භෞතිකවාදී අත්දැකීම් + මතකය = දැනුවත්භාවය
ඔබව ඔබ බවට පත් කරන්නේ කුමන සාධකයකින්ද? ඔබේ මනස ඔබේ මොළයට ඉහළින් ඇති දෙයක්ද? අද්භූත හෝ අභෞතික දෙයක්ද? නැතහොත් එය මොළය හා සම්බන්ධ දෙයක්ද? මෙම ප්‍රශ්න දර්ශනවාදයේදී විඥානවාදය සහ පාරභෞතිකවාදය විසින් ආත්මය/ආත්මීය සංකල්ප සමග මනසට පිටින් පවතින දේව සංකල්පයක් බවට පත්කළ අතර, භෞතිකවාදය විසින් භෞතික අත්දැකීම් මගින් ලබන ක්‍රියාකාරීත්වය මොළය සමග පවතින මතකයන් සමග ගොඩනැගෙන සම්බන්ධතාවයක් බව පැහැදිලි කළේය. මනස සම්බන්ධව භෞතිකවාදී දාර්ශනික මතය විද්‍යානුකූල රාමුව බවට පත් වූයේ 16 සහ 17වැනි සියවසේ ඇරඹි ‘විද්‍යත්මක විප්ලවය’ (scientific revolution) සමයේ සිටය. සිතුවිලි, හැඟීම්, ආශාවන් සහ චින්තනය, සංකල්ප, දැනුම ඇතුළුව සෑම දෙයක්ම භෞතික විද්‍යාත්මක පැහැදිලි කිරීම ප්‍රමුකත්වයට පැමිණියේ ඉන් අනතුරුවය. දෙවියන් නැත (no Gods), ආත්මයන් නැත (no souls/no spirits), ආත්මීය නැත (no subjective), අවතාර නැත (no ghostly) සහ මිථ්‍යා විශ්වාස නැත (no superstitions) යන කාරණා භෞතිකවාදී දෘෂ්ටිය ස්ථාවර කිරීමේදී ප්‍රධාන සාධකය වුණි. නමුත් මෙම දෘෂ්ටිකෝණය කෙතරම් බලගතු වුවත්, එය වටහාගැනීමේදී ආගම්වාදීන්ගේ හෝ විඥානවාදීන්ගේ හෝ පාරභෞතිකවාදීන්ගේ තර්ක සමග පැවති මත ගැටුම වත්මනේදී ද (21වැනි සියවස) දැකගත හැකිය.
යුරෝපයේ 16 සහ 17වැනි සියවස්වල සිදුවූ ‘විද්‍යාත්මක විප්ලවය’ විසින් ඊට පෙර පැවති ආගමික දර්ශනය (religious philosophy) සමග පැවති සංකල්පවල පැවති මිථ්‍යා සම්බන්ධය ආපසු හැරවිය නොහැකි ලෙස බිඳ දමනු ලැබීය. ඒ ස්වාභාවික ලෝකය ගවේෂණය කරන සහ වටහාගන්නා ආකාරය භෞතිකවාදී දෘෂ්ටිමය පරිපථයකින් වෙනස් කර ගැනීමට ‘විද්‍යාත්මක විප්ලවය’ හවුල් වීමත් සමගිනි. මෙහිදී මතුවූ ‘නව භෞතිකවාදී සංකල්ප’ පෙර පැවති ආගමික සම්ප්රදායන්ගෙන් බැහැර වූ අතර, එහි ලෝක දැක්ම වඩාත් භෞතිකවාදී ස්වභාවයක් ගත් අතර විද්‍යාත්මක පර්යේෂණ, විද්‍යාත්මක නිගමන සහ ගණිතමය සමීකරණ සමග වඩාත් සමීපව ඒකාබද්ධ විය. තවද, එය නව සාක්ෂි ලබා ගනිමින් සහ ඒවා නව අර්ථ නිරූපණය කිරීම කෙරෙහි භෞතිකවාදී අවධානය යොමු කිරීමද දාර්ශනිකව වර්ධනය විය.

