කසකස්ථාන පාලනයේ කොන්ද කැඩූ ජනතා නැඟිටීම…

දශක ගණනාවක අසමානතාවය, අයුක්තිය සහ දූෂණය ලොවට හෙලිදරව් කරමින් – පසුගිය වසර 30 තුල වඩාත්ම ප්‍රචණ්ඩ විරෝධතා කසකස්තානය පුරා පුපුරා ගොස් ඇත. 

රටේ නායකත්වය කෙරෙහි ජනගහනය වඩ වඩාත් අතෘප්තිමත් වීම නිසා පෙර නොවූ විරූ පරිමාණයේ විරෝධතා දින ගණනාවක් තිස්සේ කසකස්තානය පුරා නගර සොලවා ඇත. ආන්ඩුව මුලින් නොසන්සුන්තාවයට එරෙහිව කැරට් අල හා කෙවිට දික් කිරීමේ ප්‍රවේශයක් සදහා උත්සාහ කළ නමුත් පසුව හදිසි තත්වයක් කැඳවීමටත්, අවසානයේ හිටපු සෝවියට් මිත්‍රයන්ගෙන් හමුදා ආධාර ඉල්ලා සිටීම දක්වාත් තල්ලු විය.

කසකස්තානයේ පළමු ජනාධිපති – Elbasy Nursultan Nazarbayev සහ ජනාධිපති Kassym Jomart Tokayev සෑම විටම “බැරිකේඩ් වල එකම පැත්තේ”,

ජනවාරි 6 වන දින, ආර්මේනියාව, බෙලරුස්, කසකස්තානය, කිර්ගිස්තානය, රුසියාව සහ ටජිකිස්තානය ඇතුළත් (නේටෝ-සමාන මිලිටරි සන්ධානයක් වන) සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ (CSTO) නියෝග සහිතව විදේශීය හමුදා කසකස්තානයේ විශාලතම නගරය වන අල්මාටි වෙත ගොඩ බැස්සේය. සංවිධානයේ මෙතෙක් අවිනිශ්චිත තත්ත්වයක පැවති  සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ (CSTO) පළමු නිල හමුදා මැදිහත්වීම මෙය වන්නේය.

කසකස්තානයේ ජනාධිපති Kassym-Jomart Tokayev විසින් CSTO රටවලට හමුදා ආධාර එවීමට සහ මහජන සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රටේ හමුදාවට සහ විශේෂ බලකායන්ට ආධාර කරන ලෙස ඉල්ලා සිටියේය. CSTO මෙහෙයුම තාවකාලික සහ සීමා සහිත වුවද, රට තුළ නීතිය හා සාමය පවත්වා ගැනීමට කසකස්තාන නායකත්වයේ හැකියාව පිළිබඳ අනතුරු ඇඟවීමක් වන්නේය.

මේ වන විට, නිල මූලාශ්‍රවලට අනුව නීතිය ක්‍රියාත්මක කරන නියෝජිතයන් සහ විරෝධතාකරුවන් සිය ගණනක් තුවාල ලබා ඇති බවත්, ගැටුම් වලින් දහස් ගණනක් තුවාල ලැබූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 164 සිදුවී ඇති බව වාර්තා වේ. (දැනට බලධාරීන් විසින් දක්වන මරණ සංඛ්‍යාව මතභේදයට ලක්ව ඇත) දින කිහිපයකින් පුරා පැවති  නගර ගණනාවක පැවති මෙම ප්‍රචණ්ඩ ගැටුමේදී 6,044 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

උද්ධමනය සහ දරිද්‍රතාවය පුපුරා යෑම

මෙතරම් දැවැන්ත විරෝධතා රැල්ලක් ජනනය කළ ගිනි පුපුර ඇති වූයේ මෙම  විශාල මධ්‍යම ආසියාතික රටේ බටහිර ප්‍රදේශවල බහුලව භාවිතා වන ඉන්ධන වර්ගයක් වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) හි මිල තියුනු ලෙස ඉහළ යාමෙනි. ඉන්ධන වෙලඳපොලේ තරඟකාරිත්වය හේතුවෙන් ආන්ඩුව විසින් මුලදී සාධාරණීකරණය කරන ලද, මිල ඉහළ දැමීමේ අනපේක්ෂිත ප්‍රතිවිපාකයක් ලෙස ජනවාරි 2 සහ 3 යන දිනවල Mangistau කලාපයේ ප්‍රධාන නගර වන Aktau සහ Zhanaozen හි වීදි ‍පුරා විරෝධතා පැන නැගුණි. මෙහිදී සදහන් කළ යුතු වැදගත් කරුණක් නම්, Mangistau යනු රටේ ප්‍රධාන හයිඩ්‍රොකාබන් නිපදවන කලාපයක් වන අතර මෙහි වැඩ කරන තෙල් සේවකයෝ, සමාගම් හෝ රජය විසින් හෝ තමන්ට අසාධාරණයක් වන බව හැඟෙන විට නිරන්තරයෙන්ම පාරට බසිති.

