ජීවයේ “තුන්වන මහා අභාවය”

පෘථිවි ජීවය අභාවයට ගිය මුල් අවස්ථා දෙක වගේම, අභාවයට යමින් තිබෙන තුන්වන අවස්ථාව දක්වා සංසිද්ධිය, තරමක් දිග කතාවකි. එය දීර්ඝ වුවත් ‒ කඨෝර වුවත් සාකච්ඡාවට බඳුන් කළ යුතුම සංසිද්ධියක් නිසා — එම කතාව පෘථිවිය ආරම්භක ලක්ෂයේ සිටම අපි විමසා බලමු… 

වර්ෂ බිලියන 4.5කට පෙර තියා (Theia) ග්‍රාහකය (අඟහරු තරම් විශාල) පෘථිවිය සමග ගැටීමෙන් පසුව චන්ද්‍රයා බිහි වීම සිදු වූ බව භූ-විදාඥයන්ගේ මතයයි. එම ගැටුමෙන් පිටතට විසි වූ සුන්බුන් ඒකාබද්ධ වීමෙන් චන්ද්‍රයා බිහි වූ  බව ඔවුන් පෙන්වා දෙති. යෝධ-ගැටුම් කල්පිතය (The giant-impact hypothesis) ලෙස හෝ “තියා කල්පිතය” (Theia Impact) ලෙසද මෙම ග්‍රාහක ඝට්ටනය හඳුන්වනු ලබයි. මෙම ගැටුමෙන් පසුව පෘථිවි පෘෂ්ඨය වර්ෂ මිලියන ගණනාවකට පසු නැවත ප්‍රකෘර්ති තත්වයට පත් වූ අතර, එම ඝට්ටනය පෘථිවියේ භ්‍රමණයට සහ අක්ෂීය ඇලවීමට හේතු වූ බවද තවත් නිගමනයකි. චන්ද්‍රයාගේ උපත සම්බන්ධයෙන් 1883දී ප්‍රථමවරට මෙම කල්පිතය ඉදිරිපත් කරන ලද්දේ ජෝජ් ඩාවින් (1845-1912) විසිනි. ආසන්න වශයෙන් වසර බිලියන 4.5කට පෙර පෘථිවිය ආරම්භක යුගයේදීය, එනම් සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී වර්ෂ මිලියන 100ක් ඇතුළත මෙම ඝට්ටනය සිදු වී ඇති බවට පසුකාලීන කළ නිගමනවලින්ද තහවුරු වී තිබේ. 

පෘථිවි භෞතිකය ආරම්භක කාලයේ සිට ජීවය දක්වා පරිණාමය වූ වර්ෂ බිලියන 4.5ක කාල පරිච්ඡේදය භූ-විද්‍යාඥයන් විසින් යුග 4කට බෙදා ඇත: වර්ෂ බිලියන 4.5- 3.8 දක්වා “හේඩියන් යුගය” (Hedean era) → වර්ෂ බිලියන 3.8-2.5 දක්වා “ආකියන් යුගය” (Archean era) → වර්ෂ බිලියන 2.5 සිට වර්ෂ මිලියන 541 දක්වා “ප්‍රොටරොසොයික් යුගය” (Proterozoic era) → වර්ෂ මිලියන 541 සිට වර්තමානය දක්වා “ජීවීන්ගේ යුගය” වන “ෆැනෙරොසොයික් යුගය” (Phanerozoic era) ලෙස නාමකරණය කර ඇත. සත්ව ජීවීන්ගේ යුගය වන ෆැනෙරොසොයික් යුගය” (Phanerozoic era) කාලපරිච්ඡේද තුනකට බෙදා ඇත: ඒ පැලියෝසොයික් යුගය (Palaeozoic Era) → මෙසෝසොයික් යුගය (Mesozoic Era) → සෙනොසොයික් යුගය (Cenozoic era) ලෙසය.

එහිදි පෘථිවි පෘෂ්ඨයේ ජලය බිහි වීම වර්ෂ බිලියන 4ක හේඩියන් යුගයේදී ආරම්භ වූ බව භූ-විද්‍යාඥයින් නිගමනය කරති. ඒ වගේම වර්ෂ බිලියන 3කට පෙර එනම් ආර්චියන් යුගයේදී අයිස් සෑදීම ඇරඹී තිබුණ බවද ඔවුන් හවුරු කරති. අකාබනික තත්වයක සිට, ඒවා සංකීර්ණ කාබනික අණු දක්වා හේඩියන් යුගයේ සිට ආචියන් යුගය දක්වා පරිණාමයක් සිදුවිය. ජීවය ආරම්භය සිදු වූයේ “සජීවී පදාර්ථ උත්පාදනය”  යන ස්වාභාවික ක්‍රියාවලියකිනි. එය හුදෙක් න්‍යායක් නොවේ; එය දශක ගණනාවක පරීක්ෂණ සහ නිරීක්ෂණ මගින් තහවුරු කරගත් පොසිල සාක්ෂි නිගමනයකි.

රසායනික හා පොසිල සාක්ෂි මත පදනම්ව, වසර බිලියන 3.8කට පසු ආර්චියන් යුගයේදී සයනොබැක්ටීරියා (cyanobacteria) පැවති බව පර්යේෂණ මගින් තහවුරු කර ගැනුනි. සයනොබැක්ටීරියා කාබන් (carbon) අවශෝෂණය කරගෙන කාබොහයිඩ්රේට් (carbohydrates) නිපදවාගෙන ඔක්සිජන් (Oxygen) පිට කිරීම නමැති ප්‍රභාසංස්ලේෂණ (Photosynthesis) ක්‍රියාවලිය ආරම්භ කළ අතර — මහා ඔක්සිජන්කරණ (great oxygenation) ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලිය හරහා — ස්වාභාවිකව ඔක්සිජන් නිපදවීමෙන් වායුගෝලය පරිවර්තනයකට බඳුන් කළේය. පෘථිවියේ ජීවය ආරම්භ වීමට පදාර්ථ සංයුතියේ පෙළ ගැස්ම සක්ස් වීමට එම කාල පරිච්ඡේද තුළ විශාල වැදගත්කමක් දැරීය. එහිදී කාබන් (C), හයිඩ්‍රජන් (H), ඔක්සිජන් (O), නයිට්‍රජන් (N), සල්ෆර් (S), පොස්පරස් (P) යන පදාර්ථ හය — ජීවයක් බිහි වීමට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලෙස — පෘථිවිය පුරා කාබනීකරණය මගින් රයිබොනියුක්ලික් අම්ලය (RNA)  බිහිවීම මගින් පෘථිවියේ ජෛවගෝලයක් ඇති වීමට මග පෑදූවේය. සමහර ප්‍රෝටෝ-සෛල (Proto-cells) ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ අනෙකුත් අණු — පෙප්ටයිඩ (Peptides) යන ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වන අණුවල දාමයන් වන අතර ඒවා “ප්‍රාථමික ප්‍රෝටීන” ලෙස — ඇතුළත් කිරීමට පටන්ගත්තේ නියුක්ලියෝටයිඩ දාමයක් (RNA) ලෙසය. අවසානයේදී, ඩිඔක්සිරයිබොනියුක්ලික් අම්ලය (DNA) වඩාත් ස්ථායී තොරතුරු වාහකයක් ලෙස පරිණාමය වූ අතර, ජාන කේතයේ දිගුකාලීන ගබඩා කිරීමේදී RNA ප්‍රතිස්ථාපනය කළේය.