21වැනි සියවසේදී ලෝකයේ බිලිනය 8ක ජනතාවක් ජීවත් වෙති. එයින් බිලියන 7කට අඩු ප්‍රමාණයක් ආගමක් අදහති ‒ දෙවියෙක් පිළිගනිති – ආත්මය විශ්වාස කරති ‒ දෙවියන්ගේ ආත්මයෙන් විඥානය ලැබෙන බව විශ්වාස කරති ‒ මිථ්‍යාව විශ්වාස කරති, මිථ්‍යාව වපුරති ‒ මේ ආගමික හා විඥානවාදී සහ පාරභෞතිකවාදී මතවාදී ව්‍යුහය ලෙස ස්ථාපිත වූ සංස්ථාව වත්මනේද ක්‍රියාත්මක වන ‘විද්‍යාත්මක විප්ලවයට’ පෙර පැවති ස්වරූපය තවමත් පවතී. මේ ව්‍යුහයට විරුද්ධව ලෝකයේ බිලියනයකට වැඩි ජනතාවක් “ආගම් පිළිගන්නේ නැති සහ අදහන්නේ නැති” ‒ “ආත්ම ඥානය (විඥානය) විස්වාස කරන්නේ නැති” ‒ “භෞතිකවාදී සමාජ දැක්ම පිළිගන්නා” පිරිසක් ගෝලීය පරිමාණව වර්ධනය වී සිටිති. එය තව තවත් වර්ධනය වෙමින් පවතින්නේ භෞතිකවාදී සන්දර්භය සැබෑ යථාර්ථය බව ස්ථීර කරමින්ය. එම වෙනස් වීමට අවශ්‍ය සංකල්ප රාමුව විදිමත් කිරීමේ කටයුත්තද භෞතිකවාදී විප්ලවවාදී සමාජ ක්රියාකාරීත්වයකි.
විද්‍යාත්මක පාරිභාෂිතයන්ට අනුව, “ආත්මයක් නොමැති වීම” (absence of a soul or spirit) යන්නෙන් අදහස් කරන්නේ, මානව දැනුවත්භාවය, අනන්‍යතාව සහ හැසිරීම යන සියල්ල මොළයේ සහ ශරීරයේ සිදුවන භෞතික ක්‍රියාවලීන් මගින් සම්පූර්ණයෙන්ම පැහැදිලි කළ හැකි බවයි. මෙම දෘෂ්ටිකෝණය බිහිව ඇත්තේ නූතන මනෝවිද්‍යාව සහ ස්නායු විද්‍යාව (neuroscience) තුළිනි; එම විෂයයන් සංසිද්ධි දකින්නේ ආත්මයක ප්‍රතිඵල ලෙස නොව, ජෛව පද්ධතිවල ක්‍රියාකාරිත්වයේ භෞතික ප්‍රතිඵලක් ලෙසය.
නූතන විද්‍යාව මගින් — විශේෂයෙන්ම ස්නායු විද්‍යාව සහ චර්යාවාදී මනෝවිද්‍යාව (behaviorist psychology) — ආත්මය යනු මැනිය හැකි හෝ හඳුනාගත හැකි යමක් ලෙස පිළිගන්නේ නැත. ඒ වෙනුවට, එම විෂයයන් පහත පරිදි පැහැදිලි කරයි: දැනුවත්භාවය යනු ස්නායු ක්‍රියාකාරිත්වයයි. පෞරුෂය යනු ජෛව සහ භෞතික අත්දැකීම්වල එකතුවකි. මානසික ක්රියාකාරිත්වයන් යනු කායික (physiological) ක්‍රියාවලියකි.
භෞතිකය යන මූලිකම මට්ටම කුමක්ද? එය නිර්මාණය වී ඇත්තේ ද්‍රව්‍යවලින්ද? එසේ නැතිනම්, අපට ස්පර්ශ කිරීමට, මැනීමට සහ නිරීක්ෂණය කිරීමට හැකි භෞතික දේවල්වලින්ද? එසේත් නැතිනම්, එහි මූලය පවතින්නේ මනස තුළද? එනම්, දැනුම, අදහස් සහ සංජානනය තුළද? මෙම ප්‍රශ්න භෞතිකවාදී දර්ශනවාදයේ හරය වන අතර, එය බුද්ධිමය ඉතිහාසය පුරා පැවති වඩාත්ම දිගුකාලීන විවාදයන්ගෙන් භෞතිකවාදය (materialism) මේ සම්බන්ධයෙන් ස්ථිර ස්ථාවරයක් දරයි: එනම්, ද්‍රව්‍යයට ප්‍රමුඛත්වය හිමි වන අතර, සිතුවිලි, හැඟීම් සහ දැනුවත්භාවය ඇතුළු අනෙක් සියල්ල මනස තුළ පැන නගින්නේ එම ද්‍රව්‍ය අතර සිදුවන අත්දැකීමෙන් ලබන සම්බන්ධය තුළිනි. මෙම ස්ථාවරය අවබෝධ කර ගැනීම දර්ශනවාදයට පමණක් නොව, විද්‍යාව, අදේවවාදය සහ දේශපාලන චින්තනය සියවස් ගණනාවක් පුරා වර්ධනය වී ඇති ආකාරය වටහාගැනීම ද අත්‍යවශ්‍ය කටයුත්තකි. ‘Consciousness’ යන යෙදුම ගැන භෞතිකවාදී දර්ශනය ප්‍රකාශ කරන්නේ කුමක්ද? සහ එහි සංකල්ප පද්ධතිය භාවිතා වන ආකාරය ගැන අපි මෙතැන් සිට විමසා බලමු.
