ලෝක විප්ලවයේ නව පෙළගැසීම පිළිබදවූ ජාත්‍යන්තර සමුළුව!

ලා මාක්ස් ජාත්‍යන්තරය විසිනි

 5/5/23

ලා මාක්ස් ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර මාර්ගගත (On line) සම්මන්ත්‍රණය අප්‍රේල් 30 වැනි දින කැඳවනු ලැබුවේ ලෝකය පුරා පැතිර යන විප්ලවයන්, බලමුලු ගැන්වීම්, කැරලි සහ අරගලවලට සහාය දැක්වීමේ ඉදිරි පියවරක් වශයෙනි. අද වන විට ලෝක විප්ලවවාදී ක්‍රියාවලියට සහයෝගය දැක්වීම මූලික කාර්යභාරයක්ව පවතී. පැරිසියේ සිට මොන්ට්‍රියෙල් දක්වාත්, ලීමා සිට කල්කටා දක්වාත්, සාඕ පවුලෝ, මෙක්සිකෝ සිටි, නිව්යෝර්ක් හා බොස්ටන් හරහා සටන්කාමීන් සහ ක්‍රියාකාරීන් ජාත්‍යන්තර සමුළුවේ සාකච්ඡාවලට සහභාගී වූහ.

යුක්රේනයේ ජනතාවගේ ජාතික විමුක්ති විප්ලවය සහ ප්‍ර‍ංශයේ මැක්‍රොන්ගේ ධනේශ්වර-අධිරාජ්‍යවාදී ආන්ඩුවට එරෙහිව ප්‍රංශ ජනතාවගේ දැවැන්ත ජාතික බලමුලු ගැන්වීම මගින් නායකත්වය දෙන ලෝකයේ වැඩ කරන ජනතාවට සහාය දීමේ අරමුණ ඇතිව මෙම රැස්වීම ලෝක දේශපාලන තත්වයේ වත්මන් පෙළ ගැසීම් සාකච්ඡා කරන ලදී. මෙම මාර්ගගත සම්මන්ත්‍රණය තුළ මූලික කරුණු නැතහොත් අක්ෂ 3 කින් සමන්විත වාර්තාවක් සාකච්ඡාවට භාජනය කරන ලද අතර, ඒ වටා වාද විවාද සිදු විය.

පළමු අක්ෂය

මෙම වාර්තාවේ පළමු අක්ෂය වශයෙන් ධනවාදයේ සහ ලෝක ආර්ථික අර්බුදයේ වත්මන් තත්වය ආමන්ත්‍රණය කළේය. ධනවාදයේ බිඳවැටීමේ තත්වය හේතු කොටගෙන මහාද්වීප පහේම මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් කරමින් කුසගින්න, විරැකියාව, වසංගත සහ පාරිසරික විනාශයේ බිහිසුණු තත්වයක් ඇති කරන අතර, මෙම වාර්තාව මගින් පෙන්වා දුන්නේ ලෝක ජනගහණයෙන් සියයට එකක් (1%) වන ගෝලීය ධනවාදයේ ආධිපත්‍ය දරණ හා එහි මර්මස්ථානය වන්නාවූ the Corporation Global Credit Suisse  හි කඩා වැටීම මෙම සාකච්ඡාව තුළ ආමන්ත්‍රණය කළේය. දිගු කලක් ධනවාදයේ ආරක්ෂාවේ සහ ස්ථාවරත්වයේ බලකොටුවක් වූ ස්විට්සර්ලන්තයේ බැංකු අර්බුදය නැතහොත් බංකොලොත් වීම මෙම අර්බුදයේ ඇති බරපතලකමේ ප්‍රකාශනයයි.

1% කතිපයාධිකාරීන් ඔවුන්ගේ අසාර්ථක සංගතවලට සහ බැංකුවලට ආධාර කිරීම සඳහා ඩොලර් බිලියන ගනනක ඇපදීම දිගටම කරගෙන යති. මෙම තත්වයට අවසන් තිත තැබීමට කාලය පැමිණ ඇති බවත්, ධනවාදයේ පර්යන්ත අර්බුදය තුළින් පෙන්නුම් කරන්නේ ගෝලීය සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා ලෝකයේ අරගල සම්බන්ධීකරණය කිරීමට කාලය එළඹ ඇති බවත් සම්මේලනය අනුමත කළේය.

