යුද්ධයේ අවසන් කාලයේදී මියගිය දෙමළ ජනයා සිහි කරනු වස්…


ශ්‍රීනාත් පෙරේරා විසිනි


අපි මෙහි රැස්ව සිටින්නේ යුද්ධයේ අවසන් කාලයේදී මියගිය දෙමළ ජනයා සිහි කරනු වස්, මුල්ලිවායික්කාල් ස්මරණය වෙනුවෙනි.  මුල්ලිවායික්කාල් ස්මරණ සතිය සංවිධානය කරනු බලන ජනතාවට සහ එම අවස්ථාව ආවරණය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට  මේ මොහොතේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුවෙමින් පවතින බිය ගැන්වීම් සහ පරීක්ෂාවට ලක් කිරීම් අපි හෙළා දකිමු.

ස්මරණය අයිතියක් වන නමුත්, යුද්ධය අවසන් වීමෙන් පසුව ගත වූ වසර 13 පුරාවටම – යහපාලන ආණ්ඩුව යටතේ ද – මෙම ප්‍රදේශවල දෙමළ ජනයාට මෙම අයිතිය භුක්ති විඳීමට ඉඩ නොලැබුණු අතර බලපෑමකින් තොරව තම ආදරණීයයන් ස්මරණය කිරීමට නොහැකි විය. 

බිය ගැන්වීමෙන් සහ පරීක්ෂා කිරීම්වලින් තොරව ඔවුන් තම ආදරණීයයන් සහ ජනසමාජය ස්මරණය කළ යුතු අතර, ඔවුන් එසේ ස්මරණය කිරීමෙන් ඔවුන්ව නොවැළක්විය යුතු බවට රජයටත්, ආරක්ෂක හමුදාවලට සහ බුද්ධි අංශවලටත් අපි අවධාරණය කරමු.

ඔවුන් විසින්, හෙට සහ ඉදිරි දිනවල උතුරු නැගෙනහිර ස්මරණ වැඩසටහන් සංවිධානය කරන හෝ ඒවාට සහභාගි වන පුද්ගලයන්ට බාධා කිරීම හෝ හිංසා කිරීම නොකළ යුතු බවට ද අපි ප්‍රකාශ කරමු.

අපි එකම රටක සහෝදර සහෝදරියන්  වන බැවින් අපි ද ඔවුන්ගේ ශෝකය බෙදා ගත යුතු බවට අපි විශ්වාස කරමු. යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවායික්කාල් හි දී මියෙන්නට වූ සහ වේදනාබරිත දශක තුනක කාලය පුරා මියෙන්නට වූ සියලු දෙනා ස්මරණය කරමින් පහනක් හෝ ඉටිපන්දමක් දල්වන්නට අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරමු.

வடக்கு கிழக்கு மக்களின் உரிமைகளில் ஒன்றான முள்ளிவாய்க்கால் நினைவேந்தலை பாதுகாப்பு தரப்பினரூடாக இடையூறுகளை ஏற்படுத்தலும் அவர்களை கண்காணித்தலும் ஊடகவியாளர்களை சுதந்திரமாக செயற்பட விடாமல் தடுத்தலுக்கும் நிறுத்தப்பட வேண்டும் அத்துடன் அவர்களது உரிமைகள் நிலை நாட்டப்பட வேண்டும் என்பதை கொழும்பு மக்களின் குழுவொன்றாக பதிவு செய்கிறோம்.

A group of citizens in Colombo condemn the state intimidation and surveillance of Tamil people and journalists in the North and East commemorating Mullivaikkal and ask that their right to memorialise be upheld.

Loading