හම්බන්තොට ලුණු ලේවායේ  සභාපති “නිශාන්ත සදබරණ” පන්නා දමයි!


නිරෝෂන් සුදුසිංහ විසිනි


නිශාන්ත සදබරණ මහතා  පසුගිය කාල පරිච්ඡේදය තුල හම්බන්තොට  ලුණු  ලේවාය ලාභ ලබන රාජ්‍ය  ආයතනයක් බවට පත් කිරිමට සැලසුම් සහගත ලෙස ක්‍රියාකල වෘත්තීකයෙකි.එසේ වුවද පෙර පැවති ක්‍රියාවලිය වුයේ හම්බන්තොට මහ ලේවායේ නිෂ්පාදනය කරනු ලබන ලුණු ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින් මිලට ගෙන අතර මැදියන් ලෙසින් මසකට මිලියන 10ට වඩා උපයනු ලබන ලුණු මාෆියාවකි . එම ව්‍යාපාරිකයන් දෙදෙනා විසින් චමල් රාජපක්ෂට සහ හම්බන්තොට මහ නගරසභාවේ සභාපති එරාජ් රවින්ද්‍ර මහතාටත් මාසිකව සහ ඔවුන්ගේ  දේශපාලන  කටයුතු සදහාත් විශාල කොමිස් මුදලක් ලබා දී ඇති බවට ලේවායේ සේවකයන් අතර කසුකුසුවක් ඇති බවට තොරතුරු ඇත . ලේවායේ සභාපති නිශාන්ත සදබරණ මහතා පත් විමෙන් පසු එම ලුණු ව්‍යාපාරික ඒකාධිකාරය ඉවත් කොට අතර මැදියන් නොමැතිව ඔනෑම ව්‍යාපාරිකයෙකුට ඍජුව ලේවායෙන් ලුණු මිලදී ගැනීමට කටයුතු කිරිම මෙම ප්‍රශ්නයට ප්‍රධානම හේතුව වශයෙන්  අපට පැහැදිලි වේ , එයට අනියම් පිටුබලයක් වී ඇත්තේ රාජපක්ෂ රෙජිමයේ ප්‍රබලයෙක් වන චමල් රාජපක්ෂ බව සේවකයන් අතර යම් කතාබහක් ඇත .

            රටේ සමස්ථ ලුණු අවශ්‍යතාවයෙන් 60%කට වඩා සපුරාලීමට ලුණු නිෂ්පාදනය කරනු ලබන්නේ හම්බන්තොට මහ ලේවාය ප්‍රධාන  ,පලටුපාණ , සහ බූන්දල යන ලුණු ලේවායන් සමුහයෙනි. මෙම ලේවායන් ත්‍රිත්වයේන් වසරකට මෙ:ටො: 90000 ක ලුණු අස්වැන්නක් ලබාදෙයි.

      1938 දී ලංකා ලුණු  දෙපාර්තමේන්තුව ආරම්භ වී 1958 දී ලංකා ලුණු සංස්ථාව බවට පත්විය .1977 ලංකා ලුණු සමාගම වශයෙන්  වෙනස් වූ අතර 1997 දී හම්බන්තොට මහ ලේවාය ,බූන්දල සහ පලටුපාන යන ලේවායන් ත්‍රිත්වයේ එකතුවෙන් ලංකා ලුණු සමාගම නමින්  සේවක භාරකාර අරමුදල මගින්  මිලට ගත් අතර එම කොටස් වලින් 10% ක කොටස්  සේවකයන් සතුය . එහෙත් ලුණු නිෂ්පාදන ක්‍රියාවලියේ අක්‍රමවත් බව  සහ මූල්‍ය ,විනය පිරිහිම තුලින් රජයේ පාඩු ලබන්නාවූ තවත් ආයතනයක් බවට පත්වි තිබුණු පසුබිමක මෙම ආයතනය ගොඩ නැගිමේ වගකීම ගොඨාභය විසින් පවරනුයේ  නීතිඥ නිශාන්ත සදබරණ මහතාටය.

 නීතිඥ නිශාන්ත සදබරණ මහතා හම්බන්තොට ලුණු සමාගමේ සභාපති වරයා වශයෙන් පත් වීමෙන් පසු නිෂ්පාදනය ක්‍රියාවලියේ සිට සේවක සුභසාධන කටයුතු සේම දූෂණය වංචා අවම කිරිම සහ විනය ඇති කිරිම තුලින්  නව මුහුණුවරක් ගත් හම්බන්තොට ලුණු සමාගම එතෙක්  කොමිස්කාර දේශපාලන  සහ ඔවුන්ගේ ව්‍යාපාරික සහචරයන්ට අයත්ව පැවති බෙදා හැරිමේ ඒකාධිකාරය ඉවත් කොට රටේ සියලුම දෙනාට මිලදී ගැනීමට හැකිවන අයුරින් බෙදා හැරිමේ ක්‍රියාවලිය වෙනස් කිරිමයි.  නිශාන්ත සදබරණ මහතා සභාපති වීමට පෙර පැවති ක්‍රියාවලිය වූයේ හම්බන්තොට ලුණු ව්‍යාපාරිකයන් යැයි කියා ගන්නා දෙදෙනකු විසින් හම්බන්තොට ලුණු සමාගමේ  නිෂ්පාදනය කරනු ලබන සියලුම  ලුණු මිලට ගෙන අතර මැදියෙක් ලෙසින් මසකට මිලියන 10ට වඩා උපයමින් රටේ අනිකුත් වෙලදුන් වෙත ලබා දීමේ ලුණු මාෆියාවයි, ඍජුව සමාගමෙන් ලුණු ව්‍යාපාරිකයෙකුට ලබා ගැනීමට තිබූ බාදා ඉවත් කොට සියලු දෙනාට එක ක්‍රම වේදයක් ඇති කිරිම එරාජ් රවින්ද්‍ර මහතා ප්‍රධාන ඔවුන්ගේ සහචරයන්ට ලැබෙන කොමිස් මුදල් නොලැබීම යන හේතු මුල්කර ගනිමින් කලක සිට සදබරණ මහතා සභාපති ධූරයෙන් ඉවත් කිරිමට උත්සාහ දැරිහ.

