ජගත් ගුණවර්ධන විසිනි ප්‍රංශ උපස්ථිතිකවාදී (Impressionist) සිත්තරුන් අතර මුල් පෙලේ සිටියද ආමන්ඩ් ගුයිලෝමින් (Armand Guillaumin)(1841-1927) ඉතිහාසය විසින් අමතක කර දමා තිබීම ඉතා කනගාටුදායක කරුනකි.ඉතා කැපවීමෙන් කටයු කල සහ අන් අය සමඟ සුහදත්වයෙන් මෙන්ම නව මංපෙත් සොයා යන්නට නිර්භීත වූ ඔහු පිලිඹඳව උපස්ථිතිකවාදය පිලිඹඳව කෙරෙන බොහෝ විස්තර වලින් ගිලිහී ගොස් තිබෙන බව පෙනේ. කුඩා කල සිට චිත්‍ර කලාවේ නියැලුනු ගුයිලෝමින් වයස වසර 20 දී එරට දුම්‍රිය සේවයට එක්විය.නමුත්,රාත්‍රී වැඩ මුරය ඉල්ලාගෙන දහවල් කාලය චිත්‍ර සඳහා යොදාගත් ඔහු ඒ කාලයේදී හඳුනාගත් උපස්ථිතිවාදයේ පුරෝගාමීන් වන කැමිල් පිසාරෝ සහ පෝල් සෙසාන් ඇසුරින් තම ශිල්පීය…