භෞතිකවාදීන්ගේ ‘දැනුවත්භාවය’
“මනස යනු ජීවී මොළයේ භෞතික ක්‍රියාකාරිත්වයයි.” ― ජෝන් ලොක්.
ඉංග්‍රීසි භෞතිකවාදී ජෝන් ලොක්ට (1632-1704)) අනුව, ‘විඥානය’ (consciousness) යන ‘ආත්මය + ඥානය = විඥානය’ විඥානවාදී ප්රශ්තූතය හෝ ‘ආත්මීය + ඥානය = විඥානය’ යන පාරභෞතිකවාදී ප්රස්තූතය මගින් මොළයේ ක්‍රියාකාරිත්වය මනස හරහා දෙවියන්ට භාර දීම සිදු කරන ප්රස්තූතයක් බව පවසා, ඔහු එම ප්රස්තූත දෙකම ප්‍රතික්ෂේප කළේ දැනුමක් නොමැති ප්රස්තූත ලෙස විග්රහ කරමිනි. එමනිසා මොළයේ ක්‍රියාකාරීත්වය වටහාගැනීමට ‘මානව මනස’ (human mind) භෞතිකව ලබන අත්දැකීම් විමර්ශනය කළ යුතු බව ඔහු පැවසුවේය. ලොක් එම පදනම මත; ‘අත්දැකීම්’ (experience) ‘මතකය’ (memory) සමග ඒකාබද්ධ වන ‘දැනුවත්භාවය’ (awareness) හරහා අතීත සහ වර්තමාන ‘පුද්ගලභාවය’ (personhood) එනම් ‘ස්වයං’ (self) එකිනෙක සම්බන්ධ වී ‘ස්වයං-දැනුවත්භාවය’ (self-awareness) මනස තුළ ඇති කරයි ― යනුවෙන් ඔහු දැනුම පිළිබඳ භෞතිකවාදී දාර්ශනික දෘෂ්ටිය ගොඩනැගුවේය.
ලොක් විසින් රචිත ‘An Essay Concerning Human Understanding’ (මානව අවබෝධය පිළිබඳ නිබන්ධනය ̶ 1694) යනු මානව දැනුමේ ස්වභාවය විමසා බලන දාර්ශනික කෘතියකි. උපතින්ම පිහිටි අදහස් (innate ideas) පිළිබඳ න්‍යාය ප්‍රතික්ෂේප කරන ලොක්, සියලු දැනුම ‘අත්දැකීම්’ මගින් පමණක් ලැබෙන බව අවධාරණය කරයි. ඔහු ‘අත්දැකීම්’ ප්‍රධාන වර්ග දෙකකට බෙදා දක්වයි: එනම්, අපගේ ඉන්ද්රියයන් මගින් ලබන ‘සංවේදනය’ (sensation) සහ අපගේම මානසික ක්‍රියාවලීන් අභ්‍යන්තරව අවබෝධයේ ‘පරාවර්තනය’ (reflection) මගින් ලැබෙන බව, ඔහු පැහැදිලි කරයි. මීට අමතරව, සංකල්ප, අදහස්, භාෂාව සහ වචනවල අර්ථය මෙන්ම, පුද්ගල අනන්‍යතාව සහ ‘මානව දැනුවත්භාවය’ ට (human awareness) අදාළ කරුණු පිළිබඳව ද මෙම කෘතියේ සවිස්තරාත්මකව සාකච්ඡාවට බඳුන් කරයි. මෙම කෘතිය ‘අත්දැකීම්වාදය’ = ‘අනුභූතිකවාදය’ (empiricism) නමැති මානව දැනුමේ ඇතිවූ වර්ධනය ගැන භෞතිකවාදී සාකච්ඡාව පෝෂණය කළ කෘතියක් වූ අතර, පසුකාලීන භෞතිකවාදී දාර්ශනික දෘෂ්ටිය කෙරෙහි විශල බලපෑමක් ඇති කළ දාර්ශනික කෘතියකි.