නිදසුනක් වශයෙන්, 2011 දී, Zhanaozen හි මාස අටක වැඩ වර්ජනයක් පැවති අතර විශේෂ බලකායන් සහ පොලිසිය විසින් ප්‍රචණ්ඩ ලෙස එය විසුරුවා හරින ලදී. නිරායුධ තෙල් සේවකයන්ට වෙඩි තබා රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. ඉක්බිතිව, පාලන තන්ත්‍රය මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයකට ඉඩ නොදුන් අතර, නිල වශයෙන් 16 දෙනෙකුට මරු කැඳවූ ගැටුම්වලට වරදකරුවන් ලෙස (ඔවුන්ව වරදකරුවන් ලෙස හඳුන්වමින්) සිවිල් වැසියන් දුසිම් තුනක් සිරගත කරන ලදී.

ජනවාරි පළමු දින දක්වා, ‘Zhanaozen’ යනු කසකස්තානයේ ‘ඛේදවාචකය’ යන්නට සමාන විය. එය සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ගෙවී ගිය රටේ දශක තුනක අඳුරුතම පිටුවලින් එකකි. ඒ පිළිබඳ වචනයක් උච්චාරණය කිරීමට පවා බිය වූ බොහෝ දෙනා තෙල් සේවකයින් ඝාතනය කිරීම හැඳින්වූයේ ‘සිදුවීම්’ ලෙසය.

කෙසේ වෙතත්, මෙවර විරෝධතා ඉක්මනින් රට පුරා අනෙකුත් නාගරික මධ්‍යස්ථාන වෙත පැතිර ගිය අතර, ජනවාරි 4 වන දින අල්මාටි හි උච්චතම ස්ථානයට ළඟා වූ අතර, ප්‍රධාන චතුරශ්‍රයට යාමට පෙර දහස් ගණන් ක්‍රීඩා පිටියක් අසල රැස්ව සිටියහ. කඳුළු ගෑස්, ස්ටන් ග්‍රෙනේඩ් සහ රබර් උණ්ඩ යොදා ගනිමින් රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට පැමිණි විශේෂ පොලිස් බළකායක් විරෝධතාකරුවන් හා සමඟ ගැටීම පුදුමයට කරුණක් නොවේ. විරෝධතාවය පසුදා උදෑසන පැවතියේ වඩාත් සටන්කාමී ජනකායක් සමඟිනි.  නගර ආණ්ඩු ගොඩනැගිල්ලට සහ ජනාධිපති නිවසට ගිනි තැබූහ. අනෙකුත් නගරවල ද ලැව්ගිනි වාර්තා විය.

ජනතාවගේ දිගුකාලීන අතෘප්තිය දෙස පාලකයින් අන්ධ ඇස් ඇතිව බලා සිටීම:

කෙසේ වෙතත්, Almaty හි හෝ අගනුවර Nur-Sultan හි රියදුරන්, ඔවුන්ගේ මෝටර් රථවලට ඉන්ධන වශයෙන්  LPG භාවිතා නොකරයි, එහෙත් ඔවුන් විරෝධය පෑවේ ඇයි? පිළිතුර දේශපාලන අතෘප්තියයි, එය වචන තුනකින් සාරාංශ කළ හැකිය: අසමානතාවය, අසාධාරණය සහ දූෂණය.

COVID-19 වසංගතය හේතුවෙන් වසර දෙකක දුෂ්කරතාවලින් පසුව, කසකස්තානයේ සමාජ-ආර්ථික ව්‍යාධිය සුව කළ නොහැකි ලෙස ඔඩු දුවා තිබුණි. උද්ධමනය සහ රැකියා වියුක්තිය සමඟ බද්ධවූ  රටේ මුදල් ඒකකය අවප්‍රමාණය වීම මෙයට බලපෑවේය. වසංගතය අතරතුර මිලියන හතරක මිනිසුන්ට රැකියා අහිමි විය, දුර්වල තෙල් මිල හේතුකොටගෙන  කසකස් ටෙංගේ/එක්සත් ජනපද ඩොලර් විනිමය අනුපාතයට සෘණාත්මකව බලපෑවේය, එය වසර දෙකකින් ටෙන්ජ් සියයට 16 කින් දුර්වල විය.

දුප්පතුන් තව තවත් දුප්පත් වෙද්දී ධනවතුන් තව තවත් පොහොසත් විය. ෆෝබ්ස් සඟරාවේ දැක්වූ කසකස්ථාන් ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුව 2021 දී හතරේ සිට හත දක්වා වර්ධනය විය. තවද මෙයට සෝවියට් දේශය බිඳ වැටීමේ සිට 2019 දී ඔහු ඉල්ලා අස්වන තෙක් රට පාලනය කළ ටෝකෙව්ගේ පූර්වගාමියා වූ නර්සුල්තාන් නසර්බයෙව් විසින් රැස් කරගත් ධනය ඇතුළත් නොවේ.