දෙවන අක්ෂය

වාර්තාවේ දෙවන අක්ෂය වූයේ, ධනවාදයේ බිඳවැටීම නිසා ඇතිවී තිබෙන බිහිසුණු තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, ලෝකය කම්පනයට ලක් කරමින් පෙළ ගැසෙමින් පවතින මහජන නැගිටීම් රැල්ල පිළිබඳ විශ්ලේෂනය කර ගැනීම සහ ආමන්ත්‍රණය කිරීම විය. පුටින්ගේ ෆැසිස්ට් ආක්‍රමණය පරාජය කරන යුක්‍රේනයේ මහජනතාවගේ නායකත්වයෙන් සහ මැක්‍රොන් ආන්ඩුවට එරෙහිව සැබෑ කැරැල්ලක් දියත් කරන ප්‍රංශයේ කම්කරුවන් සහ ජනතාව විසින් මෙහෙයවනු ලබන අරගලවලින් පෙන්නුම් කරනුයේ, ලෝක ජනතාව ධනවාදයට එරෙහිව 3 වැනි ගෝලීය විප්ලවවාදී රැල්ලක් දියත් කරමින් සිටින බවයි.

Asia Commune website reproduced the call in English, Tamil, Hindi, Bengali, Chinese, Urdi, Shinhala for Asia activism Images of the online activity of the International Conference

අනෙක් අතට, ජර්මනිය, එංගලන්තය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යන කම්කරු පංතිය ඉදිරියෙන් සිටින යුරෝපය පුරා කම්පනයක් ඇති කරමින් බලගතු වැඩවර්ජන හා විරෝධතා ව්‍යාපාරයක් අඛණ්ඩව ගෙන යමින් ප්‍රංශයේ බලමුලු ගැන්වීම් රැල්ල ඉදිරියෙන්ම සිටී. එමෙන්ම ඔවුන් පෙන්නුම් කළේ ලෝකයේ බලවත්ම ඇමරිකානු කම්කරු පන්තියේ නැගීම ප්‍රකාශ කරන බලගතු වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයක් එක්සත් ජනපදය තුල වර්ධනය වෙමින් පවතින බවයි. ඊශ්‍රායලයේ මහජන බලමුලු ගැන්වීම් සමඟින්, මහජනතාව රජයේ බොනපාට්වාදී උත්සාහය පරාජය කළ අතර, ඊශ්‍රායලය තුළ ජීවත් වන පලස්තීනුවන් විසින් වැඩි දියුණු කරන ලද 3 වන ඉන්ටිෆාඩාව, මෙවර සංවර්ධනය කරමින් සිටිති.

වෙනිසියුලාවේ, ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබන කම්කරුවන්ගේ වැඩ වර්ජන වර්ධනය වී ඇති අතර, කම්කරුවන්ගේ සහ ජනප්‍රිය ජනතා අරගල හොංකොං සිට චිලී දක්වාත්, කැටලෝනියාවේ සිට ඉරාකය දක්වාත්වූ ජනතා අරගල කියා සිටිනුයේ “ලෝකයේ කම්කරුවනි, එක්සත් වන්න” යන්නයි. මේ ආකාරයෙන් ලොව පුරා මතු වෙමින් ඇති ධනේශ්වර ආන්ඩු කොන් කරන මහජන අරගලවලට සහය දැක්වීමට අපි තටයුතු කළ යුතු අතර එම බලවේග සමඟ එකතු විය යුතුය.

3 වන අක්ෂය

වාර්තාවේ 3 වන අක්ෂයෙන් ලෝකය පුරා සම්ප්‍රදායික වම මුහුණදී සිටින බරපතල අර්බුදය පිළිබඳ විශ්ලේෂනය කිරීමට සහ ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කළේය. ගෝලීය විප්ලවයක අවශ්‍යතාවය මධ්‍යයේ ලෝක වමේ ව්‍යාපාරයේ පරිදර්ශනය බිඳවැටීම සහ ගැඹුරු අර්බුදයකට ලක්වී ඇති තත්ත්වය මෙම සාකච්ඡාව තුළ  මතු කළේය. මෙම සාකච්ඡාවේදී පැහැදිලි වූයේ  ලෝකය පුරා වාම කන්ඩායම් ප්‍රතිසංස්කරණවාදී මූලෝපායන් අනුගමනය කර හා අනුගමනය කරමින් සිටින බවත්, එක්සත් ජනපදයේ බර්නි සැන්ඩර්ස්ගේ නායකත්වයෙන් යුත් ප්‍රගතිශීලී ජාත්‍යන්තරයේ (IP) ප්‍රතිසංස්කරණවාදී මූලෝපාය, ස්පාඤ්ඤයේ පොඩෙමෝස්, ග්‍රීසියේ සිරිසා හෝ බ්‍රසීලයේ PSOL හෝ පොදු පෙරමුනු ආන්ඩුව වැනි සෑම තැනකම කම්කරු පංතිය පාවාදීමේ පිළවෙත් අනුගමනය කර ඇති බවයි. බෝරික් ආන්ඩුවේ චිලී වම, වෙනිසියුලාවේ ජනප්‍රිය විප්ලවවාදී විකල්පය (APR) හෝ ආර්ජන්ටිනාවේ FITU අත්දැකීම, මාක්ස්වාදයෙන් බිඳී ගිය හා ලෝකය ගිලී යන ව්‍යසනය පෙන්නුම් කරන අත්දැකීම් සහ අරගලයන් පාවා දෙමින් ලොව පුරා කම්කරු පන්තිය පාවා දීමේ අත්දැකීම් පෙන්නුම් කර ඇති බවයි.

මැතිවරණවාදයට ප්‍රමුඛත්වය දෙන මෙම කණ්ඩායම් සහ සංවිධාන, ධනේශ්වර පාලන තන්ත්‍රයේ සහ ධනේශ්වර රාජ්‍යය විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිතිවල සම්මතයන්ට අනුගත වීම සඳහා කටයුතු කර ඇති ආකාරය අපි උදාහරණ ලෙස ගෙනහැර දක්වමු. ප්‍රංශයේ විවෘතවම පෙනෙන්නට තිබෙන තත්ත්වය මෙය වන අතර ලෝකයේ වාම ප්‍රවාහයන් තුළ අප නිරීක්ෂණය කරන්නේ කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ ආන්ඩුවක් සඳහා අරගලයක අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරන බවයි. වෙනිසියුලාවේ මදුරෝගේ, කියුබාවේ ඩයස් කැනෙල්ගේ හෝ චීනයේ ෂී-ජින්පින්ගේ “සමාජවාදීන්” ලෙස වෙස්වලාගත් ආඥාදායකත්වයන් මාක්ස්වාදය අතහැර බහුජාතික සමාගම්වලට පක්ෂව දූෂිත වී ඇත.

Images of the online activity of the International Conference

ප්‍රගතිශීලී ජාත්‍යන්තරයේ මූලෝපායට සම්බන්ධ වීමෙන්, මෙම කණ්ඩායම් විසින් වර්ධනය කරන ලද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ඔවුන් ප්‍රතිසංස්කරණවාදී සංවිධාන බවට පත් කිරීමට හේතු වී ඇති අතර, දහස් ගණන් අවංක සටන්කාමීන් මෙම සංවිධානවලින් ඉවත් වීමට හේතු වී තිබේ. මාක්ස්වාදයේ මූල ධර්ම වෙතට නැවත පැමිණීමෙන් පැමිණීමෙන් පමණක් ජයගත හැකි අර්බුදයක් වන ලෝකය මුහුණ දෙමින් සිටින අර්බුදයට විසදුම් ලබා ගැනීමට නම්, ලෝකයේ වම මුහුණ දී ඇති අර්බුදය පළමුවෙන් විසඳා ගනිමින් ඉදිරියට යාම මූලික හා අත්‍යාවශ්‍ය කාරණයක් වන්නේ එබැවිනි.

එය සෑම දිනකම, සෑම රටකම වර්ධනය කරන සෑම මැදිහත්වීමක්ම හරහා ඉදිරියට යන විප්ලවවාදීන්ගේ ලෝක ප්‍රතිසංවිධානය සඳහා වන සටනකි. වමේ මෙම සටනේ කොටසක් ලෙස, අපි මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි, ජේම්ස් කැනන් සහ නහුයෙල් මොරේනෝ වැන්නන්ගේ විප්ලවවාදී මූලෝපාය සහ සම්භාව්‍ය මාක්ස්වාදී සම්ප්‍රදාය නැවත උකහාගත යුත්තෙමු. ප්‍රථමයෙන්ම, ජාත්‍යන්තරවාදය ප්‍රකෘතිමත් කර ගැනීම සදහාවූ සටන, පුටින්ගේ ෆැසිස්ට් ආක්‍රමණයට එරෙහි සටනේදී යුක්‍රේනයේ කම්කරුවන්ට සහ ජනතාවට සහාය දීම ප්‍ර‍මුඛ කාර්යභාරයක් වන්නේය. ලෝක විප්ලවය ජයග්‍රහණය කරා ගෙන යාමටත්, ලොව පුරා ධනපති ආන්ඩුවල ප්‍රතිපත්ති පරාජය කිරීමටත්, නිකරගුවා විප්ලවය සඳහා 1970 ගණන්වල Nahuel Moreno විසින් ප්‍රවර්ධනය කරන ලද Simon Bolívar Brigade වැනි ජාත්‍යන්තරවාදී සම්ප්‍රදාය නැවත ආරම්භ කළ යුතුය.

ජාත්‍යන්තර ඔන්ලයින් සම්මන්ත්‍රණයේ විශේෂ ආරාධිතයන් වූයේ අයර්ලන්තයේ ස්වාධීන වමේ සහෝදරවරු මෙන්ම වෙනිසියුලාවේ සහෝදරවරුනුත්, මදුරෝට එරෙහිව වැදගත් වැඩ වර්ජන මෙහෙයවූ කැරබොබෝ ප්‍රාන්තයේ ගුරුවරුන් මෙන්ම සටන්කාමී ක්‍රියාකාරීන් වන මෙක්සිකෝවේ කම්කරුවන් ය. ජාත්‍යන්තර වේදිකාවේ නායකයින් වන මෙක්සිකෝව, ඉක්වදෝරය, පේරු, ආර්ජෙන්ටිනා වැනි රටවල සහෝදර/සහෝදරියන්ද; සෝබෝන් හි CGT හි ක්‍රියාකාරීයකු වන ප්‍රංශයේ සහෝදරවරුන්ගේ පැමිණීමද ඉතා වැදගත් විය. ඉන්දියාව, පකිස්ථානය, චීනය, හොංකොං, ශ්‍රී ලංකාව සහ අනෙකුත් ආසියානු රටවල වාර්තාකරුවන් සිටින Asia Commune නම් වැදගත් වෙබ් අඩවිය සම්බන්ධීකරණය කරන විල්ෆ්‍රඩ් සිල්වා සහ දොන් සමන්ත වැනි සහෝදරවරුන් ශ්‍රී ලංකාවේ නියෝජිතයන් ලෙස පැමිණ සිටියහ.

This is how militants from The Marx International of Montreal, in Canada, also intervened, who located the situation of the workers in the imperialist countries. Comrade Vladimir Cosios from Ecuador raised the fight against Machismo, and for Justice for Valentina Cosios. From Chile, the comrades denounced the betrayal of the Boric government and the Chilean left to the people.

මාක්ස් ජාත්‍යන්තරයට සහයෝගය දක්වන්නන් ලෙස පැමිණ සිටි නිව් යෝර්ක් සහෝදරවරු විසින් එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ සහ ඇමරිකානු ජනතාවගේ තත්ත්වය පැහැදිලි කළහ. විවිධ භාෂාවලින් තම අදහස් සහ විවිධ ආස්ථානයන් ප්‍රකාශ කිරීමට සමත් වූ ක්‍රියාකාරීන් රැසක් සිටීම ලා මාක්ස් ඉන්ටර්නැෂනල් හරහා අප ගෙන යන විප්ලවවාදීන්ගේ ජාත්‍යන්තර ප්‍රතිසංවිධානයේ ප්‍රගතිය පෙන්නුම් කරයි.

අප්‍රේල් 30 වැනි දින කැඳවා තිබූ ලා මාක්ස් ඉන්ටර්නැෂනල්හි ජාත්‍යන්තර ඔන්ලයින් සම්මන්ත්‍රණය ඉදිරි පියවරක් වූ අතර එය අප මැදිහත්වී ඇති රටවල ලා මාක්ස් ඉන්ටර්නැෂනල් සටන්කාමීන් ලෝකය පුරා පැතිරී යන විප්ලව, බලමුලු ගැන්වීම්, කැරලි සහ අරගලවලට සහාය දීමේ ක්‍රියාකලාපය, මහත් පරිශ්‍රමය, පරිත්‍යාගය සහ ශ්‍රමයක් තුළින් ඇති කර ගැනීමට හැකි විය. මෙම මාර්ගගත සාකච්ඡාවේ එක් යෝජනාවක් වූයේ ජාත්‍යන්තර ප්‍ර‍තිසංවිධානය අරමුණු කරගෙන අඛණ්ඩව එක්ව වැඩ කිරීමයි. එමගින් ගෝලීය සමාජවාදී සමාජයක් සදහාවූ අරගලය ඉදිරියට ගෙනයාම සදහා අවශ්‍ය වන්නාවූ ක්‍රියා පිළිවෙත් මීළග ජාත්‍යන්තර මාර්ගගත හමුව තුළ ප්‍ර‍මුඛව සාකච්ඡා කරනු ඇත.

Loading