අද මා ප්‍රශ්න කරන්නේ, මෙම පොත හරහා සිංහලයින්ට පමණක් නොව දෙමළ සහ මුස්ලිම් අයටත් පාඩමක් උගන්වනු ඇද්ද යන්නයි.
(ජෙගන් ගනේෂන් විසින් පරිවර්තනය කළ අතිශය අභ්‍යන්තර පරීක්ෂණය නමැති කෙටි කතාව පෙබරවාරි මස 25 වන මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වූ අතර ඊට එක්වෙමින් මයිල්වාගනම් තිලකරාජා මෙලෙස අදහස් පළ කළේ ය.)
ලංකාවේ සිටින සහෝදර ප්‍රජාවන් අතර අවබෝධයක් ඇති කිරීම ඉතාමත් අභියෝගාත්මක කාරණයකි. මෙම පොතෙහි දෙමළ කෙටි කතා අටක් සිංහල භාෂාවට පරිවර්තනය වී ඇත. එහි පෙරවදනෙහි පරිවර්තක ජෙගන් ගනේෂන් මෙසේ සඳහන් කර තිබේ.
‘අප දෙමළුන් පාඩමක් ඉගැන්නුවා යනුවෙන් බොහෝ අය පවසනවා මම අසා ඇත්තෙමි’
අද මා ප්‍රශ්න කරන්නේ, මෙම පොත හරහා සිංහලයින්ට පමණක් නොව දෙමළ සහ මුස්ලිම් අයටත් පාඩමක් උගන්වනු ඇද්ද යන්නයි.
මෙම පොතෙහි එන ලේඛකයන් අට දෙනාට අමතරව ‘කුක්කූ’ ගීතයේ ගායක අරිවු, මම සහ ජෙගන් ගනේෂන් යන ඉන්දිය සම්භවයක් සහිත දෙමළ ජාතික ලේඛකයන් වන තිදෙනාටත් සම්බන්ධයක් ඇත. අප තිදෙනා ඉන්දිය සම්භවයක් සහිත කඳුකරයේ දෙමළ ප්‍රජාව නියෝනය කරන්නෙමු. එහෙත් මෙම පොත සඳහා තෝරාගෙන ඇති කෙටි කතා අට උතුරු – නැගෙනහිර දෙපළාතේ ලේඛකයන් විසින් රචනා කළ ඒවාය. වාර්ගික අර්බුදය පිළිබඳව ලියැවුණ කඳුකරයේ එක කතාවක් ඔවුන්ට සොයාගැනීමට නොහැකි වූයේ ද? මින් ගම්‍ය වන්නේ සිංහල ජනයා පමණක් නොව දෙමළ ජනයා පවා කඳුකරයේ ජනයාව බැහැර කර ගත හැකි බවය.
ලංකාවේ දෙමළ ප්‍රශ්නය යනුවෙන් බොහෝ විට අර්ථ දැක්වීම් සිදු කරනු ලබන්නේ, උතුරු – නැගෙනහිර දෙපළාතේ වැසියන්ගේ ගැටලු ය. එහි සිටින ජනයා ද එය එලෙසම අර්ථ දක්වයි. සිංහල ජනයා ද එය එලෙසම තේරුම් ගෙන ඇත. මේ වනවිට 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර උතුරු – නැගෙනහිර එක් කරමින් වාර්ගික අර්බුදයට විසඳුම් ලබා ගත හැකි බවට බොහෝ පිරිස් පවසති. එසේ නම් එම දෙපළාතින් පිටත ජීවත් වන දෙමළ සහ මුස්ලිම් ජනයාගේ ගැටලුවලට ඇති විසඳුම කුමක් ද?
13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරු-නැගෙනහිර එක් කිරීම එහි ජීවත් වන ජනයාට විසඳුමක් විය හැක. ඉන් සමස්ත මෙරට සිටින දෙමළ ජනයාගේ ගැටලුවලට විසඳුමක් නොලැබෙනු ඇති බවට උතුරු නැගෙනහිර දෙමළ ජනයා පමණක් නොව සිංහල ජනයාත් පැහැදිලිව අවබෝධ කරගත යුතුය.
