා හිටියෙ තූෂ්ණිබූත වෙලා.
Bloom where you are planted theory එකත් එක්ක යන මට තලෛයිමන්නාරම කිව්වම ලොකු ගානක් වුනේ නැ except for the language barrier. ( NILET කරලා මට දෙමළ එපා වෙලා තිබ්බෙ)
හැම දේටම ලෑස්ති වෙන්න තිබ්බෙ දවස් 2i. තාත්තා එක්ක ටවුම පුරා රවුමක් ගිහලා පිගන් කෝප්ප හැදි ගෑරප්පු බාල්දි හට්ටි මුට්ටි එකී මෙකී නොකී ඔක්කම ගත්තෙ තලෛයිමන්නාරම කිව්වම ඉතියෝපියාවට යනව වගෙ දැනුන නිසා.
කාර් එක පිරෙන්න ලොරියක බඩුත් දාගෙන පාන්දර 3 ට පත්වීම භාර ගන්න එන කොට මොන මගුලකට යනවද resign වෙලා ජපුර join වෙන්නෙ නැතිව කියලා නොහිතුනා නෙමෙයි.
එත් මේ මට උරුම තැන දෛවය මට දීපූ තැන කියලා හිත හදා ගන්න සටනක් එක්ක කල්පනාවක ආව මට පාර දෙපස ම අරක් ගත්තු තල් ගස් හිතට එකතු කලේ අමුතුම හැගීමක්. ගෙදරින් වෙන්වෙලා ආපු දුක එක්ක මේ දසුන් මාව විස්සෝප කළා.
ගියපු මුල්ම දවසේ හරිම ආගන්තුක හැගීමක්. කට්ටිය මගෙ දිහා බැලුවෙ alien කෙනෙක් වගෙ. දවස් 3ක් හොටලයක ඉදලා quaters එකට ආවෙ අම්මලාව හැමදාමත් තියාගන්න බැරි නිසයි. තාත්තගෙනම් ලෑස්තිය තිබ්බෙ අම්මව බස්සල ඇවිත් මාත් එක්ක නතර වෙන්න. නැත්තම් මාව එක්කන් යන්න ආයිමත්.
කැඩිච්ච සිංහලෙන් අතින් පයින් staff එක මට කතා කරන්න ගන්න කොට මටත් පොඩ්ඩ පොඩ්ඩ දෙමල ගැට ගහගන්න පුඑුවන් වෙන කොට language barrier එක අඩු වෙන කොට මම මේ ගමට ආදරේ කරන්න ගත්තා. ඒ අහින්සක මිනිස්සු ගැන එන්න එන්නම ඇති වුනේ අනුකම්පාව.
මුහුදු ගිහින් ගාණක් හොයන් දවසෙ වේල ගත කරනවා මිසක් ඒ මිනිස්සුන්ට ලොකු ලොකු බලාපොරොත්තු තිබ්බෙ නැ.
ජීවිතය හරිම පුදුමයි. අපි නොහිතන තැන් වල අරන් ගිහින් නතර කරනවා. මං ටිකින් ටික හිත හදාගත්ත මිනිස්සු දිහා බලලා.
යුද්දෙන් අවුරුදු ගානක් දුක් වින්දලා සිංහල මිනිස්සු දිහා අමුතුවට බැලුවට සිංහල අපිට ආදරේ නොකලෙත් අහිතක් තිබ්බෙ නැ ඒ මිනිස්සු ගාව.
අව්වට පිච්චිලා වැස්සට හේදිලා කෙදාරි වෙච්ච මේ ජිවිත වලින් දුක කියන්නේ මොකක්ද කියලා තව තව තේරුම් යන කොට මට ඕන වුනේ තව ඒ ගොල්ලන්ට එකතු වෙන්න.
ලාම්පු වට එලිය දකින තල් අතු අතුරපු වහලේ සිදුරු වලින් අහසට හිනා වූ නා මිස අඩන්න කදුළු තිබුනේ නෑ ඔවුන් ළග..
මගේ ජීවිතේට ඉගෙන ගත්ත ලොකුම දේ කවදාවත් භය වුනත් භය නොපෙන්නා ඉන්න. මොන තරම් දුකක් ආවත් ඒ හමුවේ නොසැලී ඉන්න හැටි ත් මං ඉගෙන ගත්තා.
අපි හැමෝම මිනිස්සු මේ ජාති බේද මොකටද අපේ හිත් වලට මාත් උන්ගෙන් එකෙක් කියලා හිතන්න උත්සහ කළා.
වෙසක් මාසෙ මුල් දවස් වලම ගෙදර ගිහින් එනකොට බට කෑලි කපන් අරං ආවෙ. කට්ටිය එක්ක එකතු වෙලා නඓම් මල් 3කුයි පොඩි අටපට්ටම් 10 යි ලොකු කුඩු 6 කුයි කොහොම හරි හදාගෙන ඉස්පිරිතාලෙ ඉස්සරහ තියෙන කොහඹ ගස්වල එල්ලුවෙ හැමොම හරිම ආසාවෙන්.
වෙසක් දවසෙ පාට පාට බල්බ් දාලා ගමේ කට්ටිය කූඩු බලන්න ආවම දැනුනෙ අමුතුම හැගීමක්. හිටපු අවුරැදු දෙකම ඕක කරා.