වසර බිලියන 3.5කට පමණ පසු, න්‍යෂ්ටි නොමැති ඒක සෛල මතුවිය. මේවා ප්‍රොකැරියෝට්  (prokaryote) – බැක්ටීරියා (bacteria) සහ ආකියාවලට (Archaea) සමාන න්‍යෂ්ටි නොමැති සෛල විය. එම සෛල සාගරවල, උණුසුම් වාතාශ්‍රවල, නොගැඹුරු කලපුවල තම පැවැත්ම පවත්වා ගෙන ගියේය. එම සෛල සරල අණු මත පෝෂණය වූ අතර, හිරු එළිය අවශෝෂණය කර, වායු නිකුත් කළහ. සයනොබැක්ටීරියාවලින් තවත් තත්වයක් නියෝජනය කළ මෙම ක්ෂුද්‍ර ජීවීන්ගෙන් එක් කණ්ඩායමක් ප්‍රභාසංස්ලේෂණය සිදු කිරීමට පටන්ගෙන — කාබන්ඩයොක්සයිඩ් (CO2)  ඔක්සිජන් (O2) බවට පරිවර්තනය කිරීමට හිරු එළිය භාවිතා කළහ. එම ඔක්සිජන් පිට කිරීම මගින්, වසර මිලියන ගණනක් ගත වන විට පෘථිවියට වායුගෝලයක් නිර්මාණය  විය.

වායුගෝලය ඔක්සිකරණය කළ පසු සියලුම සංකීර්ණ ජෛව වේදිකාවට මග පෑදුවේය. මෙම වෙනස් වීම නිසා, පෘථිවිය එතැන් සිට ක්ෂුද්‍රජීවී ලෝකයක් ලෙස පවතින්නට හැකියාව අත් කර ගැනුනි. ඕසෝන් ස්ථරය සෑදීම මගින් — ඉහළ වායුගෝලයේ ඕසෝන් වියන නිර්මාණය වීම ඇරඹීමත් සමග, පෘථිවිය මතුපිට හානිකර පාරජම්බුල කිරණවලින් (ultraviolet) ආරක්ෂා කරන හැකියාව ඕසෝන් වියන සෑදීමෙන් ලබා දුන්නේය. 

“මහා ඔක්සිජන් ක්‍රියාවලිය” බොහෝ නිර්වායු ජීවීන් විනාශ කළ නමුත් ඔක්සිජන් බලයෙන් පැවැත්ම ශක්තිමත් වූ නව ජීවයක් සඳහා දොර විවෘත කළේය. එමගින් සංකීර්ණ බහු සෛල ජීවීන් සඳහා අඩිතාලම ගොඩනැගුනි. වසර බිලියන ගණනක් යන තුරු ඔවුන්ගේ පැවැත්ම අන්වීක්ෂයකින් පරික්ෂා කරන තත්වයේ පමණක් පැවතුනි. නමුත් සෛල පරිණාමය ඉවසිලිවන්තව අසංඛ්‍යාත තේරීම හරහා සෛල ඒකාබද්ධව සහයෝගයෙන් කටයුතු කිරීම ඇරඹීමත් සමග පෙර පැවති තත්වය සම්පූර්ණයෙන් වෙනස් විය. සමහර සෛල බෙදීමෙන් පසු එකට ඇලී සෛල ජනපද සෑදූ අතර — ඒවා විශේෂීකරණය වීමට පටන්ගත් අතර — එක් සෛල ජනපදයක් චලනය සඳහාද, තවත් එකක් ජීර්ණය සඳහාද, තවත් එකක් ප්‍රජනනය සඳහාද විශේෂිකරණය විය. බහු සෛල ජීවයේ උපත එලෙස සිදුවිය. 

බහු සෛලීය ජීවියෙක්, ඒක සෛලික ජීවීන් මෙන් නොව, සෛල වර්ග කීපයකින් උපත ලබන ජීවියෙකි. බොහෝ දිලීර බහු සෛල වන අතර බොහෝ ඇල්ගීද බහු සෛල වෙයි. නිශ්චිත කාර්යයන් ඉටු කිරීම සඳහා විවිධ සෛල විශේෂීකරණය කිරීමේ ක්‍රියාවලිය ඉන් පසුව සැකසුනි. ඒක සෛල මුතුන් මිත්තන්ගෙන් බොහෝ සෛලවලින් සමන්විත ජීවීන්ගේ පරිණාමය ජීව ඉතිහාසයේ ප්‍රධාන සංක්‍රාන්තියක් ලෙස පවතින අතර පෘථිවියේ ජෛව විවිධත්වය මූලික වශයෙන් එතැන් සිට පැවත එයි. 

