Entertainment Archives - Asia Commune https://asiacommune.org/category/entertainment/ Equality & Solidarity Sun, 24 Aug 2025 12:36:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.1 https://asiacommune.org/wp-content/uploads/2025/05/cropped-New_Logo_02-32x32.png Entertainment Archives - Asia Commune https://asiacommune.org/category/entertainment/ 32 32 RESISTANCE ගීත සැදෑව https://asiacommune.org/2025/08/24/resistance-%e0%b6%9c%e0%b7%93%e0%b6%ad-%e0%b7%83%e0%b7%90%e0%b6%af%e0%b7%91%e0%b7%80/ Sun, 24 Aug 2025 12:36:11 +0000 https://asiacommune.org/?p=9835 The post RESISTANCE ගීත සැදෑව appeared first on Asia Commune.

]]>

Loading

The post RESISTANCE ගීත සැදෑව appeared first on Asia Commune.

]]>
මොලොව උපන් දරුවන් කුමන රටකට , ජාතියකට , ආගමකට අයත් වුවත් ඔවුනට ජීවත්වීමේ අයිතිය හිමිවිය යුතුය… https://asiacommune.org/2025/07/29/%e0%b6%b8%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%8b%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%b1-%e0%b6%bb%e0%b6%a7/ Tue, 29 Jul 2025 21:34:55 +0000 https://asiacommune.org/?p=9413 ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ 1978 සිට 1984 දක්වා මා නේවාසිකයකු වීය. ඊට පෙර මගේ අම්මාට මාව පෝෂණය කිරීමට නොහැකි තරමේ දිළිදුභාවයෙන් අප පෙලුනේය . ඒ වගේම මා ඉතා දඟකාර / අකීකරු ළමයකු වීම ගැනද මගේ අම්මා බිය වූවාය. මා කොතරම් දඩබ්බර ළමයෙක්දැයි  කීවොත් මම වයස අවුරුදු දහයේදී  වීඳී දරුවන් සමග රාත්‍රී 9:30 සිනමා ශාලාවේ චිත්‍ර පට නරබා, දුම්රිය ස්ථානයක බංකුවක රාත්‍රීය ගතකල අවස්ථා ද , ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කල අවස්ථාද වීය. මගේ අනාගතය ගැන අම්මා බිය වීම සාධාරනය . කුඩා සරත්ව ඈ පොලීසියට රැගෙන ගියේ මාගේ ඥාති සොහොයුරකු…

The post මොලොව උපන් දරුවන් කුමන රටකට , ජාතියකට , ආගමකට අයත් වුවත් ඔවුනට ජීවත්වීමේ අයිතිය හිමිවිය යුතුය… appeared first on Asia Commune.

]]>

ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ 1978 සිට 1984 දක්වා මා නේවාසිකයකු වීය. ඊට පෙර මගේ අම්මාට මාව පෝෂණය කිරීමට නොහැකි තරමේ දිළිදුභාවයෙන් අප පෙලුනේය . ඒ වගේම මා ඉතා දඟකාර / අකීකරු ළමයකු වීම ගැනද මගේ අම්මා බිය වූවාය.

මා කොතරම් දඩබ්බර ළමයෙක්දැයි  කීවොත් මම වයස අවුරුදු දහයේදී  වීඳී දරුවන් සමග රාත්‍රී 9:30 සිනමා ශාලාවේ චිත්‍ර පට නරබා, දුම්රිය ස්ථානයක බංකුවක රාත්‍රීය ගතකල අවස්ථා ද , ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කල අවස්ථාද වීය.

මගේ අනාගතය ගැන අම්මා බිය වීම සාධාරනය . කුඩා සරත්ව ඈ පොලීසියට රැගෙන ගියේ මාගේ ඥාති සොහොයුරකු වූ නිමල් අයියා සමගය. ඔහු  මට වඩා වැඩිමහළු වූ නමුත් එකල මගේ සමීපතමයකු විය.

ළමා නිවාසයේ උදේට පරිප්පු හොද්දක් සමග පාන් ලැබුනේය. දවල්ට සහ රාත්‍රියට බත් ලැබුනේය.. පිලිවෙලට ඇදුම් ඇදගෙන පාසල් යා හැකිවීය. ඊට කලින් මට එතරම් හොද ඇදුම් තිබුනේ නැත. මා එහි යනවිට පාසලේ හතරවන පංතියේ වීය. 

