ගෝලීයකරණයවූ ඉන්ටිෆාඩාවක් සදහා වූ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණය : නොවැම්බර් 26 වැනි දින!

පලස්තීනය නිදහස් කර ගැනීමේ ලෝක පරිමාණ ජනතා පෙළ ගැසිමක් වෙනුවෙන් …

3 වන ඉන්ටිෆාඩාවේ පලස්තීන මිලීෂියාවන්ගේ ජයග්‍රහණය සඳහා…

නොවැම්බර් 26 වැනි දින ජාත්‍යන්තර සම්මන්ත්‍රණය:

2023 නොවැම්බර් 26 වන දින, 3 වන පලස්තීන ඉන්ටිෆාඩාවට සහය දැක්වීමේ සහ නාසි ඊශ්‍රායල රාජ්‍යයට එරෙහිව ජාතික විමුක්තිය සදහාවූ යුද්ධයකට නායකත්වය දෙන පලස්තීන ජනතාවගේ අරගලයට සහාය දැක්වීමේ අරමුණින් “ඉන්ටිෆාඩා ගෝලීයකරණය” මාර්ගගත ජාත්‍යන්තර සම්මන්ත්‍රණය කැඳවනු ලැබේ. ලොව පුරා Asia Commune සහ Marx International හි ක්‍රියාකාරීන් මෙක්සිකෝව, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ සිට කොලොම්බියාව, ඉක්වදෝරය, පැනමාව හරහා ශ්‍රී ලංකාව, හොංකොං සහ චීනය දක්වා යුරෝපය සහ එක්සත් ජනපදය හරහා මෙම ඒකාබද්ධ කර්තව්‍යය සිදු කරයි. ඊශ්‍රායල හා අධිරාජ්‍යවාදී හමුදාවලට මුහුණ දෙමින් ලෝකය පුරා ඉන්ටිෆාඩා ගෝලීයකරණය වෙමින් පවතින අතර ලොව පුරා ජනතාව දැවැන්ත බලමුලු ගැන්වීම් හරහා එක්සත් අරගලයකට අවතීර්ණවී සිටිති.

ක්‍රියාකාරීන් දහස් ගණනක් ධනපති ආන්ඩුවලට මුහුණ දෙමින් පලස්තීනය සඳහා ලොව පුරා ගෙනයන සටන හරහා බලමුලු ගැන්වීම ආරම්භ කර ඇත. ප්‍රගතිශීලී ජාත්‍යන්තරය විසින් මෙහෙයවනු ලබන ධනේශ්වර හා ප්‍රතිසංස්කරනවාදි වාම “සාමය” සදහාවූ කෙදිරිල්ලත්, සටන් විරාමයක් සඳහා ව්‍යාජ ඇමතුම් ලබාදෙමින්, එක්සත් ජාතීන්ගේ ගෙනයන දෙබිඩි ප්‍රතිපත්තිය ලොවපුරා ජනතාව හෙළාදකිමින් සිටියි. ලොව පුරා සිටින දහස් සංඛ්‍යාත ක්‍රියාකාරීන් සැබවින්ම ඉල්ලා සිටින දෙය ප්‍රවර්ධනය කිරීමට අපට අවශ්‍යය: මුළු ලෝකයේම ජනයා, පලස්තීන මිලීෂියාවන්ගේ මිලිටරි ජයග්‍රහණය, ඊශ්‍රායල රාජ්‍ය ත්‍ර‍ස්තවාදය පරාජය කිරීම මගින් පලස්තීන ජනතාවගේ නිශ්චිත විමුක්තිය සදහාවූ සටනට විශාල දායකත්වයක් සපයනු ඇත.

ජාත්‍යන්තර සමුළුවට එක්වන්න! මෙම Link එක ක්ලික් කර අදාල පෝරමයේ අපට පණිවිඩයක් තබන්න.

Loading