බැක්ටීරියා ප්‍රොකැරියෝට් වන අතර, ශාක හා සතුන් යුකැරියෝටික් සහ බහු සෛල වේ. මුල් බැක්ටීරියාවලින් ජීවය විවිධාංගීකරණය වී ඇත්තේ: ආර්කියා, බැක්ටීරියා සහ යුකැරියා යන සෛල ව්‍යුහයයි. ශාක හා සතුන් බොහෝ කලකට පසුව සංකීර්ණ යුකැරියෝටික් මුතුන් මිත්තන්ගෙන් පරිණාමය විය, එසේ සිදුවූයේ සෘජුවම බැක්ටීරියාවලින් නොවේ. නිදසුනක් වශයෙන්, සයනොබැක්ටීරියා ඔක්සිජන් නිෂ්පාදනයට දායක වූ අතර ප්‍රභාසංස්ලේෂක යුකැරියෝට් පරිණාමය ප්‍රධාන විය, එය අවසානයේ ශාක ඇති කළේය. සතුන් පරිණාමය වූයේ ඒක සෛලික යුකැරියෝට්වලින් වන අතර, බොහෝ විට ප්‍රෝටිස්ට්වලට සම්බන්ධ විය. මේ අනුව, නූතන ශාක හා සතුන් බැක්ටීරියා සමග දුරස්ථ පරිණාමය බෙදා ගැනීම සිදු වූ නමුත් සෘජු පරිණාමයක් සිදු නොවීය.

වර්ෂ මිලියන 720ත් 635ත් අතර කාලයකට පෙර ප්‍රොටෙරෝසොයික් යුගයේදී අයිස්වලින් පෘථිවිය සම්පූර්ණයෙන්ම වැසීමකට ලක්විය. ඔක්සිජන් වැඩි වීම නිසා ‘හිමබෝල පෘථිවිය’ (snowball earth) ලෙස හැඳින්වෙන මෙම කාල පරිච්ඡේදය පෘථිවි ඉතිහාසයේ ඝන අයිස් තට්ටු ධ්‍රැවවල සිට සමකය දක්වා විහිදී ගොස් තිබුණි. මෙම ග්ලැසියරයේ අවසානය “ෆැනෙරොසොයික් යුගයේ” (Phanerozoic era) වේගවත් වෙනස්කම් ඇති වීමට හේතු වූ බව භූ-විද්‍යාඥයන් විශ්වාස කරති. “හිමබෝල පෘථිවිය” කල්පිතය නිවර්තන කලාපවල දක්නට ලැබෙන ග්ලැසියර්වල පාෂාණ කොටස් අධ්‍යයනය කිරීමෙන් මෙම කල්පිය ඉදිරිපත් කර ඇත.

බහු සෛලීය ජීවීන් විවිධ ආකාරවලින් පැන නැගුණද, සෛල බෙදීම හෝ බොහෝ තනි සෛල එකතු වීම මගින්ද හට ගැනුණි. ඒ වගේම ඔක්සිජන් ආශ්වාස කරන සත්වමය බහු සෛල ජීවය වර්ෂ මිලියන 600කට පෙර, ස්පොන්ජ් (sponges), ජෙලිෆිෂ් (jellyfish) සහ කුඩා පණුවන් (small worms) ප්‍රොටරොසොයික් යුගයේ අවසාන කාල පරිච්ඡේදයේදී මුහුද හරහා පිහිනා ගියේය. එම සත්ව ජීවය පරිණාමයත් සමග වර්ෂ මිලියන 541න් පසුව ඇස්, දෑත්, පාද, දත්, මොළයක් සහිත ශරීරයක් හිමි ජීවීන්ගේ යුගය වූ “ෆැනෙරොසොයික් යුගය” ට (Phanerozoic era) ප්‍රවිෂ්ට වුණි. සැබෑ සත්ව ජීවීන්ගේ යුගයේ ආරම්භක කාල පරිච්ඡේදය පැලියෝසොයික් යුගය (Palaeozoic Era) ලෙස හඳුනාගනියි. 

🌍 (1) පැලියෝසොයික් යුගය

බහු සෛලික ජීවය එලෙස ආරම්භ වුවත්, සත්ව ජීවය පැලියෝසොයික් යුගයේදී (Palaeozoic Era) වර්ෂ මිලියන 541න් ආරම්භ වී වර්ෂ මිලියන 252න් අවසානය සනිටුහන් වුණි. මෙම යුගය භූ-විද්‍යාත්මකව වර්ෂ මිලියන 289ක් යන කාල වකවානුව සත්ව ජීවයේ පරිණාමය යන කරුණු පදනම් කරගෙන කාල රාමු හයකට බෙදනු ලබයි: “කේම්බ්‍රියානු (Cambrian), ඕර්ඩොවිසියානු (Ordovician), සිලුරියන් (Silurian), ඩෙවෝනියානු (Devonian), කාබොනිෆරස් (Carboniferous) සහ පර්මියන් (Permian)” යන කාලවකවානු ලෙසය. 

පෘථිවි ඉතිහාසයේ ජීවය වේගවත්ම සහ පුළුල් ලෙසම විවිධාංගීකරණය වූ කාල පරිච්ඡේදය ලෙස පැලියෝසොයික් යුගය හඳුනාගනියි. එහිදී ආත්‍රපෝඩාවන් (Arthropods), මොලුස්කාවන් (mollusks), මාළු (fish), උභයජීවීන් (amphibians), උරගයින් (reptiles) සහ උපාගමිකයන් (synapses) පැලියෝසොයික් යුගයේදී පරිණාමය වූ ජීවී විශේෂ කිහිපයකි. ජීවය සාගරයෙන් ආරම්භ වූ නමුත් අවසානයේ ගොඩබිමට සංක්‍රමණය වූ අතර, පැලියෝසොයික් යුගයේ මැද භාගය වන විට, ප්‍රාථමික ශාක මහාද්වීප සියල්ල ආවරණය කළ අතර, එවා ගල් අඟුරු නිදි ලෙස වර්තමානයේදී හමුවෙයි. කේම්බ්‍රියානු කාල පරිච්ඡේදය අවසාන් වන විට, බිත්තර දමන පෘෂ්ඨවංශී ජීවී කාණ්ඩද බිහි වූ අතර, කේතුධර ශාක පැවති බවට පාෂාණ කොටස් මගින් තහවුරු කරගෙන තිබේ.

පැලියෝසොයික් යුගයේ භූ-විද්‍යාත්මක ක්‍රියාවලීන් සහ ජීව-විද්‍යාත්මක පරිණාමය යන දෙකම සැලකිය යුතු උච්චාවචනයන්ට භාජනය වීම හේතු කොට ගෙන එකල දේශගුණය ස්ථිතික නොවීය. කේම්බ්‍රියන් සහ ඕර්ඩොවිසියානු කාලවලදී, ගෝලීය උෂ්ණත්වය සාපේක්ෂව උණුසුම් වූ අතර, ජෛව විවිධත්වයට හිතකර පුළුල් නොගැඹුරු සාගර කලාපද නිර්මාණය වෙමින්ද පැවතුනි.

