ක්ෂණික කාර්යය වශයෙන්, අද ශ්‍රී ලාංකික ජනතාව මුහුණදී ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේ පැන නැඟිය හැකි අරාජිකවාදී තත්ත්වයට මුහුණදීමටත්, ඒවැනි කලකෝලාහල තත්ත්වයක් දඩමීමා කරගෙන ගෝඨාභය පාලන තන්ත්රය විසින් රටතුළ භීෂණයක් නිර්මාණය කිරීමටත් ඇති හැකියාව කෙරෙහි අවධානය යොමුකර, ඒවැනි තත්ත්වයක් ඇතිවීම වැලැක්වීම සදහා ජනතාව දැනුවත් කර පෙළගැස්වීමට වමේ සංවිධාන පෙරමුණ ගත යුතුව ඇතැයි ආසියානු කොමියුනය අවධාරණය කරයි.
1. වෙන කවරදාකටත් වඩා අද ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරය යළි ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බව මෙම සාකච්ඡාව තුළින් අපි තර්ක කරමු. බි්රතාන්ය යටත් විජිත පාලකයන් දේශපාලන බලය ශ්‍රී ලාංකීය ප්‍රභූ පැලැන්තියට පවරා වසර 73 ක් ගතවී ඇතත්, 40 දශකයේ මුල් භාගයේදී වමේ ව්‍යාපාරය විසින් ආමන්ත්‍රණය කළ ඇතැම් සංවර්ධන ඉලක්ක තවමත් ඉටු වී නොමැත.
2. වම නැවත ගොඩනැගීම ගැන කතා කරන විට සෘජුව හෝ වක්‍රව ප්රජාතන්ත්ර විරෝධී සහ ජනප්‍රියවාදී අරමුණු හඹා යන සංවිධාන සහ ෆැසිස්ට් හෝ ෆැසිස්ට් ආකාරයේ ව්‍යාපාරවලට සෘජුව හෝ වක්‍රව සහය දෙන සංවිධාන වමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස නොසැලකිය යුතුය.
3. එබැවින් විවිධ කාලවලදී සමසමාජ, කොමියුනිස්පට් වැනි පක්ෂවලින් වෙන්ව ගිය සහ අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල සහෝදරවරුන් වමේ ව්‍යාපාරය යළි ගොඩනැගීමේ කාර්යය ආරම්භ කිරීම වැදගත්ය. එසේ කිරීමේදී අපි දෙමළ ජාතික ව්‍යාපාරයේ ප්රගතිශීලී සංවිධානවල සහෝදරවරුත්, මුස්ලිම් ප්‍රජාවේ ප්රගතිශීලීන් සහ උඩරට දෙමළ ප්රජාවත් ආකර්ෂණය කර ගත යුතුයි.
4. මෙය පහසු කාර්යයක් නොවේ. වාම ව්‍යාපාරයේ එවැනි යලි එකමුතු කිරීමේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වේගයක් බලෙන් පැටවිය නොහැක. ඒ සඳහා විශාල උත්සාහයක්, කාලයක් සහ ඉවසීමක් අවශ්‍ය වේ. එසේ නොවුවහොත්, එක් එක් ඒකාබද්ධ කිරීම තවදුරටත් බෙදීම්වලට තුඩු දිය හැකි අතර, එමඟින් අප සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන සමස්ත අරමුණ නිෂේධනය වේ.
5. ශක්තිමත් වාම ව්‍යාපාරයක් නැවත ගොඩ නැගීමට නම් අප විසින් සිදු කර ඇති සමහර පැරණි වැරදි මඟහරවා ගත යුතු අතර වසර ගණනාවක් හෝ දශක ගණනාවක් තිස්සේ අප දැරූ සාම්ප්‍රදායික මතයන් අලුතින් සලකා බැලිය යුතුය. මෙම සාකච්ඡාවේ පරමාර්ථය වූයේ වමේ ව්‍යාපාරය යළි ගොඩනැගීම සඳහා සැලැස්මක් සැපයීම නොවේ. අප මුහුණ දෙන සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට තනි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට කළ ටෙනාහැකිය. එබැවින් ඉදිරි වසර කිහිපය තුළ අප මුහුණ දිය යුතු ගැටළු, අප විසින් ඉටු කළ යුතු කාර්යයන් සහ අප විසින් ගොඩනගා ගත යුතු සංවිධාන ව්‍යුහයන් පිළිබඳ සාකච්ඡාවකට දායක වීමට ගන්නා ලද උත්සාහයකි. මේ සඳහා:
- ඉතිහාසය පිළිබඳ දීර්ඝ දැක්මක් අවශ්‍යයි
- නිකායික දේශපාලනයෙන් මිදිය යුතුය
- පීඩිතයන් අතර සමගිය සහ ප්රජාතන්ත්රවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළයුතුය.
- නව ආර්ථික ආයතනික ආකෘති ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතුය.
- ජනතාවට වගවීම සහ නවීකරණය ප්‍රවර්ධනය කිරීම අවශ්‍යය.
- පීඩිතයන් සහ සමාජ ක්‍රියාකාරීන් අතර අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම අවශ්‍යය.