ආදර ප්‍රගීත්.
සමාවෙන්න ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරි උනා. මං හිතන්නේ මම අන්තිමට ඔයාට ලිව්වේ ජිනීවාවලදී. ඊට පස්සෙ මම පුතාලා බලන්න එයාල ඉන්න ගෙදරට ගියා. එයාලත් එක්ක ටික කාලයක් ඉදල ලංකාවට ආවා.ඒත් දිගින් දිගටම ලියන්න උත්සහ කළත් විවිධ හේතු නිසා මග ඇරුනා.
ප්‍රගීත්, 16වෙනි අවුරුද්දෙත් අපේ ගෙදර කිරි ඉතුරුනේ නැහැ. කිරිබතක් ඉදුනෙත් නැහැ. කොහොමත් ඒ කාලය ගත කරන්න අමාරුයි. තනියම ඉන්න කොට තවත් අමාරුයි.
මම ඔයාට කියන්න පටන් ගන්න තියෙන්නෙ යුක්තිය සොයාගෙන අධිකරණයට යන්න පටන් ගත් තැන සිට.. ඒක ගොඩක්ම ලොකු කතාවක්. ලේ කඳුලු දහඩිය පිරුණ කතාවක් .
ප්‍රගීත්, අද 2026 ජනවාරි 14වෙනිදා. හරියටම තව දවස් දහයකින්. අපෙන් උදුරාගෙන. දාසය වෙනි අවුරුද්ද සම්පූර්ණ වෙනවා. 2025. අවුරුද්ද පටන් ගත්තට වඩා. බොහොම අභියෝග සහිතව තමා 2026 පටන් ගන්තෙ සහ මේ දින කිහිපය ගෙවුනෙ.
. 2025 ආරම්භ වෙද්දි කොළඹ ස්ථිර පුද්ගලයා මහාධිකරණය තියෙන නඩුවේ. විනිසුරු මඩුල්ල සම්පූර්ණ වෙලා අධිකරණය කටයුතු සාර්ථකව, සතුටුදායක ලෙස කෙරුනා.ඉතින් බොහෝම බලාපොරොත්තුවෙන් තමා ඒ අවුරුද්ද පටන්ගත්තෙ.
ඒත් 2025 අවසන් කාර්තුව වෙද්දි නැවතත් විනිසුරුවරුන්ගේ පුරප්පාඩුව මත අධිකරණයේ කටයුතු අඩාල වුනා.ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණයේ 2025 වසරේ අවසන් නඩු දවස වුනේ දෙසැම්බර් 19.එදිනත් විනිසුරුවරුන් පත් කරල තිබුණෙ නැහැ.මම ශෝකයට සහ විශ්මයට පත් වුනා. පහුගිය කාලය පුරාම මාධ්‍ය මගින් දැක්කෙ වර්ථමාන අග්‍රවිනිශ්චයකාර තුමාගෙ දක්ෂ, නීතිගරුක, භාවය සම්බන්ධව. පුදුමයි එතුමාටත් අපිව මගහැරිල…
ප්‍රගීත්, මීට දින තුනකට ඉස්සෙල්ලා පණිවිඩයක්. එනවා ඔයාව පැහැරගෙන යන්න සම්බන්ධ (ඔයා නොදන්නවා වුනාට) එදා සීගිරියෙ ඉදල එද්දි ඔයා පසුපස ලුහුබැන්ද, ඔයාව අපෙන් උදුරගෙන ගිහිල්ල, ශරීරයත් අතුරුදහන් කරපු ඒ මිනීමරු කල්ලියේ
එක් කෙනෙකුට ජනාධිපතිතුමා උසස්වීමක් ලබාදීලා කියලා. ඒක වුණේ කොහොමද කියලා නම් දන්නෙ නැහැ.ඒත් එහෙම වෙලා කියලයි දැන ගන්න ලැබුණෙ.
මම ඊයෙ, එම පත්වීම අවලංගු කරන්න කියල ගරු ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලා සිටියා. මේ වනවිට ඒක එතුමා අතට පත්වෙලා ඇති.
එතුමාගේ තීරණය එනතුරු බලා ඉන්නව.
මම ඉක්මනට ආයෙත් ලියන්නම් ප්‍රගීත්..
මම
සන්ධ්‍යා


![]()