වෙසක් දවසෙ පන්සලෙන් staff එකටම කෑම පැකට් ලැබුන නිසා ඉස්පිරිතාලෙ කන්න තිබ්බ කෑම ටික පැකට් ගහලා ගමේ දුප්පත් මිනිස්සුන්ට දෙන්න තීරණය කරපු එක ගැන අදටත් සන්තෝස වෙනවා. දැන් මටත් ඉස්සෙල්ලා කෑම packet ගහන්නෙ staff එක වැඩිපුර කෑම තියෙන දවසට බෙදන්න
. දානය කියන එක හරියට නොදැන හිටියද පුරැද්දක් නැතිකමද මන්දන්නෙ නැ ඒක ඒ මිනිස්සු ඉගෙන ගත්තා. වෙසක් පොසොන් හා ආපදා කාලෙට වියළි සලාක මඑ හදන්න හරිම උද්යොගයෙන් මට උදව් වුනේ. කරපු හැම සමාජ සත්කාරයකටම ඒ අයට පුලුවන් විදියට මම අහපු දේවල් වලින් උදව් වුනා. සහභාගි වුනා.
නත්තලට මුඑ ඉස්පිරිතාලෙම මාසෙකට ඉස්සෙල්ලා සරසල නත්තල් පාටියක් දාන්නත් පොන්ගල් වලට කොලම් ඇදලා චාරිත්‍ර කරලා හැමෝ එක්කම පොන්ගල් කන්නත් , සරස්වතී පූජාවෙ ආවතේව කරන්නත්, මඩු මාතා වන්දනා කරන්නත් එකා වගෙ අපි ඔක්කම පෙලගැහුනා. ජනවාරි පලවෙනිදට කිරි උතුරවලා මේසෙ පිරෙන්න දාන කිරිබත් කට්ට සම්බොලෙ එක්ක කන්න ,
මාත් එක්ක සිංහල චාරිත්‍ර කරන්නත්, එන ලෙඩ්ඩුන්ට පවා කිරිබත් වලින් සංග්‍රහ කරන්නත් අපි අමතක කරේ නැ. ඉස්පිරිතාලය , ඇත්තටම මට මගේ ගෙදර වුනා. කාර්යමණ්ඩලය මට මගෙ දෙවනි පවුල වුනා.
කෝවිලට පල්ලියට කව්රු ආවත් ජාතිය අහන්නේ නැතුව ආශීර්වාදය දෙන්න පුජකතුමා අමතක කලේ නෑ..කොහේ හිටියත් දුවන් ඇවිත් මට ඉස්සෙලම පුජාව දෙන්න තරම් ඒ හිත් ලෙන්ගතු වුණා.
කිසි අහිතක් නැතුව එක වගේම ආශීර්වාදය මඩු දේව මෑණියන්ගෙනුත් අම්මාන් දෙවියන් ගෙනුත් මට ලැබුණා.
ඒ වගේමයි ඇතිවුන සමහර සහෝදර බැදීම්. මාව තමනගෙම සහෝදරියක් , දුවෙක් විදියට ආදරයෙන් බලා ගත්ත , කන බොන එකේ ඉදන් ගෙදර යන විදිය ගැන පවා හොයලා බලලා ගෙදර යන්න වෙන්නෙ නැතිකොට mood ගහලා කන්න රහ කෑම නැතිව මූණ ඇද කරං depress වෙලා ඉන්න මට දූපත් ජීවිතය එපා නොවෙන විදියට තියාගත්තු ඒ සොදුරු බැදීම් මගේ මතක පිටු අතරෙ හැමදාමත් රජ කරයි.
ඒ බැදීම් හැමදාමත් ගෞරවාන්විතව එහෙම්ම තියෙයි. යාඑකම් රැකෙයි.
නොදැනීම දෙවසරකුත් මාස 7 කුත් ගෙවී ගියා මේ ආදරණීය ඉසව්ව් වේ.
මගේ රාජකාරිය නොපිහිරෙලා කරා යැයි ඔප්පු වූයේ මගේ මාරුවීම දැනගත් පසු ගමේ මිනිස්සු එකතු වී මාගෙ මාරුවීම නවත්තන්නට පෙත්සමක් අස්සන් කරන්න පෙල ගැසුන පසුය.
අන්තිමට සායනයට ආපු ලෙඩ්ඩු අත් දෙක එකතු කර වැද කදුලු පුරෝ ගත් දෑසින් කතා කර ආශිර්වාද කරනවිට , මටද මේ ගම දාලා යන්න මහා ලෝභ කමක් ඇති වූනේ ගෙදර දුවන්න කොච්චර හිත තිබ්බත්. සිංහල මට මේ දෙමළ මුස්ලිම් මිනිස්සු මෙච්චර ආදරය කර ඇති බවක් මම දැන සිටියේ නැත.
මේ ගමට දොස්තර කෙනෙක්ට එහා ගිය මනුස්ස දේවල් මට කරන්න ලැබීම ගැන , මිනිස්සුන්ට පොඩි හරි සහනයක් ගෙන දෙන්න පුඑවන් වීම ගැන මම හැමදාමත් සන්තොස වෙනවා.
ඒ අතර යෝගචනද්රන්ගේ දරුවන්ගේ ඉරණමත්, වනිදාගේ දෛවයත් වෙනස් කරන්න පුඑවන් වීම විශේෂ දේවල් වන අතර ඒ මුහුණවල් වල දැකපු බලාපොරොත්තු සැමදා නොමකෙන මතකයන් වේවි.
ආදරණීය උතුරත් දකුණත් අපි මිනිසුන් වග කියාදුන් තල් වැට අද්දර ඇතවුන ඒ බැදීම් සදාකාලික නොමියෙන සොදුරු බැදීම් ලෙස හදවතේ ජීවමාන වේවි.
වෛද්‍ය භාග්‍යා වීරවර්ධන