රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි ලෝකයේ ඉහළින්ම වැජඹෙන ජාතික පාපන්දු කණ්ඩායම් මේ වන විට කටාර්හිදී FIFA 2022 ලෝක කුසලානය වෙනුවෙන් තරඟ වැද සිටී.2020 ලෝක කුසලානයේ සත්කාරක රට ලෙසින් කටාර් රාජ්‍යය තෝරාගත් 2010 සිට, නිමක් නැති අල්ලස්, දූෂණ, සංක්‍රමණික කම්කරුවන් කුරිරු ලෙසින් සූරාකෑම යන ඒවා එරට, ක්‍රීඩාව සහ එහි ජාත්‍යන්තර සංවිධානය වන FIFA තුළ වසංගතයන් ලෙසින් පැතිර ගොස් තිබුණි.කටාර් පාලනය විසින් සිදුකරන මානව හිමිකම් මර්ධනයට මෙන්ම, FIFA විසින් සිදු කරන දූෂණයන්ටද එරෙහිව විරෝධය දක්වන ලෙසට පාපන්දු ලෝලීන්, ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් කණ්ඩායම් විසින් ජාතික කණ්ඩායම්වලට බලපෑම් කිරීමට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ…