පිළිකා එන්නතක් සාර්ථක වූ බව රුසියාවේ Federal Medical Biological Agency විසින් නිල වශයෙන් ප්‍රකාශ කරන ලදි. මෙය MRNA තාක්ෂණය මත පදනම් වූ එන්නතක් වන අතර අද මෙම ජයග්‍රහණය මුළු ලෝකය පුරාම කතාබහට ලක් වෙනවා. නිශ්චිත වශයෙන්ම මෙය රුසියාවේ පමණක් නොව මුළු මහත් මානව සංහතියේම ජයග්‍රහණයක්. භූ දේශපාලනික වශයෙන් ගත්ත ද මෙම ජයග්‍රහණය නිසා රුසියාව දේශපාලනික වශයෙන් පවා ඉදිරියට පැමිණීමට ඉඩ තිබෙනවා. හොදයි සියලු දෙනා මේ විශේෂ ජයග්‍රහණය ගැන කතා කරනවා නමුත් මෙම ජයග්‍රහණය පිටුපස තියන සෝවියට් දේශයේ උරුමය ගැන කතා කරනවා මම දැක්කේ නැති තරම්.!!
අද වර්තමාන රුසියාව සතුව ඇති වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය, සංවර්ධනය වැනි දේවල් වලින් අති බහුතරයක් 1991 සෝවියට් දේශයේ බිඳවැටීමෙන් බිහි වූ දේවල් නොවන අතර මේ සියල්ල්ම සෝවියට් සංගමයේ උරුමයක් ලෙසයි වර්තමාන රුසියාවට හිමි වෙන්නේ..
1917 ට පෙර රුසියාව කියලා කියන්නේ අර්ධ ධනවාදී අර්ධ වැඩවසම් පසුගාමී රටක් විදියට තමයි සලකන්නේ. නමුත් 1917 දී සාර්වාදී පාලනය පලවා හැර ශ්‍රේෂ්ඨ රුසියානූ ඔක්තෝබර් විප්ලවයෙන් බිහි වෙනවා සෝවියට් සංගමය. අන්න එතැන් පටන් 1950 වගේ වෙනකොට සෝවියට් දේශය කියන්නේ මහා බලවතෙක්. මේ මහා බලවතා කියන්නේ කාර්මික අංශයෙන් විද්‍යා අංශයෙන් තාක්ෂණික අංශයෙන් අභ්‍යාවකාශ ගවේශනය පැත්තෙන් වගේ න්‍යශ්ටික තාක්ෂණය පැත්තෙන් ඉහලම දියුණුවක් ඉසිලූ දේශයක්.
විශේෂයෙන්ම සෝවියට් දේශය තුලදී Gamaleya Research Institute වැනි දේවල් හරහා එදා ඉදලම Micro-Biology වැනි දේවල් ගැන පරීක්ෂන කොට තිබෙනවා.
ඉතින් මේ පරීක්ෂන සිදු කරේ බටහිර රටවල් වගේ ලාභය මත පදනම්ව නොවන අතර සමාජයේ සුභසිද්ධිය උදේසා ය.
සෝවියට් දේශය 1991 බිඳවැටෙනවා හැබැයි එහෙම බිඳවැටුනත් එහි ජයග්‍රහණ එනම්, අභ්‍යවකාශ තරනය කිරීම, ෆැසිස්වාදය පරාජය කිරීම, න්‍යශ්ටික තාක්ෂණනය, විද්‍යාව, තාක්ෂණය වැනි අංශ ඔස්සේ මෙම දේශය ලද ජයග්‍රහණ ඉතිරි වෙනවා. එම ඉතිරි වූ ජයග්‍රහණ වල උරුමකරුවා වූයේ වර්තමාන රුසියාවයි
.
විද්‍යාව තාක්ෂණනය විතරක් නෙමෙයි පරම්පරා ගණනක වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, විද්‍යාඥයන් වැනි මානව ප්‍රාග්ධනය ද සෝවියට් දේශය විසින් දැමූ අත්තිවාරම මත ගොඩනැඟුන
ඉතින් අද හොද දවසක්. පිළිකාව කියන දෙයින් මිනිස්සු මිලියන ගණනක් පීඩා විදිනවා. අන්න ඒ පීඩිතභාවයට යම් විදිහක බලාපොරොත්තුවක් අද ඇති වුනා
. රුසියාව සහ එහි වෛද්‍යවරුන් එහි විද්‍යාඥයන් පෘථිවියටම අද සේවයක් කරනු ලැබුවා. ඉතින් ජයග්‍රහණය සමරමු ඒ ගමන්ම සෝවියට් උරුමය ද සිහිගන්වමු.!!
දිමුත් භානුක විසිනි
2025/09/08
![]()