Palestinian – Asia Commune https://asiacommune.org Equality & Solidarity Sat, 14 Feb 2026 12:35:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=7.0 https://asiacommune.org/wp-content/uploads/2025/08/cropped-you-tube-32x32.jpg Palestinian – Asia Commune https://asiacommune.org 32 32 Free Palestinian Political Prisoners and Detainees https://asiacommune.org/2026/02/14/free-palestinian-political-prisoners-and-detainees/ Sat, 14 Feb 2026 12:35:00 +0000 https://asiacommune.org/?p=11573 Free Palestinian Political Prisoners and Detainees. Robben Island (1)Download

Loading

]]>
Violent Nationalism and Palestine Protests in Amsterdam https://asiacommune.org/2024/11/22/violent-nationalism-and-palestine-protests-in-amsterdam/ Fri, 22 Nov 2024 00:55:07 +0000 https://asiacommune.org/?p=8203

This past week, we witnessed ugly scenes of violence and intolerance unfold in Amsterdam as Israeli football hooligans targeted Palestinians and Muslims in a chilling display of aggression. The response from the Dutch authorities and media has been disappointing, fueling a false narrative of anti-Semitism while stifling legitimate protests against Israel’s brutal occupation and apartheid policies. To unpack these complex dynamics, I am joined by Hassen Lorgat from the PSA.

#amsterdam #Football #Soccer #Palestine #israel #Sport

Loading

]]>
විසි එක්වන සියවසේ ලොව මිලේච්චතම වර්ණභේදවාදී රාජ්‍යය .. https://asiacommune.org/2024/11/08/%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd/ Fri, 08 Nov 2024 01:21:48 +0000 https://asiacommune.org/?p=8130 ඊයේ ස්වීට්සර්ලන්තයේ සෙන්ට් ගාලන් නගරයේ පල්ස්තීන් – ඊශ්‍රායල් ගැටුම ගැන සාකචාවක් පැවතුනා. සාකච්චාව සංවිධානය කර තිබුනේ ජාතිවාදයට එරෙහි සංවිධානය සහ තවත් සමාජ සංවිධාන රැසක සහභාගීත්වයෙන් . 

පලස්තීනුවන්ට එරෙහීව ඊශ්‍රායල ගෙන යන වර්ග සංහාරය සහ ලංකාවේ සිංහල ආන්ඩු සුළුතර දෙමළ ජනයාට එරෙහීව ගෙන ගිය වර්ග සංහාරයෙහි සමාන කම් තිබෙනවා. 

එහෙත් ලංකාව ව්‍යවස්ථානූකුලව වර්ණභේදවාදී රාජ්‍යයක් නොවුනද ඊශ්‍රායලය ව්‍යවස්ථාවෙන්ම වර්ණ භේදවාදී රාජ්‍යයක් . එහි ස්වාධිපත්‍යය පිහිටා ඇත්තේ යුදෙව් ජනයාට පමනයි. ඊශ්‍රායලය තුල සිටින පලස්තීන ජනයාට ඒ හා සමාන අයිතිවාසිකම් හිමිවන්නේ නැහැ. ඊට අමතරව ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් වාඩීලා සිටින ජනයාට කිසිදු අයිතියක් තියා , ජීවත්වීමට තිබෙන අයිතියත් අහිමිවෙලා.

මෙම සාකච්චාවේදී කරුනු පැහැදිලි කලේ පලස්තීන සිවිස් සමාජ ක්‍රියාකාරීනියක්. එහි දී හෙලිදරව්කල කරුණු අනුව ඊශ්‍රායලය කොතරම් බිහිසුනු වර්ණභේදවාදී රාජ්‍යයක් ද කියා හිතෙනවා. 

ඉතා දරුණු විදියට පලස්තීනුවන්ගේ ජීවිත පාලනය කරන ඊශ්‍රායලය .. ඔවුන් ගේ කන බොන දේ සිට ගමන් කල යුතු වෙලාවල් පවා පාලනය කරනවා.

ඊශ්‍රායලය තුල සිරගත කරසිටින පලස්තීන දරුවන් ගනන 22,000 කට අධිකයි. ඒසේම කාන්තාවන් සහ ළදරුවන් ඔවුන්ට එරෙහීව කෙරෙන ලිංගීක හිරිහැර. ඊශ්‍රායලය තුල ජීවත්වන පලස්තීනුවන් නීතීයෙන්ම යුදෙවන්සේ සමාන අයිතීන් නැති අය.

මොන කාරනා කීවත් ලෝක සම්මත සෑම නීතීයක් සම්මුතියකට ඉහලින් සිටිනා ඊශ්‍රායලයට මනුශ්‍යත්වයට එරෙහි අපරාධ කිරීමට හයිය ලැබෙන්නේත් ඔවුන්ගේ ධනවත් කම සහ ලෝක බලවතුන්ගෙන් ඔවුන්ට කොන්දේසී විරහිතව ලැබෙන සහාය. 

මොකද ආයුධ ජාවාරම්කරුවන්ට මිනිස් ජීවිත වලට වඩා වටින්නේ ලාබය…ඊශ්‍රායලයට යවන සෑම වෙඩි උන්ඩයකම තිබෙන්නේ ලාබය .. ඊශ්‍රායල් ත්‍රස්ත හමුදා මේවනවිට ඝාතනය කර ඇති අයගෙන් 70% ක් ළමුන් සහ කාන්තාවන්. ඒ සෑම ලේ බිංදුවකින්ම ඇමරිකාව ඇතුලු බටහිරට ගෙන එන්නේ ලාබය.

ඊශ්‍රායලය විසින් ඝාසා සහ බටහිර ඉවුරේ එක්සත් ජාතීන්ගේ සහන සේවා ක්‍රියාත්මක වීම මේ වනවිට තහනම් කර තිබෙනවා.එහි අරමුන සෞඛ්‍ය සහ අනෙකුත් සහන නතරකර පලස්තීනුවන් සහගින්දරේ තමා වර්ග සංහාරය වේගවත් කිරීම.

තම ප්‍රතිවාදීය සහගින්දරේ තබා සහ සමූල ඝාතනය කර සාමය සංහිදියාව ඇතිකල හැකියැයි ඊශ්‍රායලය හිතන්නේ නම් එය එසේ නොවන බවට හොදම උදාහරණය ලංකාව සහ වසර තිහක් පුරාවට උතුරට සම්බාදක දමමින් ගෙන ගිය යුද්ධය …

by – Sarath Maddumage

Loading

]]>