ඉන්දු – ලංකා ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට බොහෝ අයට සිහි වන්නේ රජීව් – ජේ.ආර් ගිවිසුම පමණය. එහෙත් 1954 දී ඇති කරගත් නේරු – කොතලාවල, 1964 දී ඇති කරගත් සිරිමා – ශාස්ත්‍රි, 1974 දී ඇති කරගත් සිරිමා – ඉන්දිරා යන ගිවිසුම් ඉතා පහසුවෙන් අමතක කරති. එම ගිවිසුම්වලින් වැඩි බලපෑමකට ලක් වූයේ කඳුකරයේ දෙමළ ජනයා බවට සිංහල ජනතාවගෙන් කොපමණ පිරිසක් දැනගෙන සිටි ද? නැත්නම් කතා කරයි ද? එසේ නොමැති නම් එක ම විසඳුම 13 බව පවසන උතුරු – නැගෙනහිර දෙමළ ජනයාගෙන් කීදෙනෙකු ද කඳුකරයේ දෙමළ ජනයාගේ ගැටලු නිවැරදිව අවබෝධ කරගෙන ඇත්තේ?
මෙම පොත පරිවර්තනය කළ ජෙගන් ගනේෂන් ගැන කී දෙනෙකු දැනගෙන සිටිනු ඇති ද? ඔහුගේ මව අශෝක මුද්‍රාව සහිත ඉන්දිය ගුවන් ගමන් බලපත්‍රයක හිමිකාරිනියක්. රාමානුජම් නැව අත්හිටු වු බැවින් ශ්‍රී ලාංකේය පුරවැසියෙකු ලෙස ජීවත් වීමට සිදු විය. 2003 වසරෙන් පසුවයි ඇයට ලංකා පුරවැසිබාවය හිමි වූයේ. එදින ඔහුගේ මව ඉන්දියාවට පිටුවහල් කර තිබුණා නම් මෙම පරිවර්තන ග්‍රන්ථය එළිදැක්වීම සඳහා ජෙගන් මෙරට නොසිටින්නට ඉඩ තිබුණි.
‘කුක්කූ.. කුක්කූ..’ ගීතය රචනා කර ගායනා කළ අරිවු ද මෙලෙස බලහත්කාරයෙන් මෙරටින් පිටුවහල් කළ මවකගේ පුත්‍රයෙක්. ඔහුගේ පසුබිම සම්බන්ධයෙන් මා දෙමළ බසින් ලියු සටහනේ සිංහල පරිවර්තනය ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි හුවමාරු වනවා පසුදිනක දුටුවෙමි. එය පරිවර්තනය කර තිබුණේ ජෙගන් ගනේෂන් විසින් ය. අනතුරුව ඔහුට කතා කර ප්‍රශංසා කළෙමි. එම සිංහල පරිවර්තනය සම්බන්ධයෙන් මාගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තැබුවෙමි. එය දුටු ලේඛක සයන්තන් සිදු කළ ඉල්ලීමට අනුව ජෙගන් ව ඔහුට හඳුන්වා දීමට ද කටයුතු කළෙමි. එහි දිගුවක් ලෙස මෙම ‘අතිශය අභ්‍යන්තර පරීක්ෂණය’ නමැති පරිවර්තනය කෘතිය මේ වනවිට මුද්‍රණය වී ඇත.
ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට ගත් මෙම පියවර ප්‍රශංසා කළ යුතුය. එහෙත් ‘කුක්කූ’ ගීතය ගායනා කළ අරිවු, පරිවර්තන ජෙගන් ගනේෂන් සහ ඔහුව සයන්තන් හට හඳුන්වා දුන් මා යන තිදෙනා ම කඳුකරයේ දෙමළ ජනයා නියෝජනය කළ ද, උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනයාගේ කතා ඇතුළත් කර තිබුණ ද, කිසිදු කඳුකරයේ කෙටි කතාවක් ඊට ඇතුළත් කර නැත. රටින් පිටුවහල් වී ජීවත් වන ලේඛකයන්ගේ කතා ඇතුළත් ව තිබුණ ද, රටින් පිටුවහල් කළ දෙමළ ලේඛකයන් ව අප ඉතා පහසුවෙන් අමතක කරන්නෙමු.
