විජයගේ මේ සතියට යෙදී තිබෙන ජන්ම දිනය (ඔක් 9) නිමිත්තෙනි.
ජේ.ආර්. ජයවර්ධනගේ 77 ආගමනයෙන් පසු ගෙන ආ විවෘත ආර්ථික විනාශය හා ඒකාධිපති වියරුව 80 දශකයේ ශ්‍රී ලංකාව උඩු යටිකුරු කිරීමට හේතු වු බව කිව යුතුය.
ඒකාධිපති ව්‍යවස්තාව, 80 ජූලි වැඩ වර්ජනය,(මා ද මෙම වැඩ වර්ජනයෙන් රැකියාව අහිමි වූවෙක් මි.) 83 ජාතිවාදී විනාශය, 87 පලාත් සභා පනත, 88 භීෂණය මීට ගැටලු සහ විසඳුම් ලෙස මතුවිය.
ජන නැගිටීම් හා ධවල මර්ධනයන් ගහණ වූ මේ දශකයේ ඇතිවූ පීඩිත ජනතාව ඉල්ලා සිටි දේශපාලන නායකත්වයේ එක් ප්රකාශනයක් ලෙස විජය කුමාරතුංගයන් ගේ ආගමනය සිදුවිය.
විජය ජයග්‍රහණය කල මහර අතුරු මැති වරණයේ ප්‍රතිපල ලයිට් නිවාදමා කණපිට පෙරලා නක්සලයිට් කාරයකු ලෙස සිරගත කරමින් 79 දී ජේ.ආර්. අරඹන විජය මර්ධනය, 1988 දී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් කෙරෙන විජය ඝාතනයත් සමග අවසන් වෙයි.
ගෙවී ගිය මේ දශකය තුල විජය කම්කරු, ගොවි , ශිෂ්‍ය, තරුණ,ධීවර, සෑම ජනකොටසකම අරගලයන් සමග ජීවමානව බද්ධ විය.විෂේශයෙන් උතුරු නැගෙනහිර සුළු ජාතීන් මත නැවතත් සිංහළ මහ ජාතිය සමග බද්ධ වීමේ අපේක්ෂා ව පිබිදවීමේ විජය දායක විය.
නිර්ධන පංති ජනතා සටන් ව්‍යාපාරයට පුනරුදයක් ලැබීමත් විශේෂයෙන් එය ජාතිවාදයට එරෙහිව පෙල ගැස්වීමත් ලංකාවේ පැරණි වාමාංශික ව්‍යාපාරයටත් ජනකා විමුක්ති පෙරමුණටත් කළ නොහැකි වූ පුළුල් පරාසයක් අත්පත් කර ගත්තක් ලෙස හැඳින්විය හැක.
එය කිසිදු න්‍යායාත්මක බවකින් තොර හුදු මානව හිතවාදී බවෙන්ම පිරි විජය කුමාරතුංගයන් වැන්නකුට පමණක් කළ හැක්කක් විය.
මේ නිසා බොහෝ දේශපාලන ව්‍යාපාරයන්හි ඔහුට එරෙහි ප්‍රතිගාමී සතුරන් කලෙක සිට ඒකරාශි වෙමින් සිටියහ. (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනු- ජවිපෙ නායකත්වයෙන් ජාතිවාදී ශ්‍රීලනිප කොටස්-අනුර, එජාප ප්‍රේමදාස වාදීන් සහ සකල විධ වෙනත් ජතිවාදීන් ගේ රංචු ගැසීමෙන් ගොඩනැගී තිබූ මිනීමරු සංවිධානයකි.විශේෂයෙන් මොවුන් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීමට එරෙහිව සිටි කොටස්ය.)
මෙතැන් සිට විජය හා මා සබැඳි අත් දැකීම් කීපයක් සටහන් කරමි.
එවකට යූ ඇන් පී රජය රජරට ගොවීන් මත පැනවූ ජල බද්ද ගෙවා ගත නොහැකි වූ ගොවීන් , සිරගත කිරීම අරඹා තිබුනි .මේ වනවිට නව සමසමාජ පක්ෂයට සම්බන්ධ ගොවිජන සම්මේලනය මා විසින් මෙහෙයවනු ලැබූ අතර වර්තමාණ මැතිවරණ කොමසාරිස් නිමල් පුංචිහේවා අපේ නීති උපදේශක නීතිඥ සහෝදරයා විය.
ගොවි නායක කෝට්ටපිටියේ එදුස්සූරිය සහෝදරයා සහ පලුගස්දමනේ සොලමන් සහෝදරයා (විජයට පසු ඔහු ඝාතනය කෙරුනි)ඇතුලු අප රජරට උසාවි වටලමින් ගෙන ගිය ගොවි අර ගලයට සහබාගි වීමට විජය ට ආරාධනා කළෙමු.අප දැන්වූ සැනින් විජය පොලොන්නරුව උසාවිය වැටලීමේ අරගලයට අප සමග සහබාගී විය.
80 දශකයේ දේශපාලන සටන් බිමේදී මෙන්ම පුවත් පත් කතුවරයකු ලෙස සම්මුඛ සාකච්ඡා සඳහා ඔහුගේ නිවසේ දී මට විජය හමවූ අතර ඔහුගේ අවසාන හමුවීම සිදවූ දවස තාම මතකය.
ඒ 1988 පෙබරවාරි 7 වෙනි දින කොළඹ නව නගර ශාලාවේ දී පැවති “දේශපාලන ඝාතන වලට එරෙහි ජනතා ව්‍යාපාරයේ “රැස්වීමට මා නියෝජනය කළ නව සමසමාජ පක්ෂයේ කතිකයා ලෙස මා සහබාගි වූ මොහොතේය.
රැස්වීම අතරේ වේදිකාවේ දී මගේ කනට ලංවී විජය ඇසුවේ “නයනානන්ද සහෝදරයා අපේ පක්ෂ සංවත්සරය ට වික්‍රමබාහු සහෝදරයා එනවානේ ද “යන්නයි.
ඒ වනවිටත් විදේශ ගතවී සිටි වික්‍රමබාහු සහෝදරයා , ස්ථීරවම පැමිණෙන බව මම ඔහුට සපත කළෙමි.
එහෙත් ඒ සැමරුමට සහබාගීවීමට රුදුරු දෛවය විජය ට ඉඩ නොදුනි.
පෙබරවාරි 16 මධ්‍යහ්නයට ආසන්නව අප සසල කළ පුවත වූයේ “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ” තුවක්කු කරුවකු විසින් විජය ඝාතනය කළ බවය.ලංකා වාසී ජනතාවගේ අබාග්‍යස සම්පන්න ඉරණම එතැන් පටන් ඇරඹුනි. විජය කෙනෙකුගේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා අද දැනේ.
නයනානන්ද රත්නායක,
හරය පුවත් පතේ හිටපු ප්‍රධාන කතෘ.
නව සමසමාජ පක්ෂයේ හිටපු තරුණ ශිෂ්‍ය හා ගොවිජන අංශයේ දේශපාලන ලේකම්.