පැලියෝසොයික් යුගයේ අවසාන කාල පරිච්ඡේදය සැලකිය යුතු අස්ථාවරත්වයක් සහිත කාලයක් විය. බෝල්ටිකා සහ ලෝරෙන්ටියා යන භූ-තැටි මන්දගාමී ලෙස ඒකාබද්ධ වීම සහ ගොන්ඩ්වානාවේ භූ-තැටි කැබලි වී උතුරු දෙසට ගමන් කිරීම නිසා නොගැඹුරු මුහුදු කලාප රාශියක් නිර්මාණය විය. 

කෙසේ වෙතත්, පැලියෝසොයික් යුගයේ අග භාගයට පැමිණෙන විට, විශේෂයෙන් කාබොනිෆරස් සහ පර්මියන් කාලවලදී, දේශගුණික තත්ත්වයන් දරුණු ලෙස වෙනසකට භාජනය විය. ඒ කාබොනිෆරස් කාල පරිච්ඡේදයේදී අඩු උෂ්ණත්වය සහිත හා තෙතමනය සහිත දේශගුණයක් වර්ධනය වූ අතර, එය සශ්‍රීක වෘක්ෂලතා වර්ධනයට හේතුවිය. පැලියෝසොයික් යුගෙයේ අවසාන කාල පරිච්ඡේදය වන පර්මියන්හිදී ජලජ ජීවීන්ගේ ඝනත්වය අධික ලෙස වැඩිවිය. එම හේතුවෙන් ඔක්සිජන් මට්ටම අඩු වීම භූ-රසායන විද්‍යාවට අනුව ජෛවගෝලය සැලකිය යුතු බලපෑමකට ලක්විය. සමබරව පැවති වායුගෝලය ඔක්සිකාරක (oxidizing) අඩු වීම හේතු කොට ගෙන දුර්වල වායුගෝලයකට මාරුවීමද එමගින් සිදුවිය. 

ජීවයේ “පළමුවන මහා අභාවය” (first great death) නොහොත් පර්මියන්-ට්‍රයැසික් වඳවීම (Permian-Triassic extinction) ආසන්න වශයෙන් වසර මිලියන 252කට පෙර පැලියෝසොයික් යුගයේදී සිදුවිය. ජීවයේ “පළමුවන මහා අභාවය” වායුගෝලයේ හරිතාගාර වායු නිර්මාණය වීමත් — එවිට පෘථිවි අභ්‍යන්තරය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4000C සහ මතුපිටද උෂ්ණ දේශගුණයක් පැවතීමත් නිසා සමතුළිතතාවය බිඳ වැටීමත් සිදුවිය. පෘථිවියේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය විසින් අති වූ ගිනිකදු පිපිරීම් විශාල ලෙස ඇති වීම ප්‍රධාන හේතුව වූ බව භූ-විද්‍යාඥයින්ගේ මතයයි. එම කාලයේ සයිබීරියාවේ දැවැන්ත ගිනිකඳු පිපිරීම් ඇති වූ බවට භූ-විද්‍යාත්මක සාධක මගින් තහවුරු කරගෙන ඇත. එය පෘථිවි ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී අභාවයට තුඩු දුන් දේශගුණ ව්‍යසන මාලාව ලෙසද ඔවුන් හඳුන්වයි. එමගින් හරිතාගාර ආචරණය ලෙස හඳුන්වන පදාර්ථ සංයුතිය වන කාබන්ඩයොක්සයිඩ් (CO2) සහ මීතේන් (CH4) වායුගෝලයේ දැවැන්ත ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය වේගවත් ලෙස වැඩි වීමක් එම කාලයේ සිදුව තිබේ.

සාගරවල දියවී යන කාබන්ඩයොක්සයිඩ් වැඩි වීම, PH අගය අඩුකර ජලය වඩාත් ආම්ලික කළේය. මෙම ආම්ලිකකරණය සාගර ජීවීන්ට, විශේෂයෙන් කැල්සියම් කාබනේට් කවච (උදා: කොරල්, බෙල්ලන්) ඇති ජීවීන්ට, ඔවුන්ගේ ඇටසැකිලි ගොඩනැගීමට සහ නඩත්තු කිරීමට ඇති හැකියාවට බාධාවක් ඇති වූ අතර, එමගින් එම ජීවීන්ගේ අභාවය පුළුල් විය.

උණුසුම් ජලය ඔක්සිජන් පදාර්ථ අඩුවෙන් රඳවා තබා ගන්නා අතර, කාබනික ද්‍රව්‍ය දිරාපත් වන විට ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් වැඩි වීම (උදා: ඇල්ගී පිපීම) හරහා ඔක්සිජන් පරිභෝජනය වැඩිවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සාගරවල ඔක්සිජන් ක්ෂය වීම සිදුවිය. බොහෝ සාගර ජීවීන්ගේ, විශේෂයෙන් ඉහළ ඔක්සිජන් මට්ටමක් අවශ්‍ය ජීවීන්ගේ හුස්ම හිර වූයේ එලෙසය.

මෙම සිදුවීම සියලුම සාගර විශේෂවලින් ආසන්න වශයෙන් 96%ක් පමණ සහ පෘෂ්ඨවංශික විශේෂවලින් 90%කට වැඩි ප්‍රමාණයකගේ අභාවයට හේතු වී ඇති බවට පොසිල සාධක මගින් හෙලිකර ගෙන ඇත. පැලියෝසොයික් යුගය ආරම්භයේ (වර්ෂ මිලියන 541 සිට 252 දක්වා) සිට වර්ෂ මිලියන 289ක ජීවීන්ගේ පැවැත්මකින් පසු සියලු ජීවීන්ගේ අභාවය සිදුවිය. මෙම ව්‍යසනයේ බලපෑම් කෙතරම් විනාශකාරීද යත්, ගොඩබිම ජීවය නැවත යථා තත්ත්වයට පත් වීමට ඊළඟ යුගය වන මෙසෝසොයික් යුගයේදී (Mesozoic Era) ජීවය ආරම්භ වීමට වර්ෂ මිලියන ගණනක් ගත වූ බව භූ-විද්‍යාඥයින්ගේ මතයයි.