දැනුවත්භාවය (consciousness)
ජෝන් ලොක් සිය දාර්ශනික ලේඛනවල, විශේෂයෙන්ම “මානව අවබෝධය පිළිබඳ නිබන්ධනය” (1694) නම් කෘතියේදී ‘දැනුවත්භාවය’ (consciousness) යන පදය ප්‍රධාන වශයෙන් භාවිතා කළේ ‘අත්දැකීම් + මතකය = දැනුවත්භාවය’ (experience + memory = consciousness) යන ප්රස්තූතය මගින් භෞතිකවාදී ස්ථාවරය හඳුන්වා දීම සඳහාය. පුද්ගල අනන්‍යතාවය රැඳී පවතින්නේ අඛණ්ඩ දැනුමේ තත්වයක් තුළ බවත්, ස්වයං-අවබෝධය සහ මතකය සඳහා මෙය අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය. ‘දැනුවත්භාවය’ (consciousness) පිළිබඳ සාකච්ඡාවලදී ‘අවබෝධය’ (awareness) යන පදය අදාළ වුවද, පුද්ගල අනන්‍යතාවය සහ සදාචාරාත්මක වගකීම පිළිබඳ ලොක්ගේ න්යායන්හිදී ‘දැනුවත්භාවය’ (consciousness) යන සංකල්පය පෙර පැවති ප්රතිගාමී සංකල්පයෙන් වෙන්වීමේ කේන්ද්‍රීය ස්ථානය බවද ඔහු පහදා දුන්නේය.
ලොක් තර්ක කරන්නේ ‘දැනුවත්භාවය’ යනු මොළය තුළ සිදුවන භෞතික අන්තර්ක්‍රියා මගින් හටගන්නා ‘අවබෝධය’ ‘දැනුවත්භාවය’ බවයි. අනුභූතික (empirical) හේතු මගින්, මානසික සංසිද්ධි ඇතුළු සියලුම සංසිද්ධි ‘භෞතික අත්දැකීම්’ මගින් හටගන්නේ; අපගේ සිතුවිලි සහ සංජානනයන් පැන නගින්නේ එම ක්‍රියාවලිය මගිනි. මෙම දෘෂ්ටිකෝණය භෞතික විද්‍යාත්මක පැහැදිලි කිරීම සහ භෞතික ලෝකයෙන් ලබාගත් අනුභූතික සාක්ෂි (empirical evidence) මගින් මනස තුළ දැනුම නිර්මාණය කරයි ― යනුවෙන් ඔහු තව දුරටත් පැහැදිලි කර ඇත.
ලොක් ඔහුගේ කාලයේ පැවති අදහස්වලට අභියෝග කිරීමට සහ මිනිස් අත්දැකීම් පිළිබඳ වඩාත් නිවැරදි නිරූපණයක් ලබා දීමට ‘consciousness’ යන වචනයට නව අර්ථකථනයක් ලබා දුන්නේ එළෙසය. ඔහුගේ නව අර්ථ දැක්වීම පදනම් වූයේ ‘consciousness’ යන ඔහුගේ දර්ශනයේ ඇති කටුක ගැටළු කිහිපයක් විසඳීමට උපකාරී වන ඇගයීම් නොව ස්වයං-දැනුවත්භාවයක (self-consciousness) අදහස මතය. ඔහුගේ ‘දැනුවත්භාවය’ පිළිබඳ අර්ථ නිරූපණය පුද්ගලයෙකුගේ පුද්ගලික අනන්‍යතාවය, දැනුම සහ සදාචාරාත්මක නියෝජනය පිළිබඳ න්‍යායන් සඳහා කේන්ද්‍රීය වූ අතර, අපි තනි දේවල් දන්නා ආකාරය සහ අතීත සහ අනාගත පුද්ගල ඥානය සමග දැනුවත්භාවයේ එකමුතුව ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සංයුක්ත වාර්තාවක් සපයයි. ඔහු ‘awareness’ යන පදය සම්බන්ධ කළේ අත්දැකීම් + මතකය = දැනුවත්භාවය යන ඒකාබද්ධ ප්රස්තූතය ‘consciousness’ ලෙස අර්ථකථනය කිරීමටය. එය විඥානවාදී හෝ පාරභෞතිකවාදී නිර්වචනයට වඩා භෞතිකවාදී අර්ථකථනයක් බවට පත් වූයේ ‘විද්‍යානුකූල පරිපථය’ එම අර්ථකථනය හරහා පැමිණීම හේතු කොට ගෙනය.
