අබ සරණ, බුදු සරණ, සමාජ මාධ්‍ය සහ ජාතික ජන බලවේග ආණ්ඩුවේ පුනරුදය ද? පුකරුදය ද?

වර්තමානයේ වඩාත් ජනප්‍රිය මාධ්‍ය වී ඇත්තේ සමාජ මාධ්‍යයි. පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි මාධ්‍යයද සමාජ මාධ්‍ය තුළ තම වැඩ සටහන් ප්‍රචාරය කිරීමට වැඩි ප්‍රමුඛත්වය වර්තමානයේදී ලබා දෙති. එවැනි තත්වයත් තුළ සමාජ මාධ්‍ය හරහා ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුවට ලැබෙන ප්‍රතිචාර විමර්ශනය කළ හැකි හොඳම ස්ථානය බවට සමාජ මාධ්‍ය පත්වී අවසන්ය. එහි ජාජබ ආණ්ඩුවට හිතෛෂී සමාජ මාධ්‍ය භාවිතාව ආණ්ඩුව පත්වීමට පෙර තිබූ ප්‍රසිද්ධ භාවිතාව දුර්වල වී ඇති නමුත් සුලු ප්‍රමාණයෙන් පවත්වාගෙන යන බව නිරීක්ෂණය කළ හැකිය. ජාජබ ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය භාවිතාව ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබමින් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. 

ගොඩනැගෙන ආණ්ඩු විරෝධය

අනෙක් පසින් ජාතික ජන බලවේග ආණ්ඩුවට විරුද්ධව ගොඩනැගෙන විවේචනය සමාජ මාධ්‍ය යාන්ත්‍රනය තුළ විශාල ප්‍රගතියක් ලබා ඇත. ඒවා තුළ ප්‍රචාරය වන කොමෙන්ට් වල ජනාධිපති අනුර හෝ අගමැති හරිනි හෝ මැති ඇමති හෝ විශාල විවේචනයකට, අපහාසකට හා හාස්‍යයකට ලක් වෙමින් සිටිති. එය පසුගිය දින 100 ඇතුළත දැවැන්ත ප්‍රමාණයකින් එය වර්ධනය වී තිබේ. ජාජබ ආණ්ඩුවේ යම් කෙනෙක් කුමණ හෝ ප්‍රකාශයක් කළොත් ඒවාට විරුද්ධව නිර්මාණය වන පෝස්ට් ප්‍රමාණය අති විශාලය. එම පෝසට් වල සත්‍යතාවයද නිර්මාණශීලී ලෙස ඉතා ඉහළ අගයක් සහිත බව දැක ගත හැකිය. ඒ වගේම ඒවා යටින් ඇති කොමෙන්ට් තීරුවේ ජාජබ ආණ්ඩුට විරුද්ධව පලවන කුණුහරුප ප්‍රමාණය ඉහළ අගයක් ගෙන ඇත. එය හරියට කුණුහරප කුණාටුවක් බවට පරිවර්තනය වී ඇත. ජාජබ ආණ්ඩුවට විරුද්ධව පහත මාලයේ ජන විරෝධයේ එක් ප්‍රකාශනයක් ලෙස මෙම කුණුහරප කුණාටුව හැඳින් විය හැකිය. ඒ වගේම දිනෙන් දින එම කොමෙන්ට් ප්‍රමාණය ඉහළ යන අතර ඒවා නරඹණ ප්‍රමාණයද ඉහළ අගයක් දක්වා වර්ධන වෙමින් පවතී. 

කුණුහරප සමාජයේ දැවැන්ත ලෙස ප්‍රකාශ වෙති. සාමාන්‍යයෙන් නිවෙස් තුළ සිට පුද්ගල විරෝධයන් දක්වා කුණුහරප පිට කිරීම පොඩි ළමයාගේ සිට මහල්ලා දක්වා වාචික අභිනයකි. නමුත් එය ලාංකීය සාහිත්‍යමය සංස්කෘතිය තුළ නොපැවතුන දෙයකි. සමාජ මාධ්‍යවල යම් යම් ආණ්ඩු පිරිහීමේ ලක්ෂණ පටන් ගත් කාලවල විවේචන කිරීම්, අපහාස කිරීම්, හාස්සයට ලක්කිරීම් දැක ගත හැකි වුවත් මෙවැනි ලක්ෂණයක් නොතිබුණි. නමුත් 2022 වන විට ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව යම් සුලු ප්‍රමාණයකින් කුණුහරප ප්‍රචාරක් දැක ගත හැකි විය. මෙවැනි දැවැන්ත ප්‍රමාණයක් නොතිබුණි. 2025 වන විට (ගෝඨාභට පන්නා දමා අවුරුදු 3ට පසු) ජනාධිපති අනුර දිසානාරකගේ සිට පාර්ලිමේන්තු 159 ම එල්ලවන කුණුහරප කුණාටුවෙන් නොතෙමුන කෙනෙක් නොමැති තරම්ය. එවිට සමාජ මාධ්‍ය භාවිතාව තූළ දැවැන්ත ජාජබ  ආණ්ඩු විරෝධයක් පවතින බව දක්නට ලැබෙන සංකේතයකි. එහි පළවන එක් සටහනක් පමණක් සටහන් කිරීමට වැදගත් වෙයි. ජාජබ ආණ්ඩු බලය ලබා ගැනීමට ගෙන ආ වචනයකි ‘පුනරුදය’ යන පදය. දැන් එම වචනය විරෝධාකල්පීය ලෙස ‘පුකරුදය’ යනුවෙන් සමාජ මාධ්‍ය තුළ සැරි සරයි. මේ ආණ්ඩුව ගෙන එන එවැනි වචන අති දැවැන්ත වාචික ප්‍රකාශයන් තිත්ත කුණුහරප දක්වා පරිවර්තන වන්නේ ජාජබ ආණ්ඩු විරෝධයේ ප්‍රකාශනයක් ලෙසය. එය දිනෙන් දින වර්ධනය වීමට පටන් ගෙන තිබේ.

පුනරුදය කුණුහරුපයක් විම හා කයි පාලනය

එහිදී තවත් පැති කීපයක් තිබේ. ඒ හිටපු ඇමති කෙනෙක් වන විමල් වීරවංශ ජාජබ ආණ්ඩුව හඳුන්වන්නේ ‘කයි පාලනය’ (කයිවාරු පාලනය) යනුවෙනි. ඔහුද ජාජබ ආණ්ඩුව විවේචනය කරන්නේ එම නාමකරණයද ප්‍රබල ලෙස භාවිතා කරමිණි. ඔහුද ජනතා විමුක්ති පෙරමුණේ මාළු ටැංකියේ පුහුණු වූ යෝධයෙක් වන හිටපු ප්‍රචාරක ලේකම්වරයාය. ඔහුද කයි පාලනයක් ගෙන යන්නට නරුම ධනේශ්වරයට වෙහෙසුන ඇමති කෙනෙකි. ඔහුගේ කයි පාලනයෙන් රටට කරපු දෙයක් නම් නොමැත. දැන් ඔහු අනුරගේ නරුම ධනේශ්වර දෘෂ්ටිමය පාලනයට විරුද්ධව හඬක් නගන්නට පටන් ගෙන තිබෙන්නේ නැවත පරණ නරුමයන්ව බලයට ගෙන විත් තමාද එතැනට රිංගා ගැනීමටය. ඔහුගේ ‘කයි පාලනය’ යන වචන හරඹයද කුණුහරප භාෂාවට පෙරලී අවසන්ය.

විජේවීර සුළු ජාතීන්ට එරෙහි ජාතිවාදී නරුමයෙක් වීම සහ පෙරටුගාමින්ගේ ඉන්දීය විජිතකරණය

ගෝලීය සමාජ අවශ්‍යතාවය

අනෙක් පැත්තෙන් හිටපු ධනේශ්වර බහුබූතවාදීන් කරන විවේචන වැඩකට නොමැති වුවත් ඔවුන්ද නැවත ජාජබ ආණ්ඩුව පෙරලා බලය ලබා ගැනීමට වෙහෙසෙයි. එය ව්‍යර්ථ උත්සාහයක් වන්නේ ලෝකයේම ධනේශ්වර ක්‍රමය අති විශාල ලෙස අර්බුදයකට නතු වෙමින් පැවතීම නිසාය. ඒ ඇමරිකාවේ 2008/2010 පසුව ගොඩනැගූ බබල් ආර්ථිකය 2025 තුළ දැවැන්ත වේගයෙන් කඩා වැටෙමින් පවතී. ඒ වගේම ඇමරිකාවේ ණය ගෙන ඇති ප්‍රමාණය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 32ක දක්වා වර්ධනය වී තිබේ. නිවාස අහිමිවන (Homeless) ජනතාව දිනෙන් දින වැඩි වෙමින් පවතී. එවිට එය කැනඩාව සහ යුරෝපය පුරා ආර්ථික කඩාවැටීමේ ව්‍යාප්තියක් සහිත බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. ආර්ථික විශේෂඥයන් මේ ඇතිවන අර්බුදය හඳුන්වන නාමකරණය පූර්ව-විප්ලවාදී තත්වයක් (A pre- revolution situation) යනුවෙනි. ඒ නිසා මෙවැනි ධනේශ්වර ප්‍රතිසංස්කරණ විසදුම් මගින් ඇතිවීමට යන පූර්ව-විප්ලවවාදී තත්වය සමනය කළ නොහැක. 1770 සිට 1820 විතර කාල පරිච්ඡේදයේ ඇති වූ වැඩවසම් ක්‍රම විරෝධය ධනේශ්වර විප්ලව මගින් පියවූ විලසින් නැවත ධනේශ්වර ක්‍රම විරෝධය ජන නැගිටීම් හරහා නව පරිවර්තනයකට යාමේ ගෝලීය සමාජ අවශ්‍යතාවයක් මතු වෙමින් තිබේ. එය එක් වරක් ශ්‍රි ලංකාවේ 2022 දී සිදුවිය. එය නැවත සක්‍රීය වීමට පරිසරය සකස් වෙමින් තිබේ. එය බංලාදේශයේද සිදුවිය, නැවත සක්‍රිය වීමට පටන්ගෙන ඇත. මේ පැමිණෙමින් තිබෙන්නේ ධනේශ්වර ක්‍රමයෙන් නව සමාජ ව්‍යුහයකට පරිවර්තනයක් සකස් කිරීමේ කාල පරිච්ඡේදයකටයි. එහිදී ගෝලීය පරිමාණව ජන අරගලය ප්‍රමුඛත්වයට ගැනීමට ලෝකවාසීන්ට සිදු වනුඇත.

ශ්‍රි ලංකාවේදී ඇති වී තිබෙන ධනේශ්වර විරෝධී ස්වභාවය නැවත ජන විඥානය තුළ විවිධ පැති හරහා විකාශනය වීමට පටන් ගෙන තිබේ. ඒ් කුණුහරුප වර්ෂාව වගේම ජන අරගලය සුළු පරිමානයෙන් පටන් ගෙන තිබේ. ජාජබ ආණ්ඩුව ගෙන යන ව්‍යාපෘති වලට එන වි‌රෝධයද තවත් පැත්තකි. ජාජබ ආණ්ඩුව සමූපකාර ජන්ද පරාජයට පත්වෙමින් තිබේ. ජාජබ ආණ්ඩුව පත් කල සභාපතිවරු ඉල්ලා අස්වීම පෙළට සිදු වෙමින් පවතී. ඒ වගේම ආණ්ඩුව නව ඡන්ද දෙකක් ( ප්‍රාදේශිය සභා හා පළාත් සභා ) පැවැත්විම දින නියමයක් නැතිව කල් දමා තිබේ. ජාජබ ආණ්ඩු විරෝධි ජනමතය වේගයෙන් විරෝධාකල්පයක් දක්වා වේගයෙන් වර්ධනය වන අතර පසුගිය දින 100 ට වැඩි කාලය තුල ඇති වූ සියළු සිදුවිම් වලින් පෙනී යන්නේ ජන විඥානයේ ආණ්ඩු විරෝධය දැවැන්ත ලෙස බුබුළු දමමින් ඉදිරියට පැමිණෙන බවය. එහිදී 2022 මාර්තු 09 දිනය යනු ගෝල්ෆේස් අරගලය පටන් ගත් දිනයයි. එම දිනය සැමරීමට අරගලයේ සිටි විවිධ කොටස් උත්සහ ගනිමින් සිටිති. එය සාර්ථික කර ගැනිමට මැදිහත් වීම සියළු විරෝධතාකරුවන්ගේ ජයග්‍රාහි උත්සාහයක් වන්නේය.

චමිල් ජයනෙත්ති.

Loading

Leave a Reply