🌍 (2) මෙසෝසොයික් යුගය

මෙසෝසොයික් යුගය (Mesozoic Era) යනු පෘථිවියේ භූ-විද්‍යාත්මක සත්ව ජීවී ඉතිහාසයේ දෙවන යුගය වන අතර එය වසර මිලියන 252 සිට 66 දක්වා කාල පරාසයක් විහිදී ඇත. මෙසෝසොයික් යුගයේ ජීවීන්ගේ පරිණාමය ට්‍රයැසික් (Triassic), ජුරාසික් (Jurassic) සහ ක්‍රිටේසියස් (Cretaceous) යන කාල පරිච්ඡේද තුනකට බෙදා ඇත. එය ඩයිනෝසෝරයන් (dinosaurs), ආකෝසෝරියානු උරගයින් (Archosaurian reptiles), සයිකාඩ් (cycads), ගින්ගෝසී (ginkgoes) සහ අරුකේරියන් කේතුධර ශාක (araucaria conifers), ජිම්නාස්පර්ම් (gymnosperms) වැනි ජීවීන්ගේ පැවැත්ම වර්ෂ මිලියන 186ක් පැවතී තිබේ. මෙසෝසොයික් යුගය සාමාන්‍යයෙන් ඩයිනෝසෝරයන්ගේ යුගය ලෙස හඳුන්වනු ලබන්නේ එහි බහුතර ආධිපත්‍යයක් දැරූ සත්ව කාණ්ඩය ඩයිනෝසෝරයන් වූ බැවිනි. 

සුපිරි මහාද්වීපය වූ පැන්ජියා (Pangaea) වෙනම භූ-තැටිවලට කැඩී යාමට පටන්ගත්තේ මෙසෝසොයික් යුගයේදීය. පැන්ජියා යනු පැලියෝසොයික් යුගයේ අගභාගයේ සහ මුල් මෙසොසොයික් යුගයේ පැවති විශාලම මහාද්වීපයයි. එය පැලියෝසොයික් යුගයේ වසර මිලියන 335කට පෙර කාබොනිෆරස් කාල පරිච්ඡේදයේදී ගොන්ඩ්වානා (Gondwana), යුරේමරිකා (Euramerica) සහ සයිබීරියාවේ මුල් මහාද්වීප ලෙස එකලස් වී, ඉන් පසුව වසර මිලියන 200කට පමණ පෙර, ට්‍රයැසික් කාල පරිච්ඡේදය අවසානයේ සහ ජුරාසික් කාල පරිච්ඡේදය ආරම්භයේදී වෙන් වීමට පටන්ගෙන තිබුණි. එලෙස මහාද්වීපවලට වෙන් වූ පසු වර්තමානයේ දෘශ්‍යමාන පෘථිවිය නිර්මාණය වූයේය.

ඩයිනෝසෝරයන් මුලින්ම ට්‍රයැසික්හි දර්ශනය වී ඇති අතර ජුරාසික් කාලපරිච්ඡේදයේදී ප්‍රමුඛ භූ-ගෝලීය පෘෂ්ඨවංශීන් බවට පත් වී ඇත. ක්‍රිටේසියස් අවසානය වන තෙක් ඔවුන්ගේ පැවැත්ම වසර මිලියන 150ක් හෝ 135ක් පමණ ආරක්ෂා කර ගත්තේය. පුරාණ පක්ෂීන් ජුරාසික් කාල පරිච්ඡේදයේ දර්ශනය වී ඇති අතර, තෙරපොඩ් ඩයිනෝසෝරයන්ගේ (Theropod dinosaurs) ශාඛාවකින් පරිණාමය වී, පසුව සැබෑ දත් නැති පක්ෂීන් ක්‍රිටේසියස් කාල පරිච්ඡේදය දක්වා පරිණාමය විය. මෙසෝසොයික් යුගයේදී පළමු ක්ෂීරපායින් දර්ශනය වූ නමුත් සෙනොසොයික් යුගය වන තෙක් කිලෝග්‍රෑම් 15ට (රාත්තල් 33) අඩු බර සත්වයෙකු ලෙස පැවතී ඇත. සපුෂ්ප ශාක මුල් ක්‍රිටේසියස් කාල පරිච්ඡේදයේ දර්ශනය වී ඇත අතර එම කාල පරිච්ඡේදය අවසාන් වන විට වේගයෙන් විවිධාංගීකරණය වූ කේතුධර ශාක (Coniferous plants) සහ අනෙකුත් ජිම්නාස්පර්ම් (Gymnosperms), ගින්ගෝලේස් (Gingolaceae), සයිකාඩ් (Cycads) සහ බෙනෙටිටේල්ස් (Bennetillales) යන ප්‍රමුඛ ශාක කාණ්ඩද ස්ථාපනය වී තිබේ. 

මෙසෝසොයික් යුගය අදින් වසර මිලියන 66කට පෙර අවසන් වූයේ දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය මතට කඩා වැටීම මෙනි. එම ගැටීමෙන් පසුව පෘථිවි පෘෂ්ඨයේ ඇති වූ ලැව්ගිනි, සුනාමි සහ සූර්යාලෝකය අවහිර කළ දූවිලි වලාවකින් මුලු පෘථිවියම වසා ගැනීම නිසා; ව්‍යසනකාරී දේශගුණයක් ගෝලීයව හට ගෙන තිබේ. මෙම ග්‍රාහක ඝට්ටනය මෙසෝසොයික් යුගයේ සිටි සියලු ජීවින්ගේ අභාවයට හේතු වූ අතර, කුරුළු නොවන ඩයිනෝසෝරයන් ඇතුළු විශේෂවලින් 95%ත් ‒ 98%ත් අතර ප්‍රමාණයක් අභාවයට ගොස් තිබේ. වර්තමාන මෙක්සිකෝවේ චික්සුලුබ් ආවාටය (Chicxulub crater) ග්‍රාහකය කඩා වැටුන ස්ථානය ලෙස හඳුනාගනී. එම ආවාටය කිලෝමීටර් 272ක් පළල ආවාටයකි. වර්ෂ මිලියන 186ක කාල පරායක් මෙසෝසොයික් යුගය පැවතී ඇති අතර ග්‍රාහකය ගැටීමෙන් ජීවයේ “දෙවන මහා අභාවය” සිදු වූ බව පොසිල සාදක තහවුරු කරයි.

