එක්නැලිගොඩ අතුරුදන් කිරීම: ඇප ලබා සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 09 දෙනා ලබන 13 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් 2016 වසර තුළ දී අත් අඩංගුවට ගනු ලැබූ මෙම හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අවස්ථා කිහිපයක දී ඇප මත මුදාහරිනු ලැබී ය.

Loading

Related posts