රාජ්‍ය ආයතන ගොඩනගන්නට ඍජුව තීන්දු තීරණ ගැනීමට පිට කොන්දක් වගේම පරිපාලනය පිලිබද උගත් බුද්ධිමත් කමක් තිබිම අත්‍යවශ්‍යය , සදබරණ මහතා දක්ෂයෙකි උගතෙකි බුද්ධිමතෙකි ඔහුගේ කලමණාකරනය තුල ලංකා ලුණු සමාගමේ ක්‍රියාත්මක ප්‍රධාන වෘත්තීය සමති කණ්ඩායම් දෙකද පක්ෂ දේශපාලන බේදයකින් තොරව ලංකා ලුණු සමාගම ගොඩනගා සංවර්ධනය කිරිමේ ක්‍රියාවලියේ දී සහයෝගය දෙන බවට වෘත්තීය සමති ප්‍රධානින් පැවසූහ.

මෙවන් පසුබිමක හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර   හම්බන්තොට ලුණු සමාගමේ ලුණු තොග කුණු කොල්ලයට ලබා ගැනීමට දැරූ උත්සාහයන් ව්‍යාර්ථ විමත් ඔහුගේ ව්‍යාපාරික සහචරයන් දෙදෙනාගේ ලුණු මාෆියාවේ ඒකාධිකාරය බිද වැටිමත් හේතුවෙන් උරන වූ මොවුන්  විවිධ අසත්‍ය කරුණු චොදනා ලෙස හොවා දක්වමින් ලුණු සමාගමේ පාලන අධිකාරියටත් සභාපතිටත් විරුද්ධව සටනට පිවිසිහ. එහි උච්චතම අවස්ථාව වුයේ පසුගිය දෙසැම්බර් මස 27වන දිනයි. එදින සිදුවූයේ එරාජ් ප්‍රධාන ඔහුගේ සහචරයන් එක්ව ආරම්භ  කරන ලද සත්‍යයක්ග්‍රහයි, ඉන් නොනැවතුන මොවුන්  සමාගමේ වාහනවලට පහරදීම සහ cctv පද්ධතියට අලාභහානි කිරිම ,ජිවිත තර්ජන ඇති කිරිම උද්ඝෝෂණ ඇති කිරිම වැනි සමාගමේ සභාපතිට විරුද්ධව සියලු   කටයුතු මෙහෙයවන ලද්දේ චමල් රාජපක්ෂ සහ එරාජ් රවින්ද්‍රගේ මූලිකත්වයෙන් සහ ඔහුගේ දේශපාලන රැකවරණය මගිනි ,අවසානයේ දී එරාජ් චමල් රාජපක්ෂට දන්වා සිටියේ ලුණු සමාගමේ සභාපති ඉවත් නොකරන්නේ නම් එරාජ් ඇතුළු නාගරික මන්ත්‍රී කණ්ඩායම මෛත්‍රීපාලගේ දේශපාලන කදවුර හා එක්වන බවයි. එයින් තැතිගත් රාජපක්ෂ රෙජිමය  දැඩි බලපෑම් කොට සභාපති නිශාන්ත සදබරණ එම ධූරයෙන් පන්නා දැමුහ.

සේවකයන්ට නිසිපරිදි පඩි සහ සියලුම  දීමනා ලබා දෙමින් දූෂණය වංචාව නැති කොට විනය ගරුක සේවා ස්ථානයක් බවට පත් කොට රටට බරක් නොමැති රාජ්‍ය ආයතනයක් බවට පත්කිරිමේ වරදට ජාවාරම්  දේශපාලනයේ තවත් ගොදුරක් වී අවසන්.මෙවන් පසුබිමක රාජ්‍ය සේවයේ ඉහල නිලධරයන් ආයතන, සමාගම් , සංස්ථා, දෙපාර්තමේන්තු  ගොඩනැංවිමට තම දැණුම බුද්ධිය කාලය ශ්‍රමය කැපකිරීම් කිරිමට උත්සාහ ගනීවිද?. රජයේ පාඩු ලබන්නාවූ සෑම ආයතනයකම එයට අරක්ගත් තක්කඩි දේශපාලනයක්  ඇත. නැතිනම් ඔවුන්ගේ සහචරයන් ඇත දූෂණය වංචාව කොමිස් මුදලින් යැපෙන පාදඩ දේශපාලනයට තිත තබමු.

කෙසේ නමුත් මේ වනවිට නව සභාපතිවරයෙක් පත්කර අවසන්ය.නව සභාපතිවරයා කප්පන්කරුවන්ගේ පිඩනය මැද ක්‍රියා කරන ආකාරය සේවකයන් ඉදිරියටත් ඇස ගසා සිටි.

Loading