ලංකාවේ කඳුකර දෙමළ සාහිත්‍ය ද සුවිශේෂි ස්ථානයක් හිමි කරගෙන සිටියි. බදුල්ලේ ජීවත් වු තෙලිවත්ත ජෝශෆ්, කොටගල ප්‍රදේශයේ ජීවත් වන මු. සිවලිංගම් යන අය ජාතික මට්ටමේ ‘දේසිය රථන්’ සම්මානයෙන් පිදුම් ලැබු ලැබූහ. වාර්ගික අර්බුදය සම්බන්ධයෙන් කෙටි කතා තෝරා ගැනීමේ දී මොවුන්ගේ එක කතාවක් හෝ සොයා ගැනීමට හැකි වූයේ නැති ද? සිංහල ජනතාව පමණක් නොව, දෙමළ ජනයා ද කඳුකර ජනතාවගේ ගැටලු තේරුම් ගෙන නොමැති බව මින් ගම්‍ය වේ.
2019 වසරේ පාර්ලිමේන්තුවේ සක්‍රීය ම මන්ත්‍රීවරුන්ගෙන් පළමු ස්ථානය අනුර කුමාර දිසානායකට හිමි වූ බව දැන සිටි සිංහල ජනයා එහි දෙවැන්නා තිලකරාජා බව දනී ද? විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස වෘත්තිය ආරම්භ කිරීමට සිටි මා කඳුකරයේ ජනයා වෙනුවෙන් හඬ නැගීම සඳහා පාර්ලිමේන්තුවට ගොස් එම ජනයාගේ ගැටලු ඉදිරිපත් කළෙමි. ඒවා ප්‍රතික්ෂේප කරන රජයට එරෙහි ව කොපමණ පිරිසක් කතා කර තිබේ ද? ගාල්ල සහ නුවරඑළිය ප්‍රදේශිය ලේකම් කාර්යාල සංඛ්‍යාව වැඩි කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය උල්ලංගනය කරමින් ගාල්ලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් නුවරඑළියට උප ලේකම් කාර්යාල ලබා දෙමින් අයිතිවාසිකම් කඩ කිරීම් සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයා තේරුම් ගනු ඇති ද?
එය කඳුකර දෙමළ ජනයාගේ ගැටලුවක්, එය ඔවුන් ම විසඳාගත යුතු යැයි මෙරට ජනයා සිතන තරමට පත් ව ඇත.
කඳුකර දෙමළ. ජනයා මුහුණ දෙන බොහෝ ගැටලු ඇත. ඒවා ද දෙමළ ජනයාගේ ගැටලු ය. ඒවා උතුරු – නැගෙනහිර ජනයාගේ පමණක් නොවේ. මෙම ග්‍රන්ථයේ තමිල්නදි විසින් රචිත ‘කඳු පිටුවහල් වන්නේ නැත’ කෙටි කතාව ද පරිවර්තනය වී ඇත. කඳු පිටුවහල් වන්නේ නැත නමුත් පැවසීමට බොහෝ මැසිවිලි ඇත. එම නිසා මගේ ලිපි මාලාවකට ‘කඳුවලට කතා කරන්න අවසර දෙන්න’ යන නම තැබුවෙමි. කඳු පිටුවහල් වන්නේ නැත, නමුත් ඔවුන්ට කතා කරන්න අවසර දෙන්න.
(ජෙගන් ගනේෂන් විසින් පරිවර්තනය කළ අතිශය අභ්‍යන්තර පරීක්ෂණය නමැති කෙටි කතාව පෙබරවාරි මස 25 වන මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වූ අතර ඊට එක්වෙමින් මයිල්වාගනම් තිලකරාජා මෙලෙස අදහස් පළ කළේ ය.)