ජගත් ගුණවර්ධන විසිනි
ශ්රී ලංකාව තුල රැහැන් මාරාගේ උප-විශේශ දෙකක ප්ක්ශීන් හමුවේ.මින් එකක් වන Terpsiphone paradisi ceylonensis ශ්රී ලංකාවේ නේවාසික හෙවත් නිත්යවාසියෙකු වේ.මේ උප-විශේශයේ පිරිමි සතාගේ ශරීරයේ ඉහල කොටස් තැඹිලි-දුඹුරු පාටක් ගනී.එසේම වලිගයේ මැද පිහාටු යුගලය ඉතා දිග රැහැන් ලෙස වර්ධනය වී තිබේ.මේ උප-විශේශය ශරීර වර්නය නිසා “සිවුරු හොරා” ලෙස හැඳින්වේ.මේ උප විශේශයේ පක්ශීන් හිසේ වඩාත් දිගු සිලුවක් සහිත වන අතර පිරිමි සතුන් සාපේක්ශව කෙටි රැහැන් සහිත මෙන්ම සුදු පාට ලැම සහ උදරයක් සහිත වේ.
ඉන්දියාවේ සිට මෙරටට සංක්රමනය වන Terpsiphone paradisi paradisi උප-විශේශයේ පරිනත පිරිමි සතුන් සුදු පාට ශරීර වලින් සහ වලිගයේ මැද පිහාටු යුගල දික්වීමෙන් ඉතා දිග සුදු පාට රැහැන් යුගලක් සෑදී තිබේ.මේ රැහැන් පිහාටු ශරීර දිග මෙන් දෙගුනයකට හෝ ඊටත් වඩා දික්ව තිබෙන අවස්ථා තිබේ.මේ නිසා මෙම උප-විශේශයේ පිරිමි සතුන් “සුදු රෙදි හොරා / රෙදි හොරා” ලෙස හැඳින්වේ.
නමුත්,මේ උප-විශේශයේ සහ නේවාසික උප-විශේශයේත් අපරිනත පිරිමි සතුන් සහ ගැහැනු සතුන් ශරීරයේ ඉහල කොටස් තැඹිලි-දුඹුරු පාටින් යුතු නිසා වෙන්කර හඳුනා ගැනීම අපහසු වේ.
ඉතා ක්රියාශීලී සහ කලබලකාරී ලෙස නිතර එහාමෙහා පියඹමින් කාලය ගත කරයි.නිතරම වාගේ තියුනු සහ උච්ච ස්වරයේ හඬක් නගයි.පියඹන කෘමීන් ගොදුරු කර ගන්නෙකි.