එලෙස ‘දැනුවත්භාවය’ (consciousness) පිළිබඳ භෞතිකවාදී සංකල්පය නූතන සමාජයට හිමිකර දුන්නේ ලොක්ය. 1694දී ප්‍රකාශිත ඔහුගේ ‘මානව අවබෝධය පිළිබඳ නිබන්ධනය’ නම් කෘතියෙහි, ඔහු ‘consciousness’ යන පදය අර්ථ දක්වා ඇත්තේ: “මිනිසෙකුගේ මනස තුළ සිදුවන දේ පිළිබඳව ඔහුටම ඇතිවන අවබෝධය” (the perception of what passes in a man’s own mind) ලෙසයි. මෙම රචනාව 18වන සියවසේ බ්‍රිතාන්‍යයේ භෞතිකවාදී දර්ශනය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ අතර, ලොක්ගේ මෙම අර්ථ දැක්වීම සැමුවෙල් ජොන්සන්ගේ (1709-1784) ‘ඉංග්‍රීසි භාෂා ශබ්දකෝෂය’ (A Dictionary of the English Language – 1755) නැමැති සුප්‍රසිද්ධ ශබ්දකෝෂයේ ලොක්ගේ ‘consciousness’ වචනයේ නිර්වචනය ඇතුළත් කළේය. ඉන් පසුව දිගින් දිගටම ඉංග්‍රීසි යෙදුම ‘consciousness’ යන ඉංග්‍රීසි ශබ්දකෝෂ තුළ පැවතුන නමුත් ලංකාවේදී ‘consciousness’ ඉංග්‍රීසි වචනයේ තේරුම ලෙස ‘විඥානය’ යන වචනය යොදාගත්තේය. එසේ සිදු වූයේ ‘ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂ’ මගින් ඉංග්‍රීසි වචනයට සිංහල වචනය ‘ආත්ම ඥානය’ විදහා දක්වන බෞද්ධ වචනය වන ‘විඥානය’ යන අර්ථකථනය එකතු කිරීම හේතු කොටගෙනය. ‘විඥානය’ යන වචනය විඥානවාදීන්ගේ සහ පාරභෞතිකවාදීන්ගේ නිර්වචන පැහැදිලි කරීමට යොදා ගත්තත් භෞතිකවාදී සංකල්ප විග්රහ කිරීමට යොදා ගැනීම සම්පූර්ණයෙන්ම වැරුදි භාවිතාවකි (විඥානවාදී ‘ආත්මය + ඥානය = විඥානය’ සහ පාරභෞතිකවාදී ‘ආත්මීය + ඥානය = විඥානය’ යන පෙර ලිපි පරිහරණය කරන ලෙස ඉල්ලමි).
ලොක්ගේ දර්ශනය තුළ ‘දැනුවත්භාවය’ (consciousness) යන පදය මගින්, කෙනෙකු තමාගේම මානසික ක්‍රියාකාරකම් — එනම් සිතුවිලි, සංජානන සහ හැඟීම් — පිළිබඳව දැනුවත්ව සිටින තත්ත්වය අදහස් කෙරේ. මෙය ලොක්ගේ ‘පුද්ගල අනන්‍යතාව’ (personal Identity) පිළිබඳ න්‍යායේ කේන්ද්‍රීය සංකල්පයකි. කාලයත් සමග පුද්ගලයෙකු එකම පුද්ගලයෙකු ලෙස ශරීරය පවත්වා ගෙන යන්නේ ඔහුගේ ‘ආත්ම ශරීරය’ හෝ ‘ආත්ම ඥානය’ නිසා නොව, ඔහුගේ ‘දැනුවත්භාවය’ නිසා බව ලොක් පැහැදිලි කරයි. ඔහු Self යන වචනයද ‘පුද්ගල’ අනන්‍යතාව ලෙස ‘ස්වයං’ (Self) පුද්ගල මනෝභාවය අවබෝධ කර ගැනීමේ අදහස ලෙසද එම වචනය වෙනස් නාමකරණයක් හඳුන්වා දුන්නේ එලෙසය.