Nazarbayev සහ Tokayev යටතේ ගෙන ආ දේශපාලන ප්‍රතිසංස්කරණ ජනතාවගේ ඉල්ලීම්වලට වඩා ඉතා පසුගාමී විය. නීතියේ ආධිපත්‍යය අත්තනෝමතික සංකල්පයක් වූ අතර ආයෝජනය කිරීමට කැමති අන්තර් ජාතික සමාගම් වල පැමිණීම පද්ධතිමය පිරිවැයක් ලෙස සලකනු ලැබීය.

දුර්වල නීති මාලාවක් මගින් දූෂණයට උපරිම ඉඩක් විවර කළේය. කසකස්තාන ප්‍රභූවරුන් විසින් මුදල් විශුද්ධිකරණය සඳහා අක්වෙරළ (offshore) භාවිතා කිරීම, අල්ලස් ලබා ගැනීම සහ ඇතැම් වෙළඳපල අංශවල තරඟකාරිත්වය මැඩපැවැත්වීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධය. නිදසුනක් වශයෙන්, රටේ බටහිර පෙදෙසේ LPG වෙළඳපොළ වංචා කරන ලද අතර, මෙය හොඳින් දැන සිටියේය.

2019 සහ 2020 දී, නව නායකයා ගෙන ආ ප්‍රතිසංස්කරණ සමඟ ජනතාව වඩාත් නොසතුටට පත් වූ අතර, නැවත වරක් කුරිරු ලෙස මර්දනය කරන ලද විරෝධතා රැල්ලක් සමඟ ජනතාව ප්‍රතිචාර දැක්වීය. දැනටමත් 2021 දී, නොනවතින කම්කරු විරෝධතා රැල්ලක් මගින් පෙන්නුම් කළේ ජනගහනයේ බොහෝ අංශ තෘප්තිමත් කිරීමට රජයට නොහැකි වූ ආකාරයයි.

භූ දේශපාලනය

ජනවාරි 5 වන දින, ජනතා කැරළි ගැසීම් රටේ දකුණේ අල්මාටි සහ උතුරේ අක්ටෝබේ නාගරික ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වූ විට, ටෝකෙව් ගත් පියවර වූයේ දිගු කාලීන නසර්බයෙව් පක්ෂපාතී කරීම් මැසිමොව්ව KNB හි ප්‍රධානියා ලෙස ඔහුගේ තනතුරෙන් නෙරපා හැර අත්අඩංගුවට ගෙන, තමාම අනුප්‍රාප්තිකයා වීමය. (KNG යනු කලින් KGB ලෙස හැදින්වූ පොලිස් සේවයයි.) මීට පෙර Nazarbayev විසින් දැරූ තනතුරක් වන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස Tokayev ද කටයුතු කළේය.

මේ අතර මධ්‍යම ආසියාව දෙසට ලෝකයේම නෙත් යොමු වී තිබුණි. Tokayev CSTO භටයන් යෙදවීමට ඉල්ලා සිටි විට, දේශීය බල ව්‍යුහය තුළ ඔහුගේ නීත්‍යානුකූලභාවය පහත වැටුණි. බලයේ රැඳී සිටීම සඳහා ඔහුට ද්‍රව්‍යමය උපකාර සහ ඔහුගේ අසල්වැසියන්ගේ සහ හිතවතුන්ගේ අනුමැතිය යන දෙකම අවශ්‍ය බව පැහැදිලි විය.

දේශ සීමාවේ දකුණට පළමු මිලිටරි කණ්ඩායම සහ උපකරණ යැවූ රුසියාවට මෙම ක්‍රියාව සාධාරණ බව පෙන්වන්නට මේ නිසා හැකියාව තිබුණි. මීට පෙර විරෝධතාකරුවන් විසින් අත්පත් කර ගන්නා ලද අල්මාටි ගුවන් තොටුපල වැනි උපාය මාර්ගික ස්ථාන පාලනය කිරීමෙන් පසුව, CSTO සොල්දාදුවන් නගරයට ගොස් විරෝධතා මැඩපැවැත්වීම සඳහා ප්‍රාදේශීය හමුදාවේ ‘විශේෂ මෙහෙයුමට’ සහභාගී විය. ටෝකයෙව් පාලන තන්ත්‍රයේ දුර්වලතාවය සැලකිල්ලට ගෙන රුසියාව CSTO මැදිහත්වීමක් පවත්වා ගෙන යෑමට තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

Tokayev බලය රඳවා ගන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත, ඔහු හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයා තවමත් අතෘප්තිමත්, කොන් කරන ලද සහ පාවා දෙන බවට හැඟෙන – ජනතාව සඳහා කුමන ආකාරයේ සහනයක් ලබා දෙනු ඇත්ද සහ කුමන දිගුකාලීන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සැලසුම් කරයිද යන්න තවමත් පැහැදිලි නැත. 

Loading