🌍 (3) සෙනොසොයික් යුගය

සෙනොසොයික් යුගය (Cenozoic era) {වචනාර්ථයෙන් ‘නව ජීවිතය’} යන පෘථිවියේ වත්මන් භූ-විද්‍යාත්මක යුගය වෙයි. එය මෙසෝසොයික් යුගය අවසානයේ වර්ෂ මිලියන 66ක සිට වර්තමානය දක්වා කාල පරාසය නියෝජනය කරයි. සෙනොසොයික් යුගයද කාල පරිච්ඡේද තුනකට: පැලියෝජීන් (Paleogene), නියෝජීන් (Neogene) සහ චතුර්ථක (Quaternary) යනුවෙන් බෙදා ඇත. මහාද්වීපවල වත්මන් පිහිටීම සහ සත්ව ජීවයේ පරිණාමීය පැවැත්මද මෙම කාල පරිච්ඡේද තුන නියෝජනය කරයි. එහිදී මැමල්ස්ගේ සිට පරිණාමය වූ හෝමෝ සේපියන්ගෙන් පැවත එන නූතන මානවයින් දක්වාද මෙම කාල පරිච්ඡේදයේ සිදු වූ සුවිශේෂී පරිණාමයකි. එය ක්ෂීරපායින්, කෘමීන්, පක්ෂීන් සහ මල් පිපෙන ශාක වැනි ජීවයේ නව ආරම්භයක් සනිටුහන් කළ වත්මන් යුගය නියෝජනය වෙයි. 

මුල් සෙනොසොයික් යුගයේ දේශගුණයට වඩා — වත්මන් දේශගුණය උණුසුම් වී තිබේ. බොහෝ භූ-විද්‍යාඥයන් හා කාලගුණ විදාඥයන් තර්ක කරන්නේ පෘථිවිය උණුසුම් වීම නිසා, ජීවයේ “තුන්වන මහා අභාවය” සිදු වෙමින් පවතින බවයි.

පෘථිවිය උණුසුම් වීමට හේතු වී ඇත්තේ කාර්මික විප්ලවයේ (1770) සිට වත්මන (2025) දක්වා කාබන්ඩයොක්සඩ් (CO2) ගිගා ටොන් 2,000කට (ගිගා ටොන් එකක් මෙට්‍රික් ටොන් බිලියනයකි) වඩා වැඩි ප‍්‍රමාණයක් වායුගෝලයට මුදා හැරීම නිසාය. සූර්ය තාපය රඳවා ගන්නා කාබන් පදාර්ථ වායුගෝලයට මුදා හරිනු ලැබූයේ පොසිල ඉන්දන ලෙස භාවිතටය ගන්නා ‒ ගල් අඟුරු දහනය ‒ ඉන්දන දහනය ‒ ගෑස් දහනය ‒ කෘෂි රසායන භාවිතය ‒ නාගරීකරණය – තවත් විශාල ක‍්‍රියාදාමයන් රාශියක් මගින් හරිතාගාර වායූන් වායුගෝලයේ වැඩි කිරීම හේතු කොට ගෙනය. 

එක් පැත්තකින් 2025වන විට ගෝලීයව වාහන බිලියන 1.7ක් ධාවන වෙයි. 2035වන විට එයට තවත් බිලියනයක් එකතු වෙයි. මේ සා විශාල ප්‍රවාහන පද්දතියෙන් අති විශාල කාබන් ප්‍රමාණයක් වායුගෝලයට නිකුත් කරන එක් සාධකයක් පමණි. ඒ වගේම සෑම රටකම ඉදිකර ඇති ගල් අගුරු බලාගාර 2500ක් සහ න්‍යෂ්ටික විදුලි බලාගාර 440ක් ලෝකය පුරා ඉදිකර ඇත. මේ බලාගාර මගින් නිකුත් කරන කාබන් ප්‍රමාණයද අධික ප්‍රතිශතයකි. ඒවගේම කාර්මික නිෂ්පාදන කර්මාන්ත ශාලා සංඛ්‍යාවක් පැවසිය නොහැකි තරම් ලෝකය පුරා ව්‍යාප්ත කර ඇත. එවාද කාබන් සහ අනෙකුත් විනාශකාරී වායූන් දැවැන්ත ප්‍රමාණයක් වායුගෝලයට මුදා හරියි. ලෝකයේ නිවාස බිලියන 2.3ක ගෑස් භාවිතයද අතිවිශාල කාබන් ප්‍රමාණයක් දිනකට වායුගෝලයට මුදා හරීයි. මේ මුදා හරින කාබන් “කෘත්‍රීම කාබන් විමෝචනය” (artificial carbon emissions) ලෙසද හඳුනාගනී.

වත්මන වන විට බිලියන 8.3කට වැඩි ජනතාවක් ලෝකය පුරා ජීවත් වෙති. ඒ වගේම 2030වන විට ගෝලීය ජනතාව බිලියන 9ය දක්වා ඉහළ යනු ඇත. වත්මනේද බිලියන 8ක ජනතාවගෙන් 75%ක් (බිලියන 6ක්) ජීවත් වන්නේ පන් ලක්ෂයට වැඩි ජනතාවක් ජීවත්වන මහා ප්‍රමාණයේ නගරවල හා මධ්‍යම ප්‍රමාණයේ නගරවල හා කුඩා ප්‍රමාණයේ නගරවලය. ඉතිරි 25% (බිලියන 2ක්) ජනතාව ග්‍රාමීයව ජීවත් වෙති. එවිට නාගරීකරණය යනු ගෝලීය විකෘතියකින් සැදුම් ලත් කොන්ක‍්‍රීට් වනාන්තරකරණයකි.

ඒ වගේම මෙසෙල අහස උසට කොන්ක‍්‍රීට් වනාන්තර ගොඩනැගීම තුළින් පෘථිවියේ පැවති භෞතික සමතුළිතතාවය කඩා වැටෙමින් පවතී. මන්ද, භූ-තැටිවලින් නිර්මාණය වී ඇති පෘථිවියේ මතුපිට ඇති, ස්වාභාවික මූලද්‍රව්‍ය තවත් තැටියක නගර ලෙස ගොඩ ගැසීම මගින් නාගරීකරණය හෝ නිවාසකරණය මගින් භූ-තැටි අතර පැවති සමතුළිතතාවය අහෝසි වෙමින් තිබේ. මේ අහෝසි වෙමින් පවතින්නේ පෘථිවි භූ-තැටි අතර සිදු වන ඝට්ටනයෙනි. එය භූමිකම්පා ලෙස අර්ථකථනය කළත් 2025 වසරේ පමණක් ලොව පුරා රික්ටර් මාපකය 4.0 අඩු හෝ ඊට වැඩි විශාලත්වයකින් යුත් භූමිකම්පා 17,628ක් සිදු වූ අතර, එයට ප‍්‍රධාන භූමිකම්පා 16ක් අතර රික්ටර් මාපකය 7.0 සහිත භූමිකම්පා සහ අතිශය බලවත් රික්ටර් මාපකය 8.8ක් සහිත් භූමිකම්පාවක්ද මේ සිදුවීමට ඇතුළත්ය. මෙම භූමිකම්පා හේතුවෙන් ආසන්න වශයෙන් 8,000ක් මිය ගිය බව වාර්තා විය. ඒවගේම ගෝලීය වශයෙන් ගිණි කඳු සක්‍රීය වීම් 26ක් වාර්තා වුණි. ගිණි කඳු සක‍්‍රීය වීමෙන් නිකුත්වන කාබන් විමෝචනය ගෝලීයව අතිවිශාල බලපෑමක් ඇති කර තිබේ.

2020වන විට ගෝලීයව ස්වාභාවික වනාන්තර භූමි ප‍්‍රමාණය ආසන්න වශයෙන් හෙක්ටයාර බිලියන 4.14ක් වන අතර පෘථිවියේ භූමි ප‍්‍රමාණයෙන් එය 31%ක අගයකි. 1800 සිට බැලුව කළ වනාන්තර ප‍්‍රමාණය 3/2ක් අඩුකර ඇති අතර, කොන්ක‍්‍රීට් වනාන්තර සහ කොන්ක‍්‍රීට් නිවාස පිහිටි භූමි ප‍්‍රමාණය දිනෙන් දින වැඩි කරමින් පවතී.

ඒ වගේම 2030වන විට උණුසුම් වායු ධාරා (heat waves) සෙල්සියස් අංශක 50C දක්වා වර්ධනය වන බව විද්‍යාඥයන්ගේ මතයයි. එවැනි උෂ්ණත්වයක් කිසිම ජීවියෙකුට දැරිය නොහැකි නිසා සියලු ජීවීන්ගේ අභාවය ළඟා වෙමින් පවතී. අනෙක් පසින් පෘථිවියේ සමතුලිතතාවය බිඳ වැටී ඇත්තේද ගෝලීය දේශගුණ විපර්යාස නිසාය. මතුපිට උෂ්ණත්වය ඉහළ යාම නිසා පෘථිවි අභ්‍යන්තර උෂ්ණත්වය අතර සමතුළිතතාවය බිඳ වැටී ඇත. එහිදී ගෝලීය පරිමාණව භූමීකම්පා සක්‍රීය වීම, ගිණි කඳු සක්‍රීය වීම, අධික වැසි කුණාටු සක්‍රීය වීම, වියලි කලාප වර්ධනය වීම සහ අධික සුළං ප්‍රවාහයන් වර්ධන වීම වැනි “ටොනාඩෝ ව්‍යසනයක්” දක්වා පෘථිවිය ගමන් කරමින් පවතින බව දෘශ්‍යමාන සාධකයන්ය. එහිදී 2026 ග්‍රීස්ම සෘතුවේ (summer) යුරොපයට බලපෑ උණුසුම් වායු ධාරා (heat waves) නිසා මියගිය සංඛාව 5000ක් ලෙස සටහන් වුවත්, එම සංඛ්‍යාවෙන් පසුව තොරතුරු වසං කිරීමට ගෝලීය ධනපති ආණ්ඩු කටයුතු කළේය. එමනිසා සැබෑ ලෙසම මිය ගිය සංඛාව ලෝකයටම දැනගැනීමට අවස්ථාව මග හැරියේ ගෝලීය ධනේශ්වර දත්ත වසන් කිරීමේ නරුමත්වය යොදාගෙනය. ඒ වගේම නේපාලයේ අයිස් තට්ටු කඩා වැටීමෙන් බලපෑ ගංවතුර තත්වයද ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසා ඇති වූ ඛේදවාචකයකි. ඒ වගේම ලංකාවේ දිස්ත්‍රික්ක 8කට බලපා ඇති එල්-නිනෝ සංසිද්ධියද තව මාස කීපයක් පවතින බව ස්ථීරය. එනිසා, ඉදිරියේදී සැලකිය යුතු ජන සංඛ්‍යාවක් මිය යාමට ලක්විය හැකි බව උපකල්පන සත්‍යයකි.

කාර්මික විප්ලවයෙන් පසු ධනේශ්වර ක්‍රියාකාරකම් හේතුවෙන් වාර්තාගත පෘෂ්ඨවංශික සත්ව විශේෂ 322කට වඩා වඳ වී ගොස් ඇති බව සඳහන් වේ, ඉන් බහුතරයක් 1900න් පසු වඳ වීමට ගොදුරු වී ඇති බවද සත්ව විද්‍යාඥයින් තහවුරු කරයි. නමුත් වඳ වී යන සත්ව විශේෂ කාර්මික විප්ලවයෙන් පසුව සමාජ ක්‍රමයන් බවට පත් වූ කාර්මික ධනවාදය, රාජ්‍ය ධනවාදය, නව ලිබරල්වාදය සහ ගෝලීය ධනවාදය යන කාල පරාසයන්  තුළ වීමද විශේෂත්වයකි.

ජීවය අභාවයට ගිය ඉහත අවස්ථා දෙක මෙන් නොව, තුන්වැනි මහා අභාවය ප්‍රධාන වශයෙන් ධනේශ්වර ක්‍රියාකාරකම් මගින් මෙහෙයවනු ලැබූ බව පැහැදිලි කළ සාක්ෂි සහිතය. ඒ වත්මන් සත්ව ජීවීන් අභාවයට යාමේ අනුපාත 100 සිට 1,000 ගුණයකින් වැඩි වී ඇතැයි ගණන් බලා ඇත. විධිමත් ලෙස තක්සේරු කර ඇති සියලුම විශේෂවලින් 28%ක් නියෝජනය කරන රතු ලැයිස්තුවට අනුව සත්ව ජීවී විශේෂ 48,600කට වඩා වඳ වීමේ තර්ජනයට වත්මන වන විට ලක්ව ඇත.