විඥානවාදීන්ගේ සහ පාරභෞතිකවාදීන්ගේ පුද්ගල අනන්‍යතාවය පදනම් වී ඇත්තේ ආත්මය (spirit) ආත්මය (soul) යන තර්කයට විරුද්ධව ලොක් අලුත් තර්කයක් ගොඩනැගුවේ පුද්ගල (self) {ස්වයං} යන පද ස්ථාපිත කරමින්ය. ඒ ‘අත්දැකීම් + මතකය = දැනුවත්භාවය’ (experience + memory = consciousness) යන භෞතිකවාදී සංකල්පය මතය. එම කරුණ ගැන ‘මානව අවබෝධය පිළිබඳ නිබන්ධනය’ (1694) කෘතියේදී ඔහු යෝජනා කළේ, කාලයක් පුරා පුද්ගලයෙකු එකම අයෙකු ලෙස පවතින්නේ ස්වයං-දැනුවත්භාවයේ (පුද්ගල-දැනුවත්භාවයේ) සහ මතකයේ අඛණ්ඩතාව නිසා බවයි. පුද්ගලයෙකු යනු සිතීමේ හැකියාව සහ බුද්ධිය ඇති, ආවර්ජනය කිරීමට (තමා ගැනම සිතා බැලීමට) හැකි, එසේම විවිධ කාලයන් සහ ස්ථාන හරහා ‘තමා තමාම’ (one’s own self) බව හඳුනාගත හැකි ජීවියෙකි. ශරීරය වෙනස් වන අතර, අත්දැකීම් තුළින් ‘දැනුවත්භාවය’ ග්‍රහණය කරගත හැකි බවත්, යම් ශරීරයකට ආත්මය අනන්‍යතාවයක් ලෙස තහවුරු කළ නොහැකි බවද, ශරීරයක ආත්මයක් නොමැති බවද, ආත්මය සමග සම්බන්ධ දෙවියෙකු නොමැති බවද, ඔහු පැහැදිලි කළේය. ආත්ම ඥානය මිථ්‍යාව මත පදනම් වුණ පැරණි සංකල්පයකි. එම මිථ්‍යා සංක්පයෙන් භෞතිකය වටහාගැනීමට හෝ තේරුම්ගැනීමට වත් නොහැකි බව ලොක් පැවසුවේය.
අතීත ක්‍රියාවන් සහ සිතුවිලි වර්තමානය සමග ‘ස්වයංව’ සම්බන්ධ කරන්නේ ‘මතකය’ බව ලොක් අවධාරණය කරයි. යම් පුද්ගලයෙකු අතීතයේ කළ ක්‍රියාවන් හෝ ලැබූ අත්දැකීම් තමාට මතක නම් පමණක්, ඔහු අතීතයේ සිටි එම පුද්ගලයාම (එම ‘ස්වයං’ ඔහුම) වේ. අතීත සිදුවීමක් මතකයේ නොමැති පුද්ගලයෙක් නම්, පුද්ගල අත්දැකීම් සහිත දාර්ශනික දෘෂ්ටිකෝණයෙන් බලන විට ― වර්තමානයේ ජීවත්වන එම පුද්ගලයා ― එම අතීත අත්දැකීම ලැබූ පුද්ගලයා නොවේ. මෙම දෘෂ්ටිකෝණය මගින්, භෞතික හෝ අභෞතික ද්‍රව්‍යයකට වඩා ‘මනෝවිද්‍යාත්මක අඛණ්ඩතාව’ (psychological continuity) පුද්ගල අනන්‍යතාවයේ කේන්ද්‍රීය සාධකය ‘දැනුවත්භාවය’ බව ඔහු පැහැදිලි කළේ එලෙස.
විඥානවාදී ‘ආත්ම ඥානය’ (spirit knowledge) හෝ පාරභෞතිකවාදී ‘ආත්මීය ඥානය’ (subjective knowledge) යන සංකල්ප දෙක වෙනුවට ― ලොක් භෞතිකවාදී ‘ඉන්ද්රිය සංජානනය’ (sensory perception) හඳුන්වා දෙන ලදී. සංවේදනය යනු බාහිර වස්තූන් පිළිබඳ ‘දැනුවත්භාවය’ වන අතර, ආත්ම ඥානය ලෙස හඳුන්වන ආත්මීයත්වය (subjectivity) දෙසට යොමු වුණ දේව සංකල්පය ‘විඥානය’ (consciousness) ලෙස පැහැදිලි වන බව ඔහු පැහැදිලි කළේය. ආත්ම ඥානය මානව දැනුමට අදාල නොවේ. ආත්මයකින් ඥානයක් ලැබෙන්නේ නැත. ඒවගේම ආත්මීය ඥානය යනු හිස් බවකි. එවිට මොළය තුළ පවතින්නේ හිස් මනසකි. හිස් මනසක දැනුමක් හෝ චින්තනයක් හෝ සංකල්ප නැත. ඉන්ද්රිය සංජානනයෙන් ලබන ‘දැනුවත්භාවය’ යනු කෙනෙකු සිදුවන සිද්ධි හරහා මනස තුළ ඇතිකර ගන්නා අවබෝධයයි. මෙය පුද්ගලයෙකුට තමා ගැනම ආවර්ජනය කිරීමට ඉඩ සලසන අතර, කාලයක් පුරා තමා එම ලබන ‘අත්දැකීම්’ මගින් එම සිතන පුද්ගලයා බව හඳුනාගැනීමට හැකි වන්නේ ‘මතකය’ මගින් වර්ධනය වන ‘දැනුවත්භාවය’ තුළින් පමණි.