කෙසේ වෙතත් පාසලේ හයවන පංතියේදී ළමා නිවාසයෙන් පැන ගොස් ගාල්ලේදී පොලීසියට හසුවූ වී මාස තුනක් සිර ගෙවල් වල , ළමා රැඳවුම් කදවුරු වල සිටි කාලය මට කිසිදිනක අමතක වන්නේ නැත. කිසිදු ළමයකු එවැනි හිංසාවන්ට  ලක්විය යුතු නැත. 

නැවත ළමා නිවාසයට පැමිණි මා කිසිදිනක එවැනි දඩබ්බරකම් කලේ නැත.1984 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් මා සම්මාන සමර්ථ හතක් සමග සමත්වීය. 

එය මට වෘත්තීය අධ්‍යාපනය සදහා යොමුවීමට මහත් උඔඅකාරීවීය. ඉන් අනතුරුව ජීවිතයට එක්වූ අලුත් අත්දැකීම් බොහෝය. 2009 දී මව් බිම හැරදමා මෙහි ආ පසු වෙනත් ආකාරයේ අත්දැකීම් ජීවිතයට එකතුවීය. 

මා අද ගෙවන ජීවිතයට ස්වීට්සර්ලන්තයට මෙන්ම ,මට අතහිත දුන් සැමට ස්තූතිවන්තය. කුඩා කල මා හැදීවැඩුනු තැනටද මගේ ස්තුතිය පුදකිරීමට මා කැමතිය.

ඔක්තෝබර් මාසයේ ගෝතම ළමා මාගේ නිවාසයේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට මා අදහස් කලේ එබැවින්‍ ය. එහිදී ලැබෙන ආදායම ළමා නිවාසයට පරිත්‍යාග කිරීමට මා තීරණය කර ඇත. 

ඒ ගැන ළමා නිවාසයේ පාලක මංඩලයේ  ප්‍රියත් සල්ගාදු මහතාගෙන් මා විමසූ විට ඔහු ඉමහත් සතුටට පත්වීය. ප්‍රියත් සල්ගාදු මහතාගේ සීයා , මව් පියන් අහිමිව අසරණ වූ , වීදියේ අතහැර ගිය  ළමුන් සදහා 1954 දී ගෝතම ළමා නිවාසය ආරම්භ කිරීමට ප්‍රමුඛ වූ අයෙක් බව මට දැන ගන්නට ලැබුනේ ළමා නිවාසයේ කලමණාකරු මුදිත ප්‍රනාන්දු මහතාගෙනි.

ඒ කතාව මෙසේය 1956  දී 2500 වන බුද්ධ ජයන්තිය මහ ඉහලින් සැමරීමට ලක්වැසියන් යුහුසුළු වීය.” බුද්ධ ජයන්තිය  යනු බුදුන්වහන්සේ පිරිනිවන් පා වසර 2500 ක් සම්පුර්ණ වීමය. .රිචට් සල්ගාදූ මහතා තවත් පිරිසක් සමග 1951 දී ” පානදුර බෞද්ධ සංගමය ” ආරම්භ කරන්නේ ඒ අනුවය.සමාජ සත්කාරයක් ලෙස පානදුර බෞද්ධ සංගමය මගින් 1954 දී ළමුන් හතර දෙනෙක්ගෙන් ගෝතම ළමා නිවාසය ආරම්භ කල අතර මා 1978 දී එහි ගියේ 464 වැනියා ලෙසය.

ඊශ්‍රායලය ඝාසා හී කුසගින්නේ දරුවන් මරන විට ගැන මාගේ කම්පනය වැඩිවන්නේ , කුසගින්නේ සිටි මගේ ළමා කාලය ගැන මා හොදින් දන්නා බැවින් ය.

මෙලොව උපන් දරුවන් කුමන රටකට , ජාතියකට , ආගමකට අයත්වුවත් , ඔවුනට ජීවත්වීමේ අයිතිය හිමිවිය යුතුය.

ඔවුනට අවැසිවන්නේ ආදරය , පෝෂණය සහ රැකවරණ මිස , කුසගින්න , වෙඩි උන්ඩ සහ බෝම්බ නොවේය..

සරත් මද්දුමගේ විසිනි

Loading

The post මොලොව උපන් දරුවන් කුමන රටකට , ජාතියකට , ආගමකට අයත් වුවත් ඔවුනට ජීවත්වීමේ අයිතිය හිමිවිය යුතුය… appeared first on Asia Commune.

]]>