මෙහිදී බැලිය යුතු තව පැත්තක් තිබේ; ඒ කාර්මික විප්ලවය ඇති වීමට පෙර වායුගෝලයේ පදාර්ථ මිලියනයක කාබන් අංශු 260ppm ප‍්‍රමාණයක පැවතුනි. එම සාමාන්‍ය අගය මගින් සෙනොසොයික් යුගයේ ආරම්භයේ සිට වැඩවසම් සමාජ ක්‍රමය අවසානය දක්වා සෙල්සියස් අංශක 14C අඩු උෂ්ණත්වයක් සහිත දේශගුණයක් පවත්වා ගැනීමට හැකියාව පැවතුනි. 1770 ඇරඹි කාර්මික විප්ලවයෙන් පසුව 2025වන විට අවුරුදු 255 කාලයක් කාබන් පදාර්ථ අගය 480ppm දක්වා ධනපති ක්‍රමය විසින් වායුගෝලයේ වැඩි කර තිබේ. එවිට වත්මන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 2C වැඩි අගයක ගෝලීයව ඉහළ යාමට හේතු වී තිබේ. පසුගිය දශකය තුළ (2015-2025) වාර්තාගත උණුසුම්ම වසර දහය ලෙස සැලෙකෙන අතර එය ගෝලීය උණුසුම වේගවත් වන වේගය ඉස්මතු වෙන කාල පරිච්ඡේයකි. තව දුරටත් මෙලෙසම ධනපති ක‍්‍රමය ඉදිරියට ගිය හොත් 2040දී වායුගෝලයේ කාබන් පරමාණු ප‍්‍රමාණය 600ppm දක්වා වැඩි වනු ඇත. එය 2100දී 1400ppm දක්වා වැඩිවනු ඇත. 2100වන විට එම අගය වැළඳ ගන්නේ නම්, පෘථිවියේ ජීවත්වන සියලු ජීවින්ගේ පැවැත්ම අහෝසි වනු ඇත්තේ; ජීවයේ තුන්වන මහා අභාවයෙනි.

පෘථිවියේ මුල් ජීවය පැලියෝසොයික් යුගය වර්ෂ මිලියන 289ක් ගත කර කාබන් පදාර්ථ වැඩි වීම නිසා අභාවයට ගියේය. දෙවන යුගය වූ මෙසෝසොයික් යුගය වර්ෂ මිලියන 186කින් ග්‍රාහක ඝට්ටනය නිසා අභාවය තින්දු විය. මීළඟ යුගය වන අප ජීවත් වන සෙනොසොයික් යුගය වර්ෂ මිලියන 66ක් වැනි ඉතා කෙටි කලකින් කාබන් පදාර්ථ වැඩි කිරීම නිසා අභාවය ස්ථීර වී තිබේ. සෙනොසොයික් යුගයේ මානවයා යනු ඉහත යුගවලට වඩා විශාල බුද්ධිමය පරිමාවක් අත් කරගත් දැනට සිටින සහ පැරණි ජීවීන් අතරින් එකම බුද්ධිමත් ජීවී ප්‍රජාවයි. පළමු යුග දෙකේදී මොළය තිබුණට බුද්ධිය නොමැති ජීවයට වඩා — බුද්ධියෙන් අනූන නූතන මානවයා තම පැවැත්ම අහෝසි කරගෙන ඇත්තේ: වර්ෂ මිලියන 66ක් යන කෙටි කාල පරාසයකිනි. එයට හේතුව වී ඇත්තේ වර්ෂ 255ක් පවතින ධනේශ්වර පැවැත්මට මානවයා අනුගත වෙමින්, පුද්ගලිකත්වය වර්ධනය කරමින්, විකෘති ජීවිත පැවැත්ම ධනේශ්වර කුමය තුළ ගෙවීම නිසා — ජීවයේ “තුන්වන මාහා අභාවය” තමන් විසින්ම ස්ථීර කර ගැනීමය. පෘථිවියේ සියලු ජීවීන් අවසන් වී නැවත පෘථීවිය යථා තත්වයට පත් වූ පසු නැවතත් අලුත් ජීවයක් ආරම්භ වේවි. ධනේශ්වර ක්‍රමය රැකගෙන මානව පැවැත්ම අභාවයට යනවාද? නැත්නම් ධනේශ්වර ක්‍රමය අවසන් කර මානව පැවැත්ම රැකගන්නවාද? යන්න සමාජීය ලෙස තීන්දු කළ යුතු ප්‍රශ්න පත්තරයක් ගෝලීය සමාජයට වත්මනේ ඉතිරි වී තිබේ.  

මෙම ධනේශ්වර ව්‍යසනයෙන් ගැලවීමට නම් විකෘති ධනේශ්වර ක්‍රමය ගෝලීය පරිමාණවම පෙරලා දැමිය යුතුය. ඒ ස්වාභාවික භෞතිකවාදී වැඩ පිළිවෙලක් ගෝලීය පරිමාණව ක්‍රියාත්මක කිරීම සඳහාය. එය කෙටියෙන් පැවසුව හොත්; ස්වාභාවික භෞතිකය මත පදනම් වුණ → සොබාදහම සමග මුසු වූ සැලසුම් සහගත සමාජ ‒ ආර්ථික ‒ දේශපාලන වැඩපිළිවෙක් මගින් → ගෝලීයව “කාබන් පදාර්ථ නිෂේධනයකට” ගොස් → ජෛව විවිධත්වයේ පැවැත්ම ආරක්ෂා කරගෙන → ගෝලීය මානව පැවැත්මද සහතික කරගැනීම සඳහාය. එය ගෝලීය සමාජයේ සාමූහික ප්‍රයත්නයකි. කෙටියෙන් පැවසුවහොත්; “හරිත සමාජවාදය” (eco socialism) ලෙස එම සමාජ ක්‍රමය නාමකරණය කළ හැකිය. 

චමිල් ජයනෙත්ති.