ලොක්ගේ න්‍යාය මගින් ‘පුද්ගලයා’ (person) හෝ ‘දැනුම’ (knowledge) යන භෞතිකවාදී සංකල්පය මගින්, ‘දෙවියා’ (God) හෝ ‘ආත්මය’ (soul/spirit) යන විඥානවාදී හෝ පාරභෞතිකවාදී සංකල්ප ඉවත් කරනු ලැබුවේ එලෙසය. ‘ස්වයං-දැනුවත්භාවය’ නොමැති ආත්ම ඥානයක් හිමි මානව ශරීරයක් යනු මිනිසෙක් විය නොහැකි නමුත්, දාර්ශනික අර්ථයෙන් ගත් කල ඔහු ‘පුද්ගලයෙක්’ ද නොවේ. පුද්ගල අනන්‍යතාවය තීරණය කරනු ලබන්නේ පුද්ගලයා “යමක් තේරුම් ගැනීමේ සහ වටහාගැනීමේ තත්ත්වය” (the state of understanding and realizing something) අවබෝධ කර ගැනීමෙන් ‘දැනුවත්භාවය’ වර්ධනය වන අතර, එය ජීවී මොළයක භෞතිකව පිහිටා තිබෙන අතර ― අභෞතික ආත්මයක හෝ පිටස්තර මනසක එය පිහිටා නැත. මෙම අදහස සාරාංශයක් ලෙස ගතහොත්; ලොක්ගේ දෘෂ්ටියට අනුව පුද්ගලයෙක් යන්නෙහි හරය වන්නේ දැනුවත්භාවයයි; මෙහිදී මතකය අතීත සහ වර්තමාන ස්වයංව එකිනෙක හා සම්බන්ධ කරන සබැඳියක් ලෙස ක්‍රියා කරන අතර, කාලයක් පුරා අනන්‍යතාවයේ අඛණ්ඩතාවයද රැක ගන්නේ ‘දැනුවත්භාවය’ මගිනි.
ලොක් ‘දැනුවත්භාවය’ යන්න අර්ථ දක්වන්නේ තමාගේම සිතුවිලි සහ අත්දැකීම් පිළිබඳව පවතින ‘දැනුවත්භාවය’ ලෙසයි; පුද්ගල අනන්‍යතාවය සහ සමාජ අනන්‍යතාවය ගොඩනැගීමේදී මෙය කේන්ද්‍රීය සාධකයක් බව ඔහු අවධාරණය කරයි. ඔහු තර්ක කරන්නේ, පුද්ගලයෙකුගේ අනන්‍යතාවය කාලයක් පුරා පවතින්නේ යම් ද්‍රව්‍යයක් හෝ ආත්මයක් හරහා නොව, දැනුවත්භාවයේ අඛණ්ඩතාව හරහා බවයි. ලොක්ට අනුව, ‘දැනුවත්භාවය’ ‘මතකය’ හා බැඳී පවතී; එනම්, අපට යමක් මතක තිබේ නම්, ඒ පිළිබඳව අපට ‘දැනුවත්භාවයක්’ ඇති අතර, අපගේ ‘ස්වයං’ (self) ස්වභාවය නිර්මාණය වන්නේ ද එමගිනි. මෙම දෘෂ්ටිකෝණයට අනුව, පුද්ගල පැවැත්මේ අඛණ්ඩතාව සඳහා පදනම වන්නේ ‘දැනුවත්භාවය’ යි.
ලොක් තවදුරටත් පැහැදිලි කළේ පුද්ගලික අනන්‍යතාවය මානසික අඛණ්ඩතාවයේ කාරණයක් බවයි. යම් පුද්ගලයෙක් අතීතයේ සිටි ආකාරයටම එකම පුද්ගලයා බවට පත් කරන්නේ ඔහුගේ දැනුම ̶ ඔහුගේ ස්වයං-දැනුවත්භාවය, අතීත සිතුවිලි සහ ක්‍රියාවන් පිළිබඳ ඔහුගේ මතකය ― ඔහුව එම පෙර අවස්ථාවන්ට සම්බන්ධ කිරීමට පසුපසට විහිදී යන්නේය. කෙටියෙන් කිවහොත්: “අනන්‍යතාවය රඳා පවතින්නේ ‘මතකය’ මත මිස ‘ද්‍රව්‍යය’ මත නොවේ.”
විඥානවාදී ‘ආත්මය + ඥානය = විඥානය’ හෝ පාරභෞතිකවාදී ‘ආත්මීය + ඥානය = විඥානය’ හෝ භෞතිකවාදී ‘අත්දැකීම් + මතකය = දැනුවත්භාවය’ යන ප්රස්තූත තුන ‘consciousness’ වචනය සම්බන්ධයෙන් ප්‍රධාන දර්ශනවාදී ධාරාවන් ඇතුළත පැවති විවාදය හා භාවිතයේදී පැවති වෙනසයි. ජෝන් ලෝක් භෞතිකවාදී ස්ථාවරය මොළයේ භෞතික ක්‍රියාකාරීත්වය සමග සම්බන්ධ කර ― භෞතිකවාදය විද්‍යානුකූල පරපථයකට සම්බන්ධ කර ― භෞතිකවාදී නිර්වචනය ගෙන ආවේ 17වැනි සියවසේදීය. ආගමික හෝ විඥානවාදී හෝ පාරභෞතිකවාදී පරිපථයේ පැවති මිථ්‍යා දෘෂෟටියට විරුද්ධව ස්වාභාවික භෞතිකවාදී පරිපථය ස්ථාවර කළේ විප්ලවවාදී අදහස් පද්ධතියක් එලෙස ජෝන් ලොක් විසින් ලොවට හඳුන්වා දීම මගිනි.
ලොක් මේ අදහස ගොඩනැගුවේ ‘ආත්මීය විඥානවාදය’ දේශනා කළ ප්ලේටෝගේ (ක්‍රි.පූ. 427-347) සහ නව ප්ලේටෝවාදීන් වූ ප්ලොටිනස් (ක්‍රි.ව. 204–270) සහ පාරභෞතිකවාදී ඇරිස්ටෝටල් (ක්‍රි.පූ. 384-322) නව පාරභෞතිකවාදී රෙනේ ඩෙකාට්ස් (1596-1650) වැනි දාර්ශනිකයන්ගේ මතයට විරුද්ධව භෞතිකවාදී මතවාදය ස්ථාවර කිරීම සඳහාය. ලෝකගේ මතවාදය කාල් මාක්ස් (1818-1883) සහ ප්‍රෙඩ්රික් එංගල්ස් (1820-1895) දෘෂ්ටිමය ලෙස භාවිතාවට දැමුවේ ජොන් ලොක් භෞතිකවාදී සම්ප්‍රදායට ජීවයක් දුන් ඉංග්‍රීසි භෞතිකවාදී දාර්ශනිකයෙක් ලෙස හඳුන්වා දෙමිනි.
මාක්ස්-එංගල්ස් ලොක්ගේ දාර්ශනික දැක්ම මාක්ස්වාදී දාර්ශනික දැක්ම සමග සම්බන්ධ කළේය. ඒ නිෂ්පාදන වටිනාකම පිළිබඳ අත්දැකීම් බෙදාගත් ශ්‍රම න්‍යාය සහ දේපළෙහි පොදු සම්භවය ඇතුළු ‘මානව පරිණාමීය දැනුවත්භාවය’ යන සංකල්පය මාක්ස්වාදී භෞතිකවාදී දාර්ශනික දෘෂ්ටියට විශාල විද්‍යාත්මක වැදගත්කමක් ගෙන ආවේය. මාක්ස් සහ ලොක් යන දෙදෙනාම විශ්වාස කළේ වැඩ කිරීමෙන් පමණක් අත්දැකීමක් සහ වටිනාකමක් නිර්මාණය වන බවත් එයින් ලබන ‘දැනුවත්භාවය’ නිසා මානව පොදු සම්භවය සකස් වන බවත්ය. එය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් ලෙස හෝ අද්භූත සාක්ෂි මත පදනම් වූ ඓතිහාසික කරුණක් ලෙස ඔවුන් පිළිගත්තේ නැත. මාක්ස් සහ ලොක් වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායට ද එකඟ වූ අතර, එය වැඩ කිරීමෙන් පමණක් වටිනාකමක් නිර්මාණය වන හිමිකාරිත්වයේ අයිතිය ලබා දෙන අදහසද ඔවුන් දෙනොගේම නිර්වචනන ලෙස පවතී. මෙම එකඟතාවය මගින් ලොක්ගේ අදහස් මාක්ස්ගේ දේශපාලන දර්ශනයට ඒකාබද්ධ කිරීමට ඉඩ සැලසුණු අතර, එය මාක්ස්-එංගල්ස් “ජර්මානු දෘෂ්ටිවාදය” (1845-46) නම් කෘතියෙන් පුළුල්ව සාකච්ඡාවට බඳුන් කළේය.
චමිල් ජයනෙත්ති
ලිපි 3ක, අවසාන ලිපියයි. අපි මීළඟ ලිපියෙන් ‘මිථ්‍යා විඥානය’ ගැන